නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සිදු නොකර තිබීමෙන් මහනුවර දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරසය පැතිරිමේ අවධානම් තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබදව හමුදාව සහ සෞඛ්‍ය අංශ අතර නියාමනයක් ඇති කළ යුතු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් , සිටින පිරිස් රාත්‍රි කාලයේ පිළිමතලාව නගරයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද ඇතැම් වෙළෙද සැල් වෙත ඇතුළු වී ඇති බවද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කීය.
තවද රාත්‍රි කාලයේ ඇතැම් පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන අසල ගැවසෙන බවත් විවිධ මත්ද්‍රව්‍ය ආදිය රැගෙන යන බවටත් තොරතුරු ලැබී තිබෙන බවද කී වෛද්‍ය තිලකරත්න මහතා මෙම තත්ත්වය මත නාවික හමුදා වට සිදුවූ ව්‍යසනය මහනුවර ට ඇතිවුව හොත් විසදා ගත නොහැකි ප්‍රශ්නයක් ඇතිවන බවද කීය.
මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන ඇසුරෙහි පමණක් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හමුවන හෙයින් එය පාලනය කිරිමට රජයට හැකියාව ඇතත් මෙවන් අකටයුතුකම් මත සමාජයට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමක් සිදුවුව හොත් දරුණු ලෙස වෛරසය පැතිර යා හැකි බවද වෛද්‍ය තිලකරත්න මහතා කිය.
මධ්‍යම පළාත් කොවිඩ් 19 පාලනය කිරිමේ කමිටු රැස්විම අමතමින් හෙතෙම අද 1දා මේ බව කීය.