බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ව විශේෂ වෛද්‍ය අධීක්ෂණයකට යොමුකර ඇති බවත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුවන් විශේෂ අවධානයකට යොමුකර ඇති බවත් බැකින්හැම් මාලිගය නිවේදනය කරයි.
එළිසබෙත් රැජිනගේ වර්ථමාන සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බකින්හැම් මාලිය විසින් අද දින නිකුත් කරමින් මේ බව අනාවරණය කර තිබිණි. උද්ගතව ඇති තත්ත්වයත් සමගම එලිසබෙත් මහ රැජින ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ වෛද්‍ය කණ්ඩායම් සමඟ පසුවන බවද බකින්හැම් මාලිය වැඩිදුරටත් පවසයි.
එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සිය අවධානය යොමු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුලේ සමාජිකයින් වහාම ස්කොට්ලන්තය වෙත පැමිණ ඇති බවත් තවත් පිරිසක් කඩිනමින් ඒ වෙත ලඟාවෙමින් සිටින බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් කිරීටය දැරූ රාජ්‍ය වංශිකයා වන අතර ඇය මේවන විට 96 හැවිරිදි වියේ පසුවෙයි. පසුගිය කාලයේදී එලිසබෙත් රැජිනට ඇවිදයාමේ යම් ගැටලු කිහිපයකට මුහුණ දුන් අතර මහ රැජිනව ඉකුත් දා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමත්‍යවරිය හමුවීමට පැමිණි අවස්ථාවේදී රැජින හැරමිටියක් ආධාරයෙන් සිටගෙන සිටින අයුරු දැක ගැනීමට ද හැකිවිය.