බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මහදවල් පැමිණ වෙඩි තබා මරණ  රට විකල් කළ ඝාතන රැල්ල!

by editor
සැප්තැම්බර් 2, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

දිනපතාම පාහේ රටේ කුමන හෝ ප්‍රදේශයකින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වන්නේ රට තුළ භිතියක් ජනිත කරමිනි. එහෙත් මේවන විට වෙඩි තැබීම් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ ඒ තරමටම වෙඩි තැබීම් සුලබ වීම නිසාවෙනි.

මේ කෲර සිදුවීම් කෙතරම් බිහිසුණු දැයි, වැටහෙන්නේ මේ සිද්ධිවලට අදාළ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදීයී.

රැයක් දවාලක් නොමැතිව යතුරු පැදිවලින් පැමිණෙන සාහසික තුවක්කුකරුවන් රිසි සේ තම ගොදුරු සොයා යන්නේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නොසිටිනා ගානටය.

ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටවල දසුන් මවමින් ගිනිඅවි අසුරුවන ඇතැම් වෙඩිකරුවන් ඊට කෙතරම් පළපුරුදු දැයි, කෙතරම් ප්‍රවීණදැයි සැක මතු වන්නේ යතුරු පැදිවල යන අතරවාරයේද ඇතැම් පුද්ගලයින්ට වෙඩි තබන ලද සිද්ධි වාර්තා වීම නිසාය.

නිල සංඛ්‍යාලේඛණ

පොලිස් නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේ අගෝස්තු 29 වැනිදා වන විට දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 69ක් වාර්තා වී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන් ඝාතනයට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41කි. වෙඩි තැබීම් වලින් තවත් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිල සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.

වෙඩි තැබීම් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතෙන් බව වෙඩි තැබීමේ සිද්ධි පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි.

වෙඩිතැබීම්වල ඉලක්කය මත්ද්‍රව්‍ය නඩුවල සාක්ෂිකරුවන් ද?

වෙඩි තැබීමේ සිද්ධිවලට ප්‍රධානම හේතුව ප්‍රතිවිරුද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන් ඔවුන් අතර පැරණි අමනාපකම් මුල්කර ගනිමින් මෙම වෙඩි තබා ගැනීම් සිදුකරන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පවුල් ආරවුල්, අමනාපකම් හා අනියම් සබඳතා හේතුවෙන් ද වෙඩි තැබීමේ සිද්ධි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

මෙම ඝාතන වැඩි සංඛ්‍යාවක් මෙරටින් පලා ගොස් ඩුබායි ඇතුලු රටවල වෙසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් විසින් මෙහෙයවන බව විමර්ශනවලදී හෙලි වී තිබේ.

මෙවැනි ඝාතන සඳහා යොදා ගන්නා නීති විරෝධී ගිනිඅවි කොපමණ සංඛ්‍යාවක් රට තුළ තිබේද?

පොලිසිය පවසන්නේ මේ පිළිබඳ නිසි සංඛ්‍යා දත්ත නොමැති බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු ආරක්ෂක අංශ සාමාජිකයෝද වෙති.

46 කට රතු වරෙන්තු

පොලිසිය පවසන්නේ, මෙරටින් විදෙස් රටවලට පලා ගොස් සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගෙන ඇති බවය.

විදෙස් රටවල සිට මෙලෙස මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පසුගිය කාලසීමාව තුළ දී හැකිවිය.

එලෙස රතු වරෙන්තු නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අතුරින් දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සලිඳු’ යන සැකකරුවන් රැඳවුම් භාරයට පත් කර තිබේ.

පොලිසිය පවසන්නේ, ඩුබායි වැනි රටල සිටින තවත් අපරාධකරුවන් මෙරට තුළ ඝාතන මෙහෙය වන බවය.

කොන්ත්‍රාත් ඝාතන සද්ධි කිහිපයක් වාර්තා වී තිබුණද, වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඝාතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

සංවිධානත්මක අපරාධ කල්ලි මර්දනය කරන්නේ කෙසේද?

සංවිධානත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබිම්වල වර්ධනයක් දක්නට ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සිද්ධි මැඩ පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමර්ග ගැන ද සඳහන් කළේය.

“ගොඩක් සිද්ධිවල සැකකරුවෝ අපි අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ වගේම මේවා වැළැක්වීමට අපි මෙහෙයුම් වැඩි කරලා තියෙනවා, උදාහරණයකට ඔය දකුණු පළාතේ අපරාධවල වැඩි වීම නිසා අම්බලන්ගොඩ, අහුංගල්ල, කොස්ගොඩ, බටපොල, මීටියාගොඩ, ඇල්පිටිය, හික්කඩුව කියන පොලිස් වසම් ආවරණය වෙන පරිදි STF කණ්ඩායම් නතර කරලා තියෙනවා ඒ පොලිසිවල. මේ වගේ විශේෂ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

මීට අමතරව සෝදිසි මෙහෙයුම් මෙන්ම බුද්ධි අංශ නිලධාරින්ගේ මෙහෙයුම් වැඩි කර ඇති බවද ඔහු සඳහන් කළේය.

“ඒ වගේම මේ ඝාතනවල අපිට නිරික්ෂණය වෙනෙවා මේ වගේ හැම එකකම දේශියව ඉඳලා විදේශවලට ගිහිල්ලා ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධකම්. මේගොල්ලෝ සම්බන්ධවත් අපි මේ වෙනකොට විවිධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ අයට මොකක්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධව මුලික සාකච්ඡා පැවැත්වෙනවා.”

“අපි දකින දෙයක් තමයි ඔය වෙඩි තියෙන අය බොහෝ වෙලාවට   එක පාරක් වෙඩි තියලා ඇතුලට ගිහිල්ලා ආපහු මාස හත අටකින් ඇවිල්ලා නැවත වෙඩි තැබීමක් කරනවා. එතකොට අපි ආපහු අල්ලනවා. සමහර පුද්ගලයෝ රට පනින අවස්ථාවලුත් තියෙනවා.” යැයි අපරාධ මැඬ පැවැත්වීමට ඇති දුෂ්කරතාවය ගැන විස්තර කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

මහජන ආරක්ෂක ඇමති මොකද කියන්නේ?

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (අගෝස්තු 28) වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණු බවය.

නමුත් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කිරීම තුළ එම පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

“රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.” ඔහු පැවසීය.

බලය අවභාවිතා වෙයි ද?

කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීමට මෙලෙස ආරක්ෂක අංශවලට මුළුමනින්ම බලය පැවරීම හමුවේ ආරක්ෂක අංශ විසින් එසේ ලැබෙන බලය අනීතික හෝ අවභාවිත කිරීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධව ද තක්සේරුවක් තිබිම අත්‍යවශ්‍ය බව මානව හිමිකම් නීතිඥ දුලාන් දසනායක බීබීසි සිංහල කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

“අපි දැකලා තියෙන දෙයක් තමයි අතීතයේ මෙවැනි තත්ත්වයක දී මොකක්ද වෙන්නේ කියන එක. හොඳම උදාහරණයක් තමයි මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය වගේ කියලා එවැනි අදහසකින් වැටලීම් ගණනාවක් සිද්ධ වුනා. මත්ද්‍රව්‍ය වැඩිවීමත් එක්ක සමාජයෙන් ලැබුන උත්තේජනයත්, ආණ්ඩුවෙන් ලැබුණ උත්තේජනයත් එක්ක ඒ අය යම් ආකාරයකට බලය අවභාවිතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා.”

“ඒ වගේම ඕන තරම් අපි දැකලා තියෙනවා පාතාලයට සම්බන්ධ අය, මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ අය කියලා මේ වෙඩි තැබිම්වලට සම්බන්ධ අයව අරන් ගිහිල්ලා ආයුධ පෙන්වන්න හරි වෙනත් කටයුත්තකට අරන් යනවයි කියලා වෙඩි තබන අවස්ථා.” යැයි මානව හිමිකම් නීතිඥවරයා පැවසීය.

මේ නිසා යුක්තිය පසඳලීමේ කාර්යයේදී නිරන්තරයෙන්ම සැකකරුවන් ආරක්ෂා කරගැනීම,අපරාධවල සුල මුල සොයා ගැනීමට අත්‍යවශ්‍යම සාධකයක් බවත්, පොදු සමාජය විසින් ඒ සඳහා වන උත්තේජනය සැපයිමට සහාය විය යුතු බවත් නීතිඥ දුලාන් දසනායක අවධාරණය කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව සූර්ය ගවේෂණයේ ඓතිහාසික ගමන ආරම්භ කරයි….

Next Post

ලොක්කන් බලන් ඉද්දී රුපියල් 50 000 බැගින් අවසන් රන්දෝලි පෙරහරට ආසන මිල කර පෙරහැර වික්ක හැටි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.