අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ පවතින ආර්ථික ලෙඩේට තාම බෙහෙත් වට්ටෝරුව දුන්නා විතරයි!  බෙහෙත්   නෑ !

අබුදස්ස කාලෙ ජීවත් වෙන්නෙ කොහොම ද?  ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු කියයි....

by editor
සැප්තැම්බර් 8, 2022
in සමාජ
Share on FacebookShare on Twitter
  • අයි.එම්.එෆ් කියන වෙනස්කම් රටක විය යුතුම දේවල් මිසක් අමුතු මැජික් නොවෙයි…

  • නොකළ වැරැද්දට පීඩා විඳින තරුණයන් කළ යුත්තේ ඉදිරියේ දී   රටට ලෝකයට ගැලපෙන නායකයින් අනාගතය සඳහා තෝරා ගැනීමයි…

  • හැමෝටම ඉතාම දැඩි අරපිරිමැස්මක් කරන්න වේවි… මේ වෙලාවෙ පඩි වැඩිවීම් ඉල්ලන්නෙ රාජ්‍ය අංශයෙ රැකියා ලබපු දේශපාලන පත්වීම් සහිත උදවිය විතරයි…

පවතින උද්ධමනකාරී ආර්ථික වටපිටාව කවුරුන් විසින් නිර්මාණය කළද අප  මේ මොහොතේ එයින් ඇතිවන පීඩාවන් විඳ දරා ගත යුතු බවත් අනාගතයේදීවත් රටට ලෝකයට ගැලපෙන නායකයන් තෝරා බේරා ගැනීමට අනාගත තරුණ පරපුර බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බවත් ස්වාධීන චින්තන සංසදයක්වන ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ තරුණ ආර්ථික විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු   පවසයි.

පවතින උද්ධමනකාරී ආර්ථික තත්ත්වය හමුවේ රටේ ජනතාව ඊට මුහුණ දීමට අදාල පසුබිම පිළිබඳව ලංකාසර සමඟ කළ පිළිසඳරකදී දනනාත් ප්‍රනාන්දු  මේ බව සඳහන් කළේය.

 

ධනනාත් ප්‍රනාන්දු

ඔහු අප සමඟ කළ කෙටි පිළිසරඳර සැකෙවින් මෙසේය

ලංකාසර – අප මේ වනවිට මුහුණ දී තිබෙන ඉතිහාසගතවන  ආර්ථික අර්බුදයේ වර්තමාන පසුබිම පිළිබඳ ව කෙටියෙන් සඳහන් කළොත්?

පිළිතුර –  ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඇද වැටී තිබෙන අතිශය දරුණු තත්ත්වය පිළිබඳ ව අප මේ වනවිට අත්දකිමින් ඉන්නවා. මේ වනවිට එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ණයක් ලබා ගැනීමට සහ ඊට අදාල ව රට තුළ කළ යුතු දේ පිළිබඳව   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එය හරියට ලෙඩකදී අපට වෛද්‍යවරයකු ළඟට ගිහින් මේ බෙහෙත  ගන්න. මේ විදිහට ඉන්න කියනව වගෙයි. අපිට මේ වනවිට බෙහෙත් වට්ටෝරුවක් ලැබිල තිබෙනවා කරන්න ඕන දේවල් කියල තිබෙනවා. නමුත් තවම  බෙහෙත ලැබිල නෑ. අදාල වට්ටොරුවට අනුව නියමිත පරිදි බෙහෙත් ගත්තාම මෙය සුව වෙනවද මොකද වෙන්නේ කියල අපට තීරණය කරනන් පුළුවන්.

නමුත් මෙහිදී අප හොඳින් තේරුම් ගත යුතු දෙයක් තමයි  නියමිත පරිදි ආදළ වට්ටෝරුවට අනුව බෙහෙත් ගන්න. බාගෙට බෙහෙත් බීල හොරට බීල මේ ලෙඩේ සනීප වෙන්නේ නෑ. මේ නිසා අපි නියමිත විදිහට අදාළ කටයතු කළ යුතුයි. එහෙම නොවුණොත් අපට මේ ආරථික රෝගයෙන් තවදුරටත් වේදනා විදින්නට සිදුවෙයි.

ලංකාසර – දැනටමත් අපේ රටේ ජනතාව මේ අර්බුදයෙන් දැඩි වේදනා විදිනවා. විශේෂයෙන් උද්ධමන තත්ත්වය නිසා ?

පිළිතුර – ඔව්. මේ පසුබිම තුළ බොහෝ ක්ෂේත්‍රවලට දරුණු ලෙස බලපා  තිබෙනවා. ඩොලර්වලින්  මුදල් උපයන අය හැරෙන්නට අනෙක් සෑම ක්ෂේත්‍රයකටම මෙය තදින් බලපානවා.

ලංකාසර – මේ තත්ත්වය තුළ ජනතාව කියන්නේ ජීවත් වීම අසීරුයි  කියල . විශේෂයෙන් භාණ්ඩ මිල වැඩිවීමත් එක්ක බොහෝ අය පවසන්නේ වැටුප් වැඩි වීමක් වෙන්න ඕන කියල. මෙය විසඳුමක්ද?

පිළිතුර – මෙය විසඳුමක් නෙවෙයි. මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමට වගකිව යුතු ලෙස වැඩ කරන ආණ්ඩුවකට පුළුවන්කමක්නෑ . බොහෝ වෙලාවට ඔය වැටුප් මදි කියල කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්න අය. පෞද්ගලික අංශයේ සිටින අය දන්නවා මේ වෙලාවේ ව්‍යාපාර සේවා පවත්වාගෙන යන්නේ කොපමණ දුෂ්කරතාවකින්ද කියල. බොහෝ  වෙලාවට ඔය වැටුප් චෝදනාව දමන්නේ රාජ්‍ය අංශයේ පවතින ආයතනවලට සුදුසුකම්වලින් පිටත විවිධ දේශපාලන බලපෑම් මත ගත්ත අය කියලයි මම විශ්වාස කරන්නේ.

නමුත් අප දන්නවා අපයනන ක්ෂේත්‍රයේ  සිටින අය තමන්ගේ එදිනෙදා වියදම් වැඩි වුණත් ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි නිසා   වැඩිවන උද්ධමනයට සාපෙක්ෂව යම් දීමනා දෙන ආනයනකරුවන් සිටිනවා. එයින් පැහැදිළිව පෙනෙන්නේ මේ මොහොතේ ඩොලර් උපයන  ව්‍යාපාර හැරෙන්නට අනෙක් අයට එවනි සහනයක් සලසා දීම පහසු නෑ.

ලංකාසර – තත්ත්වය එවැනි නම් මෙවැනි උද්ධමනකාරී තත්ත්වයක් හමුවේ අප ඊට මුහුණ දිය යුත්තේ කෙසේද?

පිළිතුර – අපි ට කරන්න තියෙන්නේ සමාන්‍ය ජනතාව හැටියට හැකි තරම් අරපරෙස්සමින් මුදල් විය පැහැදම් කිරීමයි. හේතුව මේ උද්ධමනයත් එකක් මුදලේ වටිනාකම අඩු වෙනවා. අප ඉතිරි කරගත් හා උපයන දේවල් ඉක්මනින් මේ කාලය තුළ  වියදම් වෙන්න පුළුවන්. මේ නිසා හැම කෙනෙකම ඉතා වගකීමෙන් යුතුව  මුදල් වියදම් කරන්න ඕන.

අපි දන්නවා මේ වනවිට උද්ධමනකාරී තත්ත්වයෙන් මිල වැඩිවීම වැඩියෙන් සිදුව ඇත්තේ ඉන්ධන. මේ හේතුවන් බොහෝ භාණ්ඩ හා සේවා මිල වැඩිවෙලා තිබෙනවා. අපට මේ තත්ත්ව හමුවේ හැමදේම පාලනය කරගත නොහැකි වුණත් පාලනය කළ හැකි දේ කළ යුතුයි.

විශේෂයෙන් අපි වෙනදා කාර් එකක යන ගමන අද බස් එකේ යන්න වෙන්න පුළුවන්. බස් එක වෙනුවට පාපැදියකින් යනව නම් ඒකත් සහනයක්. හැකි තරම් දුර ගමන් අඩු කළ යුතුයි. අනවශ්‍ය වියදම් ගමන් බිමන් කෑම බීම ඇතුළු අතිරේක වියදම් කිරීම් පාලනය කළ යුතුයි. විදුලිය, දුරකථන භාවිතය අඩු කළ යුතුයි. එහෙම නැතිව අපට මේ උද්ධමනකාරී තත්ත්වයට මුහුණ දීම අසීරුයි.

නමුත් මේ වියදම් අඩු කිරීම තුළ තවත් ව්‍යාපාර රැකියා උපදවන ක්ෂේත්‍ර ගණනාවකට පහර වදිනවා. ඔවුන්ගේ ආදායම් අහිමි වෙනවා. උදාහරණයකට වාහන ගමන් බිමන් අඩු වුණාම එම වාහන අලුත්වැඩියා සේවා කරන පුද්ගලයන්ට, ආයතනවලට පාඩු සිදුවෙන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් අහිමි වෙන්න පුළුවන්. මෙය චක්‍රීය ක්‍රියාවලියක්.

ලංකාසර- තමන්ගේ ආදායම අහිමි වෙද්දී බොහෝ අය අමතර ආදායම් උපයන්න විවිධ ව්‍යාපාර වැනි දේ ගැන උනන්දු වෙනවා. එය සුදුසු දෙයක්ද?

පිළිතුර – මම හිතන්නේ දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන යමක් කරනවා නම් ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි. මේ වෙලාවේ ආනයන පාලනය වෙලා තිබෙන පසුබිමක් තුළ විවිධ ආදේශක නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එය සුදුසුයි. නමුත් ඒ සඳහා ද යොමුවිය යුත්තේ හොඳ අධ්‍යයනයකින් පසුවයි.

නමුත් අපට යම් භාණ්ඩයක් හෝ සේවාවක් අපයනය කරන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒ සඳහා අද සොයා බැලුවොත් විවිධ අවස්ථා තිබෙනවා. රජය වුණත් මේ මොහොතේ කළ යුත්තේ අපනයනය වර්ධනය කිරීමට සහ විදේශ විනිමය ඉපයීමට අදාළ ක්‍රියාකාරකම්වලට ජනතාව යොමු කිරීමයි. අපනයනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි.

ලංකාසර – නමුත් දැනට සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා ගැන උනන්දුවක් දැක්වුවාට සෙසු අපනයන පිළිබඳව ලොකු අවධානයක් දක්වන්නේ නෑ නේද?

පිළිතුර – ඔව්. ඇත්තටම අපිට අපනයන වෙළෙඳපොළ  තුළ ලොකු පරාසයක් තිබෙනවා. අන්තර්ජාල වෙළෙඳපොලේ පවතින ඉඩකඩත් එක්ක බැලුවම අපට විශාල වෙළෙඳපොළක් නිර්මාණය කර ගන්න පුළුවන්. අපේ රටේ තිබෙන නීති රෙගුලාසි, සියල්ල මේ අනුව වෙනස් කළ යුතුයි. අද පවතින කම්කරු නීති අවුරුදු සිය ගාණක් පැරණි යල් පැන ගිය ඒවා. මේ නිති රීති කඩිනමින් වෙනස් විය යුතුයි.

අපයනවලට හිතකර ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික  සැලැස්මක් රටක් ලෙස ක්‍රියාත්මක  කළ යුතුයි. මොකද මේ වෙලාවේ රටක් ලෙස ගොඩ එන්න නම් අපි විදේශ විනිමය හැකි උපරිමයෙන් රට තුළට ගෙන්වා ගත යුතුයි.

ලංකාසර – දැන් ශ්‍රි ලංකාව සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙන තෙක්. මේ සඳහා මූලිකව ඇති කර ගත් එකඟතා පිළිබඳව සලකා බැලුවොත්?

පිළිතුර – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ සාර්ව ආර්ථික ව්‍යූහය තුළ  අංශ කිහිපයක යම් වෙනස්කම් බලාපොරොත්තු වෙනවා.

බදු ක්‍රමයේ සංශෝධන සිදුවිය යුතු බව. එනම් බදු වැඩි කළ යුතු බව, ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මහ බැංකුවේ ස්වාධීනත්වය හා බැංකු පද්ධතියේ ස්වාධීනත්වය, දිළිඳු ජනතාව සඳහා ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් දියත් කිරීම වගේ දේවල්.

ඇත්තටම ඒවා ඕනෑම ආර්ථික විද්වතකු දකින හොඳ දේවල්. එහි අමුතු මැජික් එකක් නෑ. රටක් ලෙස මේ වෙනස්කම් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එය තමයි යතාර්ථය.

ලංකාසර – ඔබ මුලින්ම අපනයන ආර්ථිකයේ වර්ධනයක් අවශ්‍ය බව කතා කළා. මේ ආකාරයට බදු වැඩි වීම, විදුලිය ගාස්තු වැඩි වීම  තුළ අපේ අපනයන නිෂපාදන ගෝලීය වෙළෙඳපොල තුළ තරඟ කරන්න පුළුවන්ද?

පිළිතුර – මම හිතන විදිහට යම් අපයනනකරුවකු රටේ සහන මිලට ඉන්ධන පොහොර, හෝ වෙනත් සම්පත් ලබා ගෙන යම් ලාභයක් උපයනව නම් අදාල භාණ්ඩයට හෝ සේවාවට ගෝලීය වෙළෙඳපොළේ තරගකාරී පසුබිමක්   නෑ කියලයි. ඔවුන් තමන්ගේ නිෂ්පාදන භාණ්ඩයේ නිසි මිල සහ ගුණාත්මක බවක් සමඟ ලෝක වෙළෙඳපොළේ තරග කළ යුතුයි. එහෙම නැතිව ඔවුන්ට සහන මිලට ලබා දීමෙන් රටක් ලෙස අපිට ලොකු වාසියක් අත්වන්නේ නෑ.

නමුත් මම හිතනවා අද අපේ රටේ රුපියලට සාපේක්ෂව ඩොලරයට හිමිවෙන මුදලත් එක්ක මේ වැඩිවීම්වලින් අපනයන අංශයට තරගකාරීව මේ රට තුළ ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා කියල.

ලංකාසර – රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමකට හෝ පෞද්ගලිකකරණයකට ලක් කිරීම පිළිබදව ඔබ නිතර හඬ අවදි කරවන්නෙක්. බලශක්තිය විදුලිය වැනි රටේ සුරක්ෂිතව පැවතිය යුතු ව්‍යාපාරත් මේ විදිහට පෞද්ගලීකරණය කිරීම ප්‍රශ්නයක් නොවේද?

පිළිතුර –පෞද්ගලීකරණය කළ යුතු ඒවා තිනෙවා ප්‍රතිව්‍යූහගත කරණය කළ යුතුදේවල් කිනෙවා. මම හිතන්නේ විදුලිය වගේ ඛනිජ තෙල් වගේ දේවල් පෞද්ගලීකරණය කිරීමකට වඩා ප්‍රතිව්‍යූහගතකරණය කිරීමයි වඩාත් සුදුසු.

ඇත්තටම රජයට  ව්‍යාපාර කිරීම අපහසුයි.  ඊට බලපාන විවිධ හේතු තිනෙවා. අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් විශේෂයි.  මේ නිසා  මේවායේ කාර්යක්ෂමතාව නැතිවෙලා.

ආණ්ඩුව මූලික වශයෙන් කළ යුත්තේ අදාළ ක්ෂේත්‍රවලට  පෞද්ගලික අංශය කැඳවලා ඔවුන්ට ව්‍යාපාර කිරීමට ඉඩ දී එය නියාමනය කිරීමයි. ඒ සඳහා ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් තිබිය යුතුයි.

ලංකාසර – අද මේ පවතින තත්ත්වයෙන් තරුණ පරපුරට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන්. තරුණයන් නියෝජනය කරන ආර්ථික විශ්ලේෂකයකු ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?

පිළිතුර – ඇත්තටම අද වැඩිම බලපෑමක් මේ ආර්ථිකය නිසා ඇතිව තිබෙන්නේ තරුණ පරපුරට. ඒක ඇත්ත. ඔවුන් කිසිසේත් වගකිව නොයුතු වෙනත් අය කළ වැරැද්දකට ඔවුන්ගේ පරම්පරාවට අද මේ අර්බුදයට මුහුණ දෙන්න වෙලා. මේ නිසා බොහෝ  අය හිතනවා රට දාල යන්න. ඒක වැරදි නෑ. මොකද ඔවුන් ඔවුන්ගේ ජීවිත ගැන බලාගන්න ඕන.

නමුත් මේ රටේ ජීවත්  වෙන්න බලාපොරොත්තු වන තරුණ පිරිසකුත් ඉන්නවා. ඔවුන් ඉතා වගකීම් සහගතව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන් රටේ අනාගත නායකයන් තොරද්දී පසුගිය කාලේ වගේ නැතිව හොඳ දැක්මක් තිබෙන ප්‍රතිපත්තිමය කරුණු , ප්‍රායෝගික වැඩපිළිවෙළක් පිළිබඳව පදනමක් තිබෙන නායකයන් බිහි කර  ගත යුතුයි.

තරුණ තරුණියන් මේ සඳහා දැනුමින් සන්නද්ධ විය යුතුයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැරැද්දක් සිදුකරන ඕනෑම කෙනෙකුට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි – නාමල්

Next Post

මහ රැජින විශේෂ වෛද්‍ය අධීක්ෂණයකට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.