චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් හොංකොං හි සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ සහ අණ්ඩුවට විරෝධතාවය පළකරන පිරිසගේ පුද්ගලික දත්ත පරීක්ෂා කිරීමට සහ ඔවුන් හඳුනා ගැනීමට සහ සොයා ගැනීමට ටික්ටොක් හී හිමිකාරිත්වය දරණ බයිට්ඩාන්ස් සමාගමට බලපෑම් කළ බව සමාගමේ හිටපු විධායක නිලධාරියෙක් පසුගියදා අධිකරණයට කරණු ගොනු කරමින් පවසා ඇති බව වාර්තා වේ. .
ඇමරිකා එක්සත් ජනපදය තුළ බයිට්ඩාන්ස් සමාගම වෙනුවෙන් සේවය කළ හිටපු ඉංජිනේරු ප්‍රධානියෙකු වන යිනටාඕ රොජර් යූ විසින් සමාගමේ බීජිං කාර්යාලවල ස්ථාපනය කර ඇති චීන රජයේ විශේෂ කමිටුවක් පිළිබඳ මෙහිදී විස්තර කර තිබේ.
එහිදී එක්සත් ජනපදයේ පරිශීලකයින්ගේ දත්ත ඇතුළුව වේදිකාවේ ඇති සියලුම දත්ත නිරීක්ෂණය කළ බවද ඔහු පැවසීය.
“චීන කොමියුනිස්ට් පක්ෂයේ නිරීක්ෂණවලින් දත්ත ආරක්ෂා කිරීම සඳහා බයිට් ඩාන්ස් ස්ථාපනය කර ඇතැයි කියනු ලබන ඕනෑම ආරක්ෂිත ක්‍රමවේදයකටම පසුකර යාමට හැකියාව පවතින පිටුපස දොරක් ලෙස මෙය ක්‍රියාත්මක විය” යනුවෙන් ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ හි රාජ්‍ය අධිකරණයට ගොනු කර ඇති කරුණුවල ඇතුලත්ය.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ බයිට්ඩාන්ස් සමාගම චීනය පාලන බලය හිමි චීන කොමියුනිස්ට් පක්ෂයේ අවශ්‍යතා සපුරාලීම උදෙසා කටයුතු කරමින් සිටින බවයි.
මෙහිදී අදාළ ඉංජිනේරුවරයා විසින් තමන් හොංකොං හී පැවැති විරෝධතාවලට සහය පළකරමින් පළවූ දෑ ජනතාව අතරට යෑම කෘතිම ව නවතා දමා ඇති බවත් විරෝධතාකරුවන්ට විරෝධය පළකර දෑ ජනතාව අතරට පහසුවෙන් ගලායාම කටයුතු සලස්වා ඇති බවට නිරීක්ෂණය කළ බවටද සඳහන් කර ඇත.
ඒ අනුව චීන රජයේ අදිසි හස්තයක් ටික්ටොක් හී ක්‍රියාත්මක වන බවත් එය ඉතා බරපතල බලපෑම් ඇති කරන බවටද ඔහු විසින් පෙන්වා දී තිබේ.