බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමටගොඩ රුවන්  කොළඹ දේශපාලකයින්, පොලිස් – හමුදා ලොක්කන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක!

by editor
ඔක්තෝබර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරක කාලයක් තුළ මත්කුඩු ටොන් එකකට වඩා රට තුළට රැගෙන විත් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන සිටින දෙමටගොඩ රුවන් නැමැති කුඩු ජාවාරම්කාර පාතාල නායකයා තමන් සමග සමීප සම්බන්ධකම් පවත්වමින් තමන්ගේ මුදල් මත යැපුනු ඉහළ පෙළේ දේශපාලකයන්ගේ සහ නියෝජ්‍ය පොලිස්පති මට්ටමේ පොලිස් නිලධාරීන්ගේ නම් ගම් සහිත සියලුම තොරතුරු හෙළිදරව් කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදරු වී මේ වනවිට මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ සිරගෙදර ගත කරන දෙමටගොඩ චමින්ද ගේ සහෝදරයෙක් වූ දෙමටගොඩ රුවන්  ඊයේ (29) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගැනීමේ නියෝග මත අත්අඩංගුවට ගත්තේය.

මේ අපරාධකරු රටේ පක්ෂ විපක්ෂ දේශපාලන ප්‍රබලයන් බලයට රැගෙන ඒම සඳහා විවිධ අවස්ථාවල රුපියල් කෝටි ගණනින් වියදම් කර ඔවුන් සමග සමීප සබඳතා ගොඩනගාගෙන තිබිණි. එමෙන්ම රටේ දේශපාලනයට සම්බන්ධ බලවත් හිමිවරුන්ට ද පිරිකර ලෙස අලුත්ම වාහන පූජාකර ඔවුන්ගේ ආවරණය ද සිය මත්කුඩු ජාවාරමට ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බව හෙළි වී තිබිණි.  දේශපාලන තීරක බලයක් සිය පන්සල කේන්ද්‍රකරගෙන මෙහෙයවන කොළඹ බල ප්‍රදේශයට අයත් අතිශය දේශපාලනික පන්සලක බලවත්ම නායක හාමුදුරුනමක් පරිහරණය කරමින් සිට තිබුණේ මෙම කුඩු ජාවාරම්කරු විසින් අලුතින්ම මිල දී ගෙන ලබා දුන් හොන්ඩා වෙසල් වර්ගයේ රථයකි.

මේ වනවිට සිදුකරමින් ඇති ප්‍රශ්නකිරීම් වලදී  නගර සභා චන්දවල සිට ජනාධිපතිවරණ, මහ මැතිවරණ දක්වා, කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉහළම දේශපාලන බලවතුන් වෙනුවෙන් මේ කුඩු ජාවාරම්කරු කළ වියදම් මෙන්ම ඔවුන්ගෙන් ලබා ගත් රැකවරණය සම්බන්ධව සියලු තොරතුරු ඔහු චකිතයකින් තොරව මේ වනවිට හෙළිකරමින් සිටින බව පැවසේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම තමන් විසින් නඩත්තු කළ පොලිසියේ ඉහළම නිලධාරීන් මෙන්ම යුද හමුදාවේ නිලධාරීන්ගේ නම් ලයිස්තුවක් ඔහු විසින් ප්‍රකාශ කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

මේ හෙළිදරව්වීම් හේතුවෙන් කොළඹ දේශපාලන බලවතුන් කීපදෙනෙක් දැඩි තිගැස්මකට ලක් වී ඇතැයි කියැවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේදනාව පිළිබඳ වෛද්‍ය පීඨයේ 9 වැනි වාර්ෂික අධ්‍යයන සැසිය අද සහ හෙට

Next Post

උතුරේ ධීවර ප්‍රශ්නය රාජ්‍යයන් අතර ගැටුමක් දක්වා  දික් ගැස්සෙන්නේ ඇයි?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.