බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරැද්දක් සිදුකරන ඕනෑම කෙනෙකුට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි – නාමල්

දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂ නායකවරයා කළ ඉල්ලීමට නාමල් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දෙයි..

by editor
සැප්තැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වැරැද්දක් සිදුකරන ඕනෑම තැනැත්තෙකු රටේ නීති පද්ධතිය ඉදිරියේ දඬුවම් ලබා දිය යුතු බවත්  ඊට කිසිවෙක් බාධා නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද ( 08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙන මේ අවස්ථාවේ දී රාජ්‍ය බලය යොදා ගනිමින්  ප්‍රවීන සිනමා නිලි දමිතා අබේරත්න  අත්අඩංගුවට ගැනීම සිදු නොවිය යුත්තක් බව කරුණු සහිතව ප්‍රකාශ කළ අවස්ථාවේ දී ය.

විපක්ෂ නායකවරයා මෙසේ කීවේය.

“එතුමිය පොදු ජන අරගලයක සාමාජිකාවක්. එතුමියට පොලිසියට  එන්න කියලා තියනවා නව වැනිදාට. ඒත් ඊයෙ (07)  මහජන උද්ඝෝෂණයකට සහභාගීවීමත් සමග ඇය ඇරස්ට් කරලා තියනවා.

මේ රංගන ශිල්පිනිය දඩයම් කිරීම නතර කරන්න. ඇය නීති විරෝධී ක්‍රියාවක් කරලා නෑ.  දේපල හානියක් කරලා නෑ. එතුමිය කරලා තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති  මානව අයිතිවාසිකම් අභ්‍යාස කිරීමක්. දමිතා අබේරත්න නිදහස් කරන්න මැදිහත් වෙන්න.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බෙහොම කාරුණිකව කියනවා රාජ්‍ය දඩයම රාජ්‍ය ම්ලේච්ඡත්වය  රාජ්‍ය ප්‍රචන්ඩත්වය මේ හිංසනය නතර කරන්න. මේ විදිහෙ වැඩ කරමින්  කොහොමද කියන්නෙ එකතුවෙලා වැඩ කරන්න කියලා.

( නාමල් රාජපක්ෂ කෑකෝ ගසයි) 

මා කතා කළේ දමිතා අබේරත්න වෙනුවෙන්. සෑහෙන කාලෙකට පස්සේ නාමල් රාජපක්ෂ මැතිතුමා කෑ ගහනවා.  ඇයි ඔබතුමා කෑ ගහන්නෙ.  අරලියගහමන්දිරයෙන් පටන් ගත්තේ මේ ප්‍රචණ්ඩත්වය.

කෑගහන අය ගැන කතා කරලා වැඩක් නෑ. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දඩයම නගර කරන්න මැදිහත් වෙන්න කියලා.

මේ අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නැගී සිටියේය.

නාමල් රාජපක්ෂ –  යම් කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියනවා නම් පවතින නිතියට අනුව  ඒ අයට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන්න ඕන.

ඒ කාලසීමාව තුළ පාර්ල්මේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය වුනා. රටේ දේපල විශාල ප්‍රමාණයක් විනාශ වුනා.  පරීක්ෂණ කිරීම සම්බන්ධව කිසි ගැටලුවක් කාටවත් තියෙන්න බෑ.

ඒ වගේම තමයි එතුමිය කිසිම වැරැද්දක් කරලා නැතිනම් එතුමියට අධිකරණයෙන් කිසිම අගතියක් නොවෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි සියලු දෙනාම මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා.

යම් කෙනෙක් වැරැද්දක් කරලා තියනවා නම් ඒ අය ආරක්ෂා කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවිය යුතුයි.

විපක්ෂ නායක – මගෙ ඉදිරිපත්වීම හෝ ඉදිරිපත් නොවීම තීරණය කරන්නෙ රාජපක්ෂ පවුල නොවෙයි.  ප්‍රචණ්ඩත්වය පිළිබඳ උප්පැන්න දෙන්න පුලුවන් කණ්ඩායම කවුද කියලා හම්බන්තොට ජනතාව දන්නවා. කෙසේ වෙතත් මට අයිතියක් තියනවා දමිතා අබේරත්නට සිදුවන වැරදි ක්‍රියාව ප්‍රශ්න කරන්න.  මේ රටේ තරුණ පරපුරට සිදුවන කලා ක්ෂේත්‍රයට එල්ල කරන මරු පහරක් ලෙසයි මා මෙය දකින්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නෙ නමට නොවෙයි. මතක තියාගන්න. මේ ප්‍රශ්න අපි විසඳගන්න ඕන ජිනීවාවල නෙමෙයි. මේ රට ඇතුළෙ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දමිතා අබේරත්න 14 දා තෙක් රිමාන්ඩ්…

Next Post

රටේ පවතින ආර්ථික ලෙඩේට තාම බෙහෙත් වට්ටෝරුව දුන්නා විතරයි!  බෙහෙත්   නෑ !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.