සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලොක්කන් බලන් ඉද්දී රුපියල් 50 000 බැගින් අවසන් රන්දෝලි පෙරහරට ආසන මිල කර පෙරහැර වික්ක හැටි!

by editor
සැප්තැම්බර් 2, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලෝකයේ ඉහළම සංස්කෘතික මංගල්‍යයක්  ලෙස ගෞරවයට පාත්‍ර වූ සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්ලය දින දහයක් රාත්‍රියේ වීදි සංචාරය කර හමාරය.

ඒ උදෙසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන පෙරහර භාරය එක්ව සාකච්ඡා පැවැත්වූයේ ජූලි 10 වැනිදා සිටය. ඒ සෑම සාකච්ඡාවක දීම මහනුවර නගර සභාව විදුලිය, මහා මාර්ග ප්‍රවාහනය, ආහාර, කැලි කසල බැහැර කිරීම, සෞඛ්‍යය, හදිසි අවස්ථා, ගිනි නිවන හමුදාව,  පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව මූලික කොට ගත් සෙසු සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව දීර්ඝ සාකච්ඡා කොට සැලසුම් සකස් කළහ.
එම සාකච්ඡාවල හරය ප්‍රායෝගිකව අත්විඳින්නට ලැබුණේ පෙරහැර දින 10 තුළ දීය.

ආසන ජාවාරම

මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ආසන සොයා පැමිණෙන දෙස් විදේස් පිරිස් දැඩි අපහසුතාවට පත් කරමින් අවසන් රන්දෝලි පෙරහර දින දෙකේ ආසන රුපියල් 35000- 50000 දක්වා වූ මිලකට අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක විණි.
ඇතැම් ස්ථානවල පෙරහර ආසන තැරව්කරුවන් මගින් විදේශිකයින්ට මිලට ගැනීමට සිදුව තිබූයේ රුපියල් 50000 කටත් වඩා වැඩි මුදලකටය.

කුඹල් පෙරහැර වීදි සංචාරය කළ දින පහ අතරවාරයේම ආසන වෙන් කර ගැනීමේ ගැටලුවක් ඇති විය.  නගරයේ වීදිවල වෙළඳසැල් ඉදිරිපිට ආසන විකිණීම සඳහා අමතර පුටු යෙදවීමත් පිළිබඳ ප්‍රශ්නය පැන නැගිණි. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායකද මැදිහත්ව වෙළඳසැල් ඉදිරිපිට ඉදිකරමින් තිබූ කුඩා පීඨිකා ඉවත් කිරීමට  කටයුතු කළේය. ගැටලුව තරමක් දුරදිග යෑම මත මේ සම්බන්ධව පෙරහර භාරය 23 දා හෙවත් තෙවැනි කුඹල් දා විශේෂ සාකච්ඡාවක් ද  පැවැත්වූයේය. එහිදී මේ ගැටුව සාකච්ඡාවට ගැනුණි.    පෙරහැර නැරඹීම සඳහා ආසන වෙන් කිරීමට ඇති ටිකට්පත් හි මිල ගණන් සඳහා නියාමනයක් සිදුකළ යුතු බවට තීරණය විය.

එහෙත් අහවල් නියාමනයක්වත් තිබුනේ නැත.  මෙවර ඇසළ පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජනතාව වැඩි වශයෙන් උනන්දුවීම සැලකිල්ලට ගනිමින් පෙරහර ගමන් ගන්නා වීදි වල ඇති ව්‍යාපාරික ස්ථානයන්හි පෙර වසර වලට වඩා ආසන පැනවීම් සිදුකර තිබිණි.
සිව්වන කුඹල් පෙරහර වීදී සංචාරය කළ 24වැනි දින ස්ථාන ගණනාවක ආසන අළෙවි කර ඇත්තේ රුපියල් 12000- 20000 අතර මුදලකට ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙරහර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාව මේ ආකාරයෙන් ගසා කෑමට ඉඩ දී බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මේ වනවිට බොහෝ දෙනෙකු ගේ විවේචනයට ලක්ව ඇත.

නගරසභාවේ ආසන  මිල ගණන්

මහනුවර මහ නගර සභාව මගින් රැජිණ හෝටල් කොරිඩෝවේ ආසන පැනවීම් සිදුකර තිබිණි.  ආසන මිල ගණන් පෙරහර ආරම්භ වීමට මාස දෙකකට පමණ පෙර ප්‍රසිද්ධ කිරීමට නගර සභාව කටයුතු කළේය.

ඔන් ලයින් ඔස්සේ ආසන වෙන්කර ගැනීමේ පහසුම් සැලසීමට ද නගර සභාව ක්‍රියා කර තිබිණි. රැජිණ හෝටලයේ කොරිඩෝවේ පමණක් ආසන තුන්සිය අසූවක් සකස් කොට තිබූ අතර පළමු රන්දෝලි පෙරහැර වනවිට රුපියල් ලක්ෂ 60 ක පමණ ආදායමක් ආසන විකුණා නගර සභාව ලැබුවේය.

අවසන් රන්දෝලි පෙරහරේ පළමු පෙළ ආසනයක් රුපියල් 25000 කට නගර සභාව මගින් මිල නියම කර තිබිය දී වෙනත් ස්ථාන වල එම දිනයේ ආසනයක මිල නියම කර තිබූයේ රුපියල් 40000-50000 අතර මුදලකට ය.

නගර සභාව හැර වෙනත් කිසිදු ස්ථානයක ආසන මිල ගණන් ප්‍රසිද්ධ කර නොමැති අතර මේ නිසා ඔවුන් සිතූ මිල ගණන් වලට ආසන අළෙවි කිරීමට පෙළඹූනහ. අදාළ තත්ත්වය සම්බන්ධව වාර්තා වීමත් සමඟ පෙරහර ආසන අළෙවි කරන මිල ගණන් සම්බන්ධව බුද්ධි අංශ මගින් වාර්තා ලබා ගත්තේය.

පෙරහර ආසන ඉතා අධික මිල ගණන් වලට අළෙවි කිරීම සම්බන්ධව තමන්ටද තොරතුරු ලැබී තිබෙන බවත් මේ සම්බන්ධව සොයා බලා කඩිනමින් පියවර ගන්නා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ කියා සිටියේය. එහෙත් ඔහු පෙරහැර සාකච්ඡාවට සහභාගිවන්නේත් නැත.    පෙරහැර සාකච්ඡාව නුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වේ.  මේ තාක් කිසිදු වසරක   ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වා නැත.

රෙදි පල්ලෙන් බේරෙන පුරාසාරම්

පෙරහර සාකච්ඡාව සඳහා පැමිණෙන නිල මඩුල්ල කුමන පුරසාරම් දෙඩුව ද පෙරහැර දින දහය තුළ මහජනතාව අත්විඳින ප්‍රායෝගික ගැටලු  ඒ අයුරින්ම තිබුණේය.  ප්‍රධානම ගැටලුවක් වූයේ ප්‍රවාහන පහසුකම් ය.

අවසන් පෙරහැර පැවති 30දා රාත්‍රියේ සියලුම ප්‍රදේශ කරා ප්‍රමාණවත් ලෙස  විධිමත් ප්‍රවාහන සේවාවක් සංවිධානය කර තිබුණේ නැත.
පෙරහැර  සාකච්ඡාවකින් කළ යුතුව ඇත්තේ මෙවැනි ප්‍රබල ගැටලු විසඳීම සඳහා අවස්ථා සොයා ගැනීමය.  ඒත් මේ පෙරහර සාකච්ඡාවේ එක් අවස්ථාව බොහෝ වේලාවක් ගත කළේ  සමපෝෂ අග්ගලා බෙදා දීම ගැන කතා කරන්නටය. පෙරහැර දින දහය තුළ නරඹන්නන් වෙත අග්ගලා බෙදාදීම සෞඛ්‍ය ආරක්ෂිත කටයුත්තක් නොවන බවට පෙරහැර සාකච්ඡාවේදී සෞඛ්‍ය අංශ පෙන්වා දෙමින් සිටියදී ඒ අත්‍යවශ්‍ය බව කියමින් මධ්‍යම පළාත් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයා නැටූ පිස්සුවේ තරම  අපත් දුටුවේය. මෙවැනි ගොබ්බ කතා කියමින් සාකච්ඡාව අල කිරීමේ  නියත ප්‍රතිඵල  දක්නට ලැබුණේ පෙරහැර ගමන් ගත් දින දහය තුළ ය.
ජවාරමුන්ට, ඉඩ නොතබන, පෙරහර අතර ඩීල් දාන නිලධාරීන්ට ඒ සඳහා අවසර නොලැබෙන, හැමදාම අත් විඳින ප්‍රායෝගික ගැටලුවටලට විසඳුම් ලැබෙන පෙරහර මංගල්‍යයක් ලබන අවුරුද්දේ හෝ ප්‍රාර්ථනා කරමු.  පෙරහරේ නාමයෙන් මිනිස්සු ගසා කන්නට යනවා නම් වස් වදින්නේ රටට බව පෙරහර කරවන ඇත්තන් සිහි තබා ගත යුතු වන්නේ ඔවුන්ට ඔවුන්ගේ හෘද සාක්ෂිය ද ප්‍රශ්න කිරීමට ඉඩ තබමිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහදවල් පැමිණ වෙඩි තබා මරණ  රට විකල් කළ ඝාතන රැල්ල!

Next Post

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.