බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම

වසරකදී රන් පදක්කම් 9ක් ශිෂ්‍යත්ව සහ සම්මාන 15ක් හිමි කර ගත් පේරාදෙණියේ පළමු වෛද්‍ය සිසුවා

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2023 - Updated on සැප්තැම්බර් 3, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය

පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළොවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව හිමිකරගෙන තිබුනේ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල් දළුගම වෛද්‍ය සිසුවාය. එම සම්මාන ලබාගෙන තිබුණේ 2013 වසරේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ය.

බොහෝ සුවිශේෂී වන්නේ ඒ නිසාම නොවේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා ලෙස 2022 වසරේදී පත්වීමත් සමගය.

ඔහු අපට හමු වන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීය. වයස අවුරුදු 35 ක් සපුරන කායික රෝග විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම වෛද්‍යවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස ද සේවය කරන බව දැනගත් මොහොතේ ඔහු පිළිබඳ සොයාබැලීමට උනන්දු වීමි.

මේ වන විට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වරුන්ගේ විද්‍යායතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලය සභාපති වරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණායතනයේ සම්බන්ධීකාරකවරයා ලෙසද කටයුතු කරන මහාචාර්ය දළුගම දෙස් විදෙස් සුපතළ වෛද්‍යවරයෙකි.

වසර 1987 පෙබරවාරි 21 වැනි දින නාලිනී චම්පිකා( විශ්‍රාමික ගුරු) මව ගේත් දයානන්ද දළුගම ( විශ්‍රාමික බැංකු කළමනාකරු) පියාගේත් කුළුඳුල් දරුවා ලෙස මෙලොවට බිහි වූ චාමර ලක්මාල් දළුගම සිය නැගණිය ද සමග බාලවිය ගෙවූයේ පොරමඩුල්ලේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු විශිෂ්ට ශිෂ්යත්ව ප්‍රතිඵල සමග පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේ අපොස සාමාන්‍ය පෙළ හැදෑරීමට ය. එහිදී ඒ දහයක් සහිතව 2003 වසරේ පාසලේ  සිසුන් අතරින් සාමාන්‍යපෙළ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට ඔහු සමත් වන්නේය.

උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරීම සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලය ට ඇතුලත් වූ චාමර ලක්මාල් දළුගම 2006 වසරේදී විද්‍යාලීය විශිෂ්ට උසස් පෙළ ප්‍රතිඵල ලබා ගනිමින් විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිකරගත්තේය.

එතැන් සිට ආරම්භ වූ විශ්ව විද්‍යාල ජීවිතය චාමරට හිමිවූයේ ජයග්‍රහණ පමණක් මැයි කීවාට වරදක් නැත. සිව්  වසරක විශ්වවිද්‍යාල ජීවිතයෙ සෑම වසරකදීම විෂයයන් 13 ට විශිෂ්ට සාමාර්ථ හිමිකර ගැනීමේ හැකියාව ලත් චාමර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතිහාසයේ වෛද්‍ය පීඨ සිසුවෙකුට  ලැබිය හැකි  රන් පදක්කම් නවයක් සහ ශිෂ්‍යත්ව  හා සම්මාන පහළොවකට  හිමිකම ලබන්නට ද සමත් විය. වෛද්‍ය සිසුවෙක් ලෙස ඔහුට රන් පදක්කම් හිමිවූයේ ද්‍ය විද්‍යාව ශල්‍ය වෛද්‍ය විද්‍යාව පළමු හා දෙවන කොටස් ප්‍රසව හා නාරිවේද විද්‍යාව ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව ව්‍යාධිවේද විද්‍යාව කායව්‍යවච්ඡේද විද්‍යාව සහ ෛද්‍ය පිඨයේ හොඳම වෛද්‍ය ශිෂ්‍යයා ලෙස ඇගයීමෙනි.

2013 වසරේ දී ලංකාවේ  සියලුම වෛද්‍ය විද්‍යාවවල උපාධිධාරීන් අතුරින් හොඳම ශිෂ්‍යයා ලෙස පළමු ස්ථානය ලබා ගත් චමර වෛද්‍ය සිසුන් 1096 දෙනෙකුගෙන් ප්‍රථම යා  ලෙසද රන් පදක්කම් හිමිකර ගෙන තිබේ

2014 වසරේ කොළඹ ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය සහ ශල්‍ය සහ කායික වෛද්‍ය ඒකකයන්හි සීමාවාසී පුහුණුව ලැබූ චාමර 2016 වසරේදී විශ්ව විද්‍යාල වෛද්‍ය දෙපාර්තමේන්තුවට එක්ව කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය.

2017 – 2018 වසරවලදී පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හදාරා අවසන් කළ චාමර කායික රෝග පිළිබඳ ආචාර්ය උපාධිය ද එම වසරේදීම ලබා ගත්තේය

මෙයට පෙර අවස්ථාවක ඊට ආසන්න රන් පදක්කම් හා සම්මාන ලබාගත් ද්‍ය ශිෂ්‍යයා වූයේ චතුරිකා දන්දෙණිය ය. ඇයද පොරමඩුල්ල ඉපිද චාමර අධ්‍යාපනය ලැබූ පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සිසුවියකි.

ඇද සිය දක්ෂතා තවදුරටත් ඔප් නංවමින් ශ්චාත් උපාධි පුහුණුව සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ජෝන් රැඩ්ක්ලිෆ්ට් රෝහල වෙත ගියාය.

පශ්චාත් අධ්‍යයන කටයුතු සමයේදී

බ්‍රිතාන්‍ය රාජකීය කායිකරෝග වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්නට තරම්ම සුවිශේෂි දක්ෂතා දැක් වූ චාමර ලන්ඩන් ග්ලාස්ගෝ එඩින්බර්ග් යන ස්ථාන තුන හිදීමක ායික රෝග වෛද්‍යවරුන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය.

්ත‍වද අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ කායික රෝග පිළිබඳ සහ වැඩිහිටි රෝග පිළිබඳ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අදාළව එහිදී විශේෂ උපාධි තුනක් හැදෑරීමට ද ඔහුට අවස්ථාව හිමිවන්නේ ය. එඩින්බර්ග් කායිකරෝග වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ලබාදෙන ඉහළම පශ්චාත් උපාධි සුදුසුකමක් වන ගෞරව නාමය ද ඇමරිකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය  ද 2022 වසරේ හිමිකරගැනීමට තරම්ම චාමර දක්ෂයෙක් වන්නේය.

චාමර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තමන් උගත් රටට සිය යුතුකම් ඉටු කිරීම සඳහා ය.  එවිට ඔහුගේ වයස අවුරුදු 34 කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සහ පේරාදෙණිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාරගන්නා චාමර ලක්මාල් දළුගම ්‍රී ලංකාවේ කායික රෝග පිළිබඳ ලාබාලතම මහාචාර්යවරයා ලෙස මහාචාර්ය පදවිය ද හිමිකර ගන්නේය.

චාමර දළුගම විසින් සම්පාදිත කෘතියක්

රෝගීන් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම සඳහා කාලය ශ්‍රමය කැප කරන මහාචාර්ය චාමර මේ වන විට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍යායතනයේ ලේකම්වරයා ලෙසද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි.

අධික රුධිර පීඩනය ම්බන්ධයෙන් පොත්පත් රචනා කර ඇති මහාචාර්ය චාමර පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සඳහා අධ්‍යන පහසුකරන වීඩියෝ සහිත පාඩම් මාලාවක් youtube චැනලය සඳහා මුදා හැරීමටද කටයුතු කර තිබේ.

මහාචාර්ය චාමර චාමර ලක්මාල් දළුගම වැනි අති දක්ෂයන් ලොවටම ඇත්තේ අල්පයක් පමණි. ඒ අල්පයක් දෙනා අතරින් ලෝකයට සාපේක්ෂව මේ කුඩා දූපතෙන් බිහි වූ අති දක්ෂයන් ගණන ඉතා ඉහළ අගයකි.

මානව සම්පත රටක ඇති ඉතාම වටිනා සම්පත බැව් සියලු දෙනා අවබෝධ කර ගත යුතු සත්‍යයකි. මේ මහ පොළොවේ බිහි වූ, මේ මහ පොළොවේ හැදී වැඩුණු එවැනි අති දක්ෂයන්ගේ සේවය මේ රටට ලබා ගැනීම සඳහා ඔවුන් රැක ගැනීම සියලු දෙනාගේ වගකීමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොක්කන් බලන් ඉද්දී රුපියල් 50 000 බැගින් අවසන් රන්දෝලි පෙරහරට ආසන මිල කර පෙරහැර වික්ක හැටි!

Next Post

අගෝස්තුවේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අඩු වීමක්

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.