ඊයේ රාත්‍රියේ කොලොන්නාවේ දී පුදගලයෙක් ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධව වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් කොලොන්නාව අයි.ඩී.එච් පාරේ පළතුරු කඩයක් අසල සිටි මෙම පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ කොලොන්නාව අයි.ඩී.එච්. පාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කේ.එම්.ඒ. ගිහාන් මධුසංඛ නැමැති වාහන පින්තාරු කරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.