සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

උතුරේ ධීවර ප්‍රශ්නය රාජ්‍යයන් අතර ගැටුමක් දක්වා  දික් ගැස්සෙන්නේ ඇයි?

by editor
ඔක්තෝබර් 30, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුද බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින් උතුරේ ධීවරයින් සතු මුහුදු සම්පත කොල්ලකෑමේ ප්‍රශ්නය මේ වන විට විශාල අර්බූදයක් බවට පත්ව තිබේ.

ධීවරයින්ගේ මේ ආරවුල රටවල් දෙකේම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවලට පවා තර්ජනයක් කැළලක් වී හමාරය.

උතුරේ ධීවරයින්ගේ චෝදනා –

උතුරේ ධීවරයෝ මේ ප්‍රශ්නයේදී   පාර්ශ්වයන් කීපයකට චෝදනා කරති. පළමුව ඔවුන්  ශ්‍රී ලංකා රජයට චෝදනා කරයි. ඒ වසර හතළිහක පමණ කාලයක් දිග් ගැසෙන මේ ප්‍රශ්නයට රජයෙන් විසඳුම් ලබා නොදීම සම්බන්ධවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මත්ස්‍ය සම්පත නිසා රටවල් දෙක අතර ඉතා දීර්ඝ කාලයක් පවතින රාජ්‍ය තාන්ත්‍රික හොඳ හිත පළුදුකර ගැනීම අනවශ්‍ය බවට හිටපු ධීවර  අමාත්‍යවරයෙකු විසින් කළ ප්‍රකාශය නිසාම උතුරේ ධීවරයන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවය.

ඩග්ලස් දේවානන්දා

ධීවර අමාත්‍යවරයා වශයෙන් පත්ව සිටින පුද්ගලයා උතුරේම පුද්ගලයෙකු නිසා   ඔහු විසින් මේ ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබා දෙනු ඇතැයි උතුරේ ධීවරයෝ විශ්වාස කළහ. එහෙත්   එය එසේ නොවූ තැන දැන් උතුරේ ධීවරයින්ගෙන් බහුතරය ධීවර අමාත්‍යවරයා සමගද විරසක වී සිටිති.

ඉන්දීය ධීවරයන් විසින් කපා දැමූ දැල්

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට විසඳුමක් මේ වසර අවසාන වීමට පෙර උතුරේ  ධීවරයින්ට ලබා දෙන බවට ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා පොරොන්දු වූවත් මේ වන විට ඉන්දීය ධීවරයෝ උතුරේ ගොඩබිම් ප්‍රදේශ දක්වාම පැමිණෙති.  බලහත්කාරකම් කරති. ලාංකික ධීවරයින්ගේ දැල් කපති. මුහුද මැද දී ප්‍රහාර එල්ල කරති.   මේ විකල් පරිසරයේ දී  කුපිත වී සිටින යාපනයේ ධීවරයින් දැන් අඛණ්ඩව   විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාවට නංවා තිබේ.

ටී.එන්.ඒ  ෂෝ එක…

උතුරේ ධීවරයින්ගෙන් සියයට අනූපහක්ම දෙමළ ජාතික ධීවරයෝ වෙති. ඔවුන්ගේ බහුතරය සිටින්නේ දෙමළ ජාතික සන්ධානයත් සමගිනි. ධීවරයන් ඔවුන්ට ඇති ප්‍රශ්නය සමබන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැනුම්වත් කර තිබණි. ඒ දේශපාලනිකව තම සටනට ආවරණයක් ලබා ගැනීම සඳහාය.

ටී.එන්.ඒ  මන්ත්‍රී   එම්.ඒ.සුමන්තිරන්  බෝට්ටු සවාරියක් සංවිධානය කරන්නේ ඒ අනුවය.  බෝට්ටු සවාරියේ අරමුණ  ඉන්දිය ධීවරයින්ට එරෙහිව විරෝධතාවයක් සූදානම්  කිරීමය.

සුමන්තිරන් බෝට්ටු සවාරියට සූදානම්ව…

ඒ සමගම දෙමළ  ජාතික සන්ධානයේ තවත් පිරිසක් ඒ ක්‍රියාවට විරෝධය පල කිරීම නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයා කලේ රඟපෑමක් බවට උතුරේ ධීවරයින්ගෙන් ඔහුට චෝදනා ගණනාවක්ම එල්ල විය.

ටී.එන්.ඒ. ඩබල් ගේම

ලංකාවේ දේශපාලනඥයින්ගේ පඹයින් තනා ඒ පඹයන්ට   පහර දීමත් පඹයින් ගිනි තැබීමත් උතුරේ ධීවරයන්ද පටන් ගත්තේය. සුමන්තිරන්ගේ පඹයන් ද ගුටි කෑවේය.  හොඳ හැටියට ගුටි කෑවේය.      සුමන්තිරන්ගේ අනුරුවට සෑදූ පඹයින්ට පහර දී ඒවාට ගිනි තැබූහ.

දෙමළ ජාතික සන්ධානය කිසි විටකත් මේ ධීවර ප්‍රශ්නය නිසා ඉන්දියාව අමනාප කර ගැනීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වයි. ඉන්දියාව කුල්මත් කරමින්ම    තමන්ගේ ඡන්දදායකයින් වන උතුරේ ධීවර ජනතාවද බැලන්ස් කර තබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරයි. ටී.එන්.ඒ  සෙල්ලම් කරන  ඩබල් ගේම නිසා  මහපාරට වැටී සිටින්නේ උතුරේ ධීවරයන්ය.

සාකච්ඡා

උතුරේ ධීවරයින් මේ ප්‍රශ්නය පිළිබදව ඉන්දියාව සමග පවත්වන ලද සාකච්ඡා  ගණන අපමණය. එහෙත් ඊට මේ දක්වා ලැබී ඇති ප්‍රතිචාරයක් නොමැත. උතුරේ ධීවර සංවිධාන නියෝජිතයන් මේ ගැන සාකච්ඡා කිරීමට ඉන්දියාව බලා ගියේ උතුරේ ධීවරයින්ගේ මුදල් වලිනි. ධීවරයෝ ඉතා දුක් මහන්සියෙන් හරි හම්බ කරගන්නා මුදලෙන් සියට ගණනක් ධීවර සමීතියට දෛනිකව සාමාජික හා තැන්පත් මුදල් වශයෙන් ලබා දෙන නිසා රටේ වෙනත්  වෘත්තීය සමීතිවලට මෙන්ම උතුරේ එක්සත් ධීවර සමීති සන්ධානයටද යම් කිසි මුදලක් තිබේ.

ධීවර සමීති නායකයෝ ඉන්දියාවට ගොස් සාකච්ඡා කළේ ඒ මුදල් වියදම් කරමිනි.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමගද එකතු වී උතුරේ ධීවරයන් ඉන්දියාවට ගොස් සාකච්ඡා කළත් ඒ සාකච්ඡාවලින්ද ලැබුණු ප්‍රතිපලයක් නොමැත.

මේ මොහොතේත් ක්‍රියාත්මක ධීවර උද්ඝෝෂණ..

 දේශපාලන මාළු කාරයෝ

උතුරේ ධීවරයින් ප්‍රකාශ කරන්නේ  ඉන්දියාවේ බොහෝ ප්‍රබල දේශපාලනඥයින් ටෝලර් යාත්‍රා සිය ගණනින් මිලට ගෙන ඒවා උතුරු මුහුදු සීමාවේ බලහත්කාරයෙන් මසුන් මැරීම සදහා යොදවා තිබෙන  බවය. මේ නිසා ඉන්දීය දේශපාලනඥයින්ගෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තූ වීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙසටද ඔවුන් දකියි.

ඉන්දීය දේශපාලනඥයින් පමණක් නොව මේ රටේ දේශපාලනඥයින් ද රජයට හිතවත් ව්‍යාපාරිකයන් ද උතුරු මුහුදේ බලහත්කාරයෙන් මසුන් මැරීමේ ක්‍රියාවලියට එකතු වී සිටින බවට උතුරේ ධීවරයෝ චෝදනා කරති.

මේ තත්ත්වය නිසා  ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය වැළැක්වීමට ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරියෙන් පිළිතුරක්  නොලැබෙන බව උතුරේ ධීවරයින්ගේ මතයයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙමටගොඩ රුවන්  කොළඹ දේශපාලකයින්, පොලිස් – හමුදා ලොක්කන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක!

Next Post

දිවයිනේ සියලු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි 08 දා විවෘත වේ…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.