බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

රුපියල් මිලියන 120ක් මූදුබත් කළ ගල්කිස්සේ වැලි කෙළිය…

by editor
ජූනි 1, 2020
in පරිසරය
අලංකාර ගල්කිස්ස මුහුදු වෙරළ පැවති ආකාරය ( ඉහළ), වැලි පොම් කර පිරවීමෙන් පසු ( වම්පස) සහ මුහුදු රළ විසින් පිරවූ වැලි කන්ද මුහුදට රැගෙන ගොස් ඇති අයුරු ( දකුණේ).

අලංකාර ගල්කිස්ස මුහුදු වෙරළ පැවති ආකාරය ( ඉහළ), වැලි පොම් කර පිරවීමෙන් පසු ( වම්පස) සහ මුහුදු රළ විසින් පිරවූ වැලි කන්ද මුහුදට රැගෙන ගොස් ඇති අයුරු ( දකුණේ).

Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවල –

මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් යුත් සොඳුරු ස්වභාවික වෙරළ තීරයක් ව තිබූ ගල්කිස්ස මවුන්ට් ලැවේනියා වෙරළ තීරයේ සොඳුරු බව යට කර වසා දැමුණු මුහුදු වැලි තට්ටුවෙන් සැළකිය යුතු කොටසක් සොබා දහම විසින් ඊයේ (31) ගලවා යළි මුහුදට මුදා හැර තිබේ.
සංචාරකයින් පමණක් නොව පෙම්වතුන්ගේ ද පාරාදීයක් වූ ගල්කිස්ස වෙරළ චිත්‍රපට, ටෙලි නාට්‍ය මෙන් ම ගීත රැසකට ද රූප රචනා එක් කළ ආදරණීය වෙරළකි.
මීට මාස එකහමාරකට පමණ පෙර එහි සුන්දරත්වය වනසා දමන ලද්දේ පසුගිය රජය විසින් ලබා දෙන ලද කැබිනට් අනුමැතියකට ද අනුව ය. ඒ අනුව වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය තුනක් රුපියල් ලක්ෂ 890 ක වියදමින් සිදු කිරීම ඇරඹිණි.
2017 වසරේ ඇති වූ ගංවතුර ක්ෂණික ව මුහුදට බැස්සවීම සඳහා දුර දිග නොබලා තීරණ ගනිමින් කළුතර බලධාරීන් විසින් හිත්පිත් නැති ව කඩා වනසා දමන ලද කැලිඩෝ වෙරළ සංරක්ෂණය ඉන් ප්‍රමුඛ විය. දෙවැන්න වූයේ අඟුලාන සිට රත්මලාන දක්වා මුහුදු ඛාදනයට ගොදුරු වූ වෙරළ තීරය මුහුදු වැලි පුරවා සංරක්ෂණය කිරීම ය. අනෙක් කටයුත්ත වී තිබුනේ මෙකී සොඳුරු ගල්කිස්ස වෙරළ ය. එයට පමණක් වැය කළ මුදල රුපියල් මිලියන 120 කි.
කොරෝනා කාලයේ නිවෙස්වලට සිර වූ අසරණ දුගී ජනයා පවා රජයට ගෙවූ බදු මුදල් මේ සඳහා වැය වූවා මිස එකී රුපියල් මිලියන 120 අහසින් පහළ වූයේ නැත. මුහුදු ඛාදනයට බරපතල ලෙස ගොදුරු ව නිවාස පවා මුහුදට ගසාගෙන යන ස්ථානවලට වැලි පිරවීම එක් අතකින් අසාධාරණ නොවනු ඇත. කිහිප දෙනෙකු එක් වතාවකදී සිදු කළ අනුවණකමක තරමින් අදටත් දින දෙක තුනක පෑවිල්ලෙන් කළුතර දිස්ත්‍රික්කයේ බහුතරයක් ජනයාට සිදු වන්නේ මුහුදු ලුණු මිශ්‍ර ජලය පානය කිරීමට ය.
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගත නොහැකි වන බැවින් කැලිඩෝ වෙරළ කෙසේ හෝ නිසි පරිදි සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පවතී. අඟුලාන රත්මලාන වෙරළ තීරය ද එසේ ම ය. එසේ වුවත් ඒවාට යෙදූ මුහුදු වැලි ද බොහෝ ප්‍රමාණයක් පසු ගිය වෙසක් පොහෝ දිනට පෙර දින මුහුදේ ඇති වූ දැඩි කැළඹිලි ස්වභාවය නිසා යළි මුහුදට ම යන්නට පටන් ගත් අතර එතැන් පටන් මේ දක්වා විශාල ප්‍රමාණයකින් මුහුදු වැල්ල ආපසු ඈත මුහුදට ම ගසාගෙන ගොස් තිබේ.
අහිංසක මිනිසුන් එදා වේල සරි කර දුක සේ උපයා ගත් රුපියල් මිලියන 120ද නැති නාස්ති කර දමමින් ගල්කිස්ස වෙරළ යට කර වසා දැමූ වැලි කන්දේ තත්ත්වය ද එසේ ම ය. පෙනෙන නොපෙනෙන ඈත මුහුදෙන් විශාල පොම්පයක් හා අධි බල මෝටරයක් යොදා ගනිමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ආශිර්වාදයෙන් විදේශ සමාගමක් විසින් මිලියන ගණනක් ගිලමින් සිදු කළ මෙම ක්‍රියාවලියේදී ඉතා වේගයෙන් මුහුදු වැලි මුහුදේ සිට වෙරළ දෙසට පොම්ප කෙරිණි.
එහිදී ගැඹුරු මුහුදේ සිටින වටිනා ජෛව සත්ත්වයින් වූ මුහුදු බෙල්ලන් විශාල ප්‍රමාණයක් විනාශයට පත් විය. පොම්ප කිරීමෙන් ඇති වූ මුහුද අභ්‍යන්තර කැළඹීම් නිසා මුහුදු ජීවීන්ටත්, මුහුදු ශාඛවලටත්, මුහුදේ අභ්‍යන්තර පිහිටීමටත් බරපතල හානි සිදුවී ඇති බව ද පරිසරවේදීහු පවසති.
ගල්කිස්ස වෙරළේ ස්වාභාවික පිහිටීමටත්, අලංකාරයටත් සිදු වූ හානිය ඊටත් වඩා දෙතුන් ගුණයකින් වැඩි ය. 1805 සිට 1811 දක්වා මෙරට සිටි තෝමස් මේට්ලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍යයෙක් වුවද ඔහු හෝ ඉන්පසුව ඒ ආශ්‍රිතව බිහි වූ අහිකුන්ටික ගම්මානයේ ජීවත් වූවන් පවා කිසිවෙකුත් හෝ මේතාක් මෙම ගල්කිස්ස වෙරළ වනසා දැමුවේ නැත. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා හා ලැවීනියා අතර ඉතිහාසගත ආදර අන්දරයට ද පාදක වන්නේ මෙම සොඳුරු ගල්කිස්ස වෙරළ ය. ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි (The Bridge on the River Kwai) චිත්‍රපටයේ (1957) ද රූගත කිරීම් කිහිපයක් මේ ආශ්‍රිත ව සිදුවී තිබේ.
ඉතිහාසය, වර්තමානය හා අනාගතය පිළිබඳ කිසිවක් නොසොයා නොබලා මුදල් වනසා දැමූ පුස් ව්‍යාපෘතියක් බවට පත් වූ මේ පිළිබඳ විමසීමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ හාස්‍යෝත්පාදක කතාවකි.
“වැලි අඩු වෙලා තියෙන්නේ එක පැත්තක විතරයි. අපට කොහොමටත් ඕනෙ වුණේ එක පැත්තක වැලි අඩු කරන්න තමයි. වැල්ලවත්ත දෙසට කිලෝමීටර් දෙකක විතර වෙරළ තීරයක් තමයි අපට හදන්න ඕනෙ වුණේ.” ඔහු කියන්නේ ය.
එහෙත් පරිසරවේදීන් පවසන්නේ ගල්කිස්ස මවුන්ට් ලැවේනියා වෙරළ මුහුදු හා අපෘෂ්ඨවංශික ජීවීන් මෙන්ම කුරුලු විශේෂ ද ඇල්ගී, වැටකෙයියා වැනි විවිධ ශාක වර්ග ද බොහෝමයක් පැවති ජෛව විවිධත්වයෙන් යුතු පාරිසරික වටිනාකමක් සහිත ස්වාභාවික මුහුදු බොක්කක් බවයි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Tags: විශේෂ
Share85Tweet43
Previous Post

නිරෝධායන වෙන අය රෑට පිළිමතලාව නගරයේ…

Next Post

මහනුවර ජාතික පාසල් 7න් 6ක් බරපතල ඩෙංගු අවදානමක

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.