සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලෝක වෙළඳපලේ ගංජා අතිරික්තයකට කරන්නට දෙයක් නැතිවෙද්දී ගංජා වවා ගොඩයන්න හදන ගංජා ගහපු ආණ්ඩුව!

by editor
ජූනි 19, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි

අපනයනය සඳහා පමණක් ගංජා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.

වාර්තා වන අන්දමට ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භුමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ගංජා වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇතැයි ද සඳහන්ය.

විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීමට නීතීමය ප්‍රතිපාදන නොමැති රටක් නිසාදෝ පසුගිය සතියේ මෙම පුවත මහත් කතා බහට ලක්වනු දක්නට ලැබිණි.

රජයේ ඉඩම්වල ගංජා වැවීමට ප්‍රතිපාදන ඉදිරියේ දී සකස්වන ආකාරය ගැන අපට අවබෝධයක් නොවේ. නමුත් ගංජා සඳහා ලෝකයේ පවතින ඉල්ලුම හා සැපයුම පිළිබඳ දල අදහසක් ඇති නම් ගංජා ගැසූ එකෙක් මිස පියවි සිහියෙන් වැඩ කරන එකෙක් ගංජා විදෙස් රටවලට අලෙවි කොට ඩොලර් උපයන්නට හිතන්නේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝලීය ගංජා වෙළඳපලේ ස්වරූපය

ගෝලීය ගංජා වගා වෙළඳපල ප්‍රමාණය 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 392.1 ක් අගය කර ඇත. මීට අමතරව, ගංජා වගාවට අදාළ නීති ලිහිල් කිරීම, විවිධ භූගෝලීය ප්‍රදේශවල මරිජුවානා නීතිගත කිරීම ගංජා වගාව සඳහා වෙළඳපල තල්ලු කරන සාධක බවට පත් වී ඇත.

නමුත්, වසර පහකට පමණ පෙරකැලිෆෝනියාවේ විශාලතම වෙළෙඳපොළක්ව තිබූ ගංජා අලවිය පළමු වරට අඩු වූ බව forbes සඟරාව 2023 පෙබරවාරි 28 දා පළ කළ වාර්තාවකින් කියා තිබිණි. කැලිෆෝනියා බදු සහ ගාස්තු පරිපාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2022 දී නීතිමය ගංජා විකුණුම් ඩොලර් බිලියන 5.3 දක්වා ළඟා වූ අතර එය 2021 දී 8.2% කින් අඩු විය.

මෙහිදී ගංජා සිල්ලර විකුණුම් පහත වැටීම යන්නෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයා අධික බදු ගෙවීමෙන් වෙහෙසට පත්ව සිටින බැවින් නීතිමය නිෂ්පාදන වෙනුවට එය මිතුරෙකුගේ මිතුරෙකුගෙන් හෝ කෙළවරේ සිටින පුද්ගලයාගෙන් මිලදී ගැනීමට පෙළඹී සිටීමය.

2022 දී Huckleberry Hill හි සියලුම ගංජා නිෂ්පාදන විකුණා තිබියදීත්, Casali නම් ව්‍යාපාරිකයා විසින් වසර සඳහා ඩොලර් 50,000 ක පාඩුවක් වාර්තා කළේය. කැලිෆෝනියාවේ ගංජා තොග මිල ය වසරින් වසර 26% කින් පහත වැටී ඇති බව Cantor Fitzgerald පවසයි.

පසුගිය ගිම්හානය වන විට, කැලිෆෝනියාවේ ගංජා තොග මිල 50% ට වඩා අඩු වී ඇති බව ආයතනික ශ්‍රේණියේ තොග මිල ගවේෂකයෙකු වන New Leaf Data Services පවසයි.

ග්‍රෑමයක සිල්ලර මිල අඩු වී ඇති අයුරු – මූලාශ්‍රය ෆෝබස්

ෆෝබස් සඟරාව කියන කතාවක්

ඒහිදී forbes සඟරාව මෙසේද කියයි.

“මේ සියල්ලෙන් අදහස් කරන්නේ මිලියන 40 ක පදිංචිකරුවන් සඳහා නීත්‍යානුකූල බෙහෙත් ශාලා 1,000 ක් පමණ ඇති කැලිෆෝනියාවේ – එහි දේශසීමා තුළ නීත්‍යානුකූලව පරිභෝජනය කළ හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ගංජා වගා කරන බවයි.”
“ගංජා අතිරික්තය නීතිමය කර්මාන්තයේ මිලට සහ නීතිවිරෝධී වෙළඳපොලෙන් දැඩි තරගයකට හේතු වී තිබේ.”

“ කැලිෆෝනියාවේ සහ වෙනත් ප්‍රාන්තවල බලපත්‍ර සහිත ආයෝජකයෙකු පවසන්නේ ෆෙඩරල් අපරාධයක් වන නීත්‍යානුකූල නොවන ගංජා වැඩි වශයෙන් අපනයනය කරන බව තමා දකින බවයි. එබැවින් රාජ්‍යය තුළ බෙදී ගිය වෙළඳපොළක් වෙනුවට – නීත්‍යානුකූල සහ නීති විරෝධී ක්‍රියාකරුවන් සහිත එකක් – මේ දෙක අතර වැඩි අන්තර් ක්‍රියාකාරිත්වයක් පවතී.. “ යනුවෙනි.

කැමරිලෝ හි වර්ග අඩි මිලියන 1.5 ක හරිතාගාරයක් සහිත කැලිෆෝනියාවේ මෙගා ගංජා නිෂ්පාදකයෙකු වන ග්ලාස් හවුස් බ්‍රෑන්ඩ්ස් හි සම නිර්මාතෘ ග්‍රැහැම් ෆරාර් පවසා ඇත්තේ 2021 ට වඩා 2022 දී කැලිෆෝනියානුවන් අඩුවෙන් ගංජා දුම් පානය කළ බව ඔහු නොසිතන බවයි. ෆාරාර් සිතන්නේ මේ බිඳවැටීමට හේතුව නීති විරෝධී ගංජා වෙළඳපොල බවයි. මිල අනුව නීත්‍යානුකූල වෙළඳපල අභිබවා යමින් පාරිභෝගිකයන් අඩු මිල ගණන් සොයා යයි. ෆාරාර් පවසන්නේ තාවකාලික බදු විරාමයක් ඇත්නම් එය ගංජා කර්මාන්තයට උපකාරී වනු ඇති බවය..

ෆරාරිගේ මේ පැහැදිලි කිරීම්වලින් අදහස් වෙන්නේ මේ වන විට ගංජා සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇති බවය. ඒසේම නීති විරෝධි වගාවන් නිසා ලෝකයේ රටවල අතිරික්ත ගංජා නිෂ්පාදනයක් පවතින බවය.

ගංජා මිල ලෝක වෙළෙඳපල තුළ පහත වැටී ඇති ආකාරය – මූලාශ්‍රය ෆෝබස්…

අප ගංජා වවා පිටරට පටවමින් ගොඩයන්න හදන්නේ මේ ලෝක වෙළඳපල තත්ත්වයක් තුළය.

ලෝක වෙළඳපලේ ගංජා අතිරික්තයත්  

නීත්‍යානුකූලව ගංජා වවන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජාත්‍යාන්තර දැක්ම වන්නේ දිගු කාලීන ගංජා ව්‍යවසායකයින් සඳහා නීතිමය වෙළඳපොළ ප්‍රමාණවත් ආර්ථික දිරිගැන්වීමක් ලබා නොදෙන්නේ නම් මෙම ව්‍යාපාරය පවත්වා ගත නොහැකි බවය.
“නීත්‍යානුකූල වෙළඳපොළට ඇතුළු වූ පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ නීත්‍යානුකූල වෙළඳපොලේ රැඳී සිටීමටත් රාත්‍රියේ හොඳින් නිදා ගැනීමටත්ය” යනුවෙන් ප්‍රකට ගංජා ව්‍යවසායකයෙක් වූ කැසාලි පවසයි. ඔවුන් පවසන්නේ තත්ත්වය මෙය නම් ඔවුන්ට ඇති විකල්පය නීත්‍යානුකූල නොවන වෙළෙඳපලට ඇතුළුවීම බවය.

ලොව පුරා කංසා නීතිගත කිරීමත් සමඟ වෙළෙදපොළේ නිෂ්පාදනය වැඩි වීමත්, අධික බදු හමුවේ නිපදනවන නීතීමය නිෂ්පාදනවලට නීති විරෝධි නිෂ්පාදන සමඟ තරග කිරීමට නොහැකි වීමත් මේ වනවිට ලෝකය ඉදිරියේ ඇති ගැටලුව වී තිබේ. සමස්ථයක් ලෙස අවසානයේ දී සිදු වී ඇත්තේ මුළු නිශ්පාදනයන්හිම මිල අඩු වීමය. එමෙන්ම ලෝක මට්ටමින් අතිරික්ත කංසා නිශ්පාදනයක් ඇති වී තිබීමය.

ඒසේම, OPB වෙබ් අඩවිය 2023 ජුනි 14 වැනිදා පල කළ ප්‍රවෘත්තියකින් කියන්නේ වසර හතකට පෙර මරිජුවානා කර්මාන්තය නීතිගත කිරීමෙන් පසුව ඔරිගන්හි විනෝදාත්මක ගංජා කර්මාන්තය නරකම ආර්ථික තත්වයන්ට මුහුණ දී සිටින බවය.
මරිජුවානා ග්‍රෑම් එකක සාමාන්‍ය මිල ඩොලර් 4 දක්වා පහත වැටී ඇති බවත් එය මෑත රාජ්‍ය අයවැය පුරෝකථනයකට අනුව වාර්තාගත අඩු අගයක් බවත් ඒම ප්‍රවෘත්තිය කියා සිටියි. .

TJ Sheehy ඔරිගන් මත්පැන් සහ ගංජා කොමිසමේ විශ්ලේෂණ සහ පර්යේෂණ අධ්‍යක්ෂවරයා වේ. ඔරිගන් සිල්ලර වෙළෙන්දන්ට නව පාරිභෝගිකයන් නැති වී යන බවත් එය ඉල්ලුම අඩු කරන බවත් ඔහු ඒම වෙබ් අඩිවියට කියා තිබිණි.

” මිලට වඩාත් සංවේදී වූ සහ නීති විරෝධී වෙළඳපොළට සාපේක්ෂව මිල මත පදනම්ව පරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ තීරණ කරනු ලබයි. ඔවුන් දැනටමත් ඒම වෙළඳපොළට ඇතුළු වී ඇත,” Sheehy පැවසීය. “ඒ නිසා අපිට පැත්තක ඉන්න අය තව දුරටත් අපේ වෙළඳපලට පැමිණෙන්නේ නැහැ.” ඔහු කියා තිබේ.

Sheehy පැවසුවේ ගොවීන් අවම වශයෙන් වසරකට පෙර මරිජුවානා වගා කිරීමට සැලසුම් කර ඇති නිසා, පාරිභෝගික ඉල්ලුමේ වෙනස්කම් අපේක්ෂා කිරීම දුෂ්කර බවය.එය වත්මන් අධික සැපයුම නිර්මාණය කිරීමට උපකාරී වී ඇත.

ඔරිගන්හි ගංජා වලින් 85% ක් පමණ එළිමහනේ වගා කරන බව ෂීහි පැවසීය. ෂීහිට අනුව පසුගිය වසරේ ඉල්ලුමට වඩා දෙගුණයක් පමණ ගංජා සැපයුමක් තිබුණි.

ඉලිනොයිස් නිම්නයේ නීත්‍යානුකූල ගංජා ගොවිපලක් ඇති වගාකරුවෙකු සහ නිෂ්පාදකයෙකු වන East Fork Cultivars හි ප්‍රධාන විධායක නිලධාරී මේසන් වෝකර් පැවසුවේ මේ වසර තුළ ඔවුන් බරපතල අලාභයක් සහිතව කණගාටුවෙන් යුතුව නිමා කිරීමට අපේක්ෂා කරන බවය.

“පාරිභෝගික ඉල්ලුම අඩුවෙමින් පවතින නිසා බොහෝ සිල්ලර වෙළෙන්දන් ඔවුන්ගේ බඩු තොග සඳහා විශාල වට්ටම් ලබා දෙන බව මම සිතමි. සිල්ලර වෙළෙඳපල මට්ටමේ මිල තරගයක් තිබේ.”යනුවෙන් වෝකර් ත කියා තිබිණි.

2023 වසරේ අප්‍රේල් 1 වැනිදා බොස්ටන් නිව්ස් පල කළ ලිපියකින් කියන්නේද මැසචුසෙට්ස් හී ගංජා අධි සැපයුමක් පවතින නිසා වෙළෙඳපොළේ ගංජා මිල අඩු වී ව්‍යාපාරිකයන් අපහසුතාවට පත් වී ඇති බවයි.

රාජ්‍ය දත්තවලට අනුව මැසචුසෙට්ස් හි නීත්‍යනුකූල ගංජා සඳහා පාරිභෝගිකයන් ගෙවන මිල වසර පහකින් අඩු මට්ටමක පැමිණ ඇත. එය පාරිභෝගිකයන් සඳහා කෙටි කාලීන ජයග්‍රහණයක් වුවද, ව්‍යාපාර සඳහා දිගු කාලීනව එය නරක ආරංචියක් බව ඒම ප්‍රවෘත්ති ආයතනය කියා තිබේ.

බෝගයේ තොග වටිනාකම විශාල ලෙස අඩු වී ඇති අතර, සිල්ලර මට්ටමින්, ව්‍යාපාර විසින් කෙටි කලකට පෙර ඔවුන් ගෙන ආ ආදායමට සමාන කිරීමට කලින් ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ අලෙවි කළ යුතුව ඇති බවත් ඒහිදී කියැවේ.
මැසචුසෙට්ස් හි Nature’s Remedy හි මව් සමාගම වන Jushi හි ප්‍රධාන උපාය මාර්ග අධ්‍යක්ෂ ට්‍රෙන්ට් වොලොවෙක් පැවසුවේ “වෙළඳපොළ තුළ යම් යම් ස්වභාවික දිරාපත්වීමක් සිදුවනු ඔබ දකිනු ඇති” බවයි.

කර්මාන්තයේ බහුවිධ ව්‍යාපාරික විධායකයින් NBC10 Boston වෙත පවසන්නේ නිෂ්පාදනයේ අධික සැපයුම මිල පහත වැටීමේ ප්‍රධාන වැරදිකරු බවයි. 2023 පළමු මාස දෙක තුළ වැඩිහිටි භාවිත විකුණුම් ඩොලර් මිලියන 200 කට ආසන්න නමුත් සැපයුම ඉල්ලුම අභිබවා යන බවට වාර්තා සපයා තිබේ.

ගංජා සඳහා අධි අධි සැපයුමක් පවතින බවත් ඉල්ලුම් සැපයුම් න්‍යාය කුළු ගන්වමින් අධි සැපයුමට සාපේක්ෂව වෙළෙඳපොළේ ගංජා මිල බොහෝ සෙයින් අඩු වී ඇති බවටත් මේ ගෙන හැර දක්වා ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. ඒයට උදාහරණ ඔිනෑ තරම් ගූගල් සෙවුමෙන් ඉතාම පහසුවෙන් ඔබට සොයා ගත හැකිය.

රජයේ ඉඩම්වල ගංජා වගාකොට විදෙස් රටවලට විකුණා ඩොලර් ගේනවා යැයි උජාරුවට පැවසීඹ පහසුය. නමුත් ලෝකයේ පවතින ගංජා අධි සැපයුම හමුවේ ශ්‍රී ලංකාවේ ගංජා නිෂ්පාදනය කාල් අස්සේ අරුක්කාල් පමණක් වනු බව ‌මොළයක් ඇති ඔ්නෑම පංචස්කන්ධයකට තේරුම් යනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීනයට විරුද්ධ වෙන අය සොයන්න ටික් ටොක් පාවිච්චි කරයි ! අධිකරණයේ දී හෙළිවන කතාවක්…

Next Post

කොලොන්නාවේ  වෙඩි තැබීම ගැන විමර්ශන අරඹයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.