බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අලුත් වටයකින් ලෝක දේශපාලන විභේදනයේ මරණීය ලකුණු  පලස්තීන ඊශ්‍රයාල් යුද්ධය…

by editor
ඔක්තෝබර් 16, 2023
in සමාජ
gaza

ඊයේ එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් නිවාස පන්තියක් සුන්ද්ධූලි වී ඇති අයුරු...

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඊශ්‍රායල  පාලිත ප්‍රදේශයේ  බටහිර ඉවුරේ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකිරීම ඊශ්‍රයාල හමුදා විසින්  ආරම්භ කර තිබේ. ඊශ්‍රයාල භූමියේ ඇති නැගෙනහිර ජෙරුසලම, නබ්ලස්, බෙත්ලෙහෙම්, හෙබ්‍රොන් සහ ජෙරිකෝවේ, අකාබට්, ජබර් ප්‍රදේශවල ක්‍රියාත්මක වී ඇති ඊශ්‍රයාල හමුදාව පලස්තීනුවන් දුසිම් ගණනක් ද අත්අඩංගුවට ගෙන ඇති ආකාරය අල් ජසීරා වාර්තා කරයි.

ජෙරුසලමේ ෂුෆට් කඳවුර…

ඊශ්‍රයාල හමුදා  ජෙරුසලමේ ෂුෆට් සරණාගත කඳවුරට   විශාල වශයෙන් කඩා වදින දර්ශන X ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.  ෂෆුට් පිහිටා ඇත්තේ ඊශ්‍රයාලය තුළය. එහි රැඳී සිටි නිරායුධ සිවිල් පලස්තීනුවන් දැන් ඉන්නේ ඊශ්‍රයාල් සන්නද්ධ හමුදා අත් අඩංගුවේය.

مشاهد من اقتحام قوات الاحتلال بأعداد كبيرة لمخيم شعفاط في #القدس المحتلة وشنها حملة دهم واعتقال بحق فلسطينيين#فيديو pic.twitter.com/QX0cxmG9tI

— الجزيرة فلسطين (@AJA_Palestine) October 16, 2023

මේ අතර  ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇති ගාසා හී හමාස් පාලිත කොටසට ආධාර ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මධ්‍යයේ ගාසා තීරයට ප්‍රවේශය සපයන ඊජිප්තු පාලනය යටතේ ඇති  දොරටුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව රොයිටර් වාර්තා කරයි.

ගොඩබිම ආරම්භ වූ සීමිත මෙහෙයුම් අතර  ඊශ්‍රයාල ගුවන් ප්‍රහාර ද නැවතී නැත. ගාසාහි සිවිල් ආරක්ෂක් මූලස්ථානයට එල්ල වුන  ඊශ්‍රයාල් ගුවන් ප්‍රහාරයකින්  මුදවා ගැනීම්වල නිරත සිවිල් ආරක්ෂකයින් පස් දනෙක් ඝාතනය වී ඇති බවත් එය යුද අපරාධයක් බවත් අද  (16) උදේ ගාසා තීරයේ    පලස්තීන ආණ්ඩුව  නිවේදනය කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

gaza
දේශසීමාව වෙත ඇදෙන ඊශ්‍රයාල් හමුදා….

හමාස් සංවිධානය සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දැන් ඊශ්‍රයාලය අරඹා ඇත.   එය ආරම්භ වන්නේ  ලෝකයේ දේශපාලන විභේදනයේ දිශානතිය මත මරණීය සලකුණු තබමිනි.  වැසි වැටෙන්නාක් බඳු රොකට් වෙඩි ප්‍රහාර මැද මේ මොහොතවනවිටත් උතුරු ගාසා තීරය අත් නොහළ සිවිල් වැසියෝ වෙසෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ගාසා තීරයේ එන්ක්ලේව්හි විශාලතම ජනාවාස වන ගාසා නගරය ඇතුළත් වන පරිදි සිවිල් වැසියනට හමාස් පාලිත ප්‍රදේශයෙන් ඉවත්ව  වහාම දකුණට ගමන් කරන ලෙස ඊශ්‍රයාලය දැනුම් දුන්නේ සිකුරාදා ය. ඉවත්වීම සඳහා බලා දුන්නේ පැය 24කි. දැන් ඒ කාලය ඉක්ම ගොස් පැය 48කුත් ඉක්ම  ගොස්  තිබේ.  හමාස් සංවිධානය සිවිල් වැසියන්ට දන්වා තිබුණේ  පිටතට යන මාර්ග අනාරක්ෂිත බවය.    සිකුරාදා සරණාගතයින් රැගත් කාර් සහ ට්‍රක් රථවලට එල්ල වූ ප්‍රහාරවලින්  දුසිම් ගණනක් මිනිසුන් මිය ගිය බවය හමාස් පාලනය සිවිල් වැසියන්ට දන්වා තිබිණි. .

පලස්තීන භූමියේ බටහිර අවශ්‍යතාවය අනුව ඊශ්‍රයාල් යුදෙව් රාජ්‍යය ප්‍රකාශයට පත් කරන්නේ වර්ෂ 1948 දී ය. මේ ඊශ්‍රයාල් පලස්තීන ගැටුම ඇතිවන්නේ සිය භූමියෙන් පලස්තීන ජාතිකයන් විතැන් කර මැදපෙරදි කලාපයේ මුස්ලිම් නොවන එකම රාජ්‍ය පිටතින් ගෙනැවිත් රෝපණය කළ දා සිටය. 1948 ඇරඹුන යුද්ධයේදී පලස්තීන වැසියන්ට තමන්ගේ භූමියේ සියලුම අයිතිවාසිකම් නැති වී ගියේය. සියලුම වත්කම් අහිමිවිනි.  ඒ අත්දැකීම් සිහි කරමින් මොන දුෂ්කර මොහොතකවත් සිය නිවෙස් අත් නොහරින බව තවමත් උතුරු සීමාවේ රැඳී සිටිනා පලස්තීන ජාතිකයෝ පවසා තිබුණහ.

gaza
මධ්‍යම ගාසා නගරයේ අල්-ජලා වීදියේ නිවසකට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු පලස්තීනුවන් තුවාල ලැබූ පුද්ගලයෙකු ස්ට්‍රෙචරයක් මත රැගෙන යති.

“ඔවුන් අපට පහර දෙනවා, නමුත් අපි අපේ ගෙවල් හැර යන්නේ නැහැ, අපි අවතැන් වෙන්නේ නැහැ,” ෂහීන් ඇගේ මුණුබුරන් සමඟ නිවසේ හිඳගෙන, ඉවක් බවක් නැති ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ට සහ පාන්, පානීය ජලය සහ විදුලි හිඟයට මුහුණ දෙන ආකාරය රොයිටර් වාර්තා කර තිබිණි.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය මිනිසුන්ව මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සඳහා පිටව යාම වළක්වන බවය. එහෙත් හමාස් සංවිධානය ඒ කතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වනවිට ගාසා තීරය මළගෙයක් වීම ඇරඹී තිබේ. පසුගිය පැය 24තුළ පමණක් කාන්තාවන් සහ දරුවන් වැඩි ප්‍රමාණයක් සහිතව පලස්තීන විසිල් වැසියන් 300ක් ඊශ්‍රයාල් රොකට් ප්‍රහාරවලින් මිය ගොස් තිබිණි.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (16) අලුයම ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයින් 300 ක්, වැඩි වශයෙන් ළමයින් සහ කාන්තාවන්   මිය ගොස් තවත් 800 ක් තුවාල ලබා ඇති බවය.

ඊශ්‍රායල පාලනය යටතේ නොතිබූ ගාසා තීරයෙන් පිටතට යන එකම මාර්ගය වූයේ රෆාහි ඊජිප්තු  සීමාවේ ඇති  මුරපොල පමණි.

ඊජිප්තුව නිල වශයෙන් පවසන්නේ එහි පැත්ත විවෘතව ඇති නමුත් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගමනාගමනය දින ගණනාවක් නතර කර ඇති බවයි. ඊජිප්තු   මූලාශ්‍ර  පවසා ඇත්තේ   කයිරෝවට සරණාගතයින්ගේ විශාල ප්‍රවාහයක් පිළිගැනීමට අදහසක් නොමැති බවය.

මේ තත්ත්වය තුළ මේ මිනිස් ප්‍රවාහයට නියමිතව ඇතතේ ගාසා තීරයේම වැළලී යන්නට ද?. පරිනාමයේ මූලික අවධිවල ඇති වූ තිරිසන් ම්ලේච්ඡත්වයේ හැඟීම් ශිෂ්ඨචාරයක් මත පතිතවනු ලෝකය  අප සිතුවේ නැත.  ඒ නොදියුණු ම්ලේච්ඡත්වය සමග සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දෙපාර්ශවයක් මිනී මරති. වෙනස් වී ඇත්තේ ඔවුන් ඒ සටන කරන උපකරණ පමණි.  ශිෂ්ට යැයි කියන ලෝකයත් ගාසාහි අසරණ වූ සිවිල් වැසියන් පිළිගැනීමට සූදානමක් නැත.

ලෝකයේ  තවමත් සිටින්නේ බාහිරින් හැඩකළමුත් වල්ගය නොකැපූ තිරිසන්නු බව ගාසා තීරයේ ඇරඹී ඇති අමානුෂික යුද්ධය ඛේදාන්විතව

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යතුරුපැදි සීයකින් යාපනය බස් නැවතුමට පැමිණ සාද පවත්වා යාපනයේ කඩු කල්ලි නායකයෙකුගේ උපන් දිනය සමරලා…

Next Post

බිම් බෝම්බ ඉවත් කළ මුලතිව්වලින් ජොනී බට්ටන් තවන් කළ භූමියක් හමුවෙයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.