බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කෙරවලපිටිය ඇමරිකාවට දීම ආණ්ඩුවේ අභ්‍යන්තරය ගිනියම් කරයි… හවුල්කාර පක්ෂ 11ක් හදිසියේ රැස්වෙයි! 

by editor
සැප්තැම්බර් 20, 2021
in සමාජ
Yugadanavi
Share on FacebookShare on Twitter

කෙරවළපිටිය යුග දනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් සමහ ඊට අයත් තවත් යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම ට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් අද රජය නියෝජනය කරන දේශපාලන  පක්ෂ 11ක නියෝජිතයෝ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයට රැස්වී සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම පිළිබඳව ඔවුන්  සිය අප්‍රසාදය පළ කර ඇති අතර ඔවුන් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳව තීන්දු තීරණ කිහිපයක් ගත්  බවත් එහිදී මුලින්ම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවී මේ පිළබඳව සාකච්ඡාවක් ලබා ගැනීමට තීරණය වූ බවත්  ඊට සහභාගී වූ මහාචාර්ය තිස්ස විතාරණ  “ලංකාසරට“ ප්‍රකාශ කළේය.

දැනට රජයට අයත් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නම් සමාගම පාලනයේ පවතින කෙරවළපිටිය යුගදනවි බලාගාරය ද්‍රව ස්වභාවික වායු (LNG)  මගින් ක්‍රියා කරන බලාගාරයක් බවට පත් කිරීමට අදාළ වන මෙම ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් බව පැවසේ.  මේ සඳහා ලංසු තැබූ සමාගම් අතර මෙම සමාගම නොපවතින  බවත් මීට වඩා වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගම් පවතින බවත් සඳහන් වේ.

මේ පිළිබඳව කරුණු දැක්වූ පක්ෂ නියෝජිතයන් අතර රජයේ අමත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර මෙන්ම මහාචාර්ය තිස්ස විතාරණ ද විය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විෂය භාර කැබිනට් අමාත්‍යවරුන්ගේද දැනුවක් භාවයකින් තොරව මෙම යෝජනාව ඉදිරිපත් ව ඇති බවට ප්‍රකාශ කෙරුණු අතර පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේ දී මෙම යොජනාව සම්බන්ධයෙන් විරෝධය පළ කළ අමාත්‍යවරුන් වෙන් වෙන්ව කැඳවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , බලශක්ති අමාත්‍යංශ ලේකම් එම්. ෆර්ඩිනැන්ඩු සහ මහා භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල   විසින් මෙම සමාගමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්  දක්වන ලද හේතුද මෙහිදී අවධානයට ලක් වූ බව ලංකාසරට අදහස් දැක්ව එක් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කෙසේ වුවද මෙහිදී ඇතැම් පක්ෂ නියෝජිතයන් මෙම තිරණය ආපසු හැරවිය යුතු බවත් නිව් ෆෝට්‍රස් සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම අවලංගු කළ යුතු බවටත් යෝජනා කළද මේ පිළිබඳව ඉදිරියේ දී ජනාධිපතිවරයා . අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට කෙරෙහි එහිදී අවධානය යොමුවූ බවත් ලංකාසර ට අනාවරණය විය.

කෙළවරපිටිය බලාගාරය සම්බන්ධව සිදු වූයේ කුමක් ද?

කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනු ලබයි. එයට තවත් මෙගවොට් 300ක් එකතු කිරීමට නියමිතව තිබිණි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක්  රට සතුව පැවතිනි. ඒ අනුව එය රටේ විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිත වූයේය.

කෙළවරපිටිය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයකි. දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක්  පවතී. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනු ලබයි.

විවෘත ලංසු කැඳවීම

මේ තත්වය තුළ ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍යවන යටිතල පහසුකම් සඳහා රට ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළේය. එය සිදු කළේ    බලශක්ති ඇමති  උදය ගම්මන්පිල විසිනි.    පසුගිය පෙබරවාරි 18වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් ද පල විය.

මේ අනුව පාවෙන ගෑස් ගබඩා පද්ධතියට සහ නළ පද්ධතියට වෙන්වෙන්ව ටෙන්ඩර් කැඳවා තිබුණි. එහි ඉල්ලුම්පත්‍ර ලබාගැනීමට රු. ලක්‍ෂ 2ක තැන්පතුවක් ලබා ගත්තේය. ජූලි 18 වැනි  දිනට පෙර ලංසු ඉදිරිපත් කළ යුතුව තිබුණි.

එහෙත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ “නිව් පෝට්‍රට් එනර්ජි “ නම් ඇමරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තේය.

වංගු ගැසීම

කෙරවලපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූයේය. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැත. අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් විය. ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබා ගන්නේ ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධය මධ්‍යයේය. එවිට මුදල් ඇමතිවරයා කීවේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරන බවය.

සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමය. නමුත් මෙහිදී සිදුවුණේ එහි පරස්පරය ය.

මේ ගිවිසුම අත්සන් කළේ පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට ය.    ඒ සඳහා සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 2 පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු ගොස් තිබිණි.

තවත් තොරතුරු වාර්තා වන්නේ ඉන් පසුවය.  ටෙන්ඩර් පත්‍රිකාවකින් තොරව මෙම විකිණීම කළ   සමාගමටම වසර 5ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබිනි.

එසේම කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් ලබාදීමේ බලයත් මෙම සමාගමට ලබා දීම රට වික්ෂිප්ත කළේය .

ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට කෙරවලපිටිය  බලාගාරය ලබා දෙන්නේ ඇයි ද යන්න රටට පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  විවෘතව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධව කළ මුල්ම ප්‍රසිද්ධ හෙළිකිරීම එයය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාව කතා කරවන්න එපා… ඔයාලගෙ රෙදි ගැලවෙයි… පොහොට්ටු මන්ත්‍රී ජගත් ඇමති සරත්ට සහ ලොකුගේට කියයි!

Next Post

අරක්කු ගේන්න යන කෙනා අල්ලන්න බෑ… හාල් කිලෝ එකක් ගන්න යන කෙනා අල්ලන්න පුලුවන්… මෙහෙම නම් රස්සාව කරන්න බෑ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.