දිනසේන රතුගමගේ-
බිම් බෝම්බ ඉවත් කළ බවට සහතික දුන් මුලතිව් ආන්දන්කුලම ප්‍රදේශයේ ගෙවත්තකින් ජොනී බෝම්බ බෝමබ සමූහයක් ඊයේ (15) දා හමු වී තිබේ.
ඉඩමේ අයිතිකරු ඉඩම සුද්ද කිරීමට ගිය අවස්ථාවේදී මෙම බෝම්බ දැක ඒ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කර ඇත.
මුලතිව් පොලීසිය අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව එම බෝම්බ තවානේ තිබූ බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා ගොඩ ගැනීමට කටයුතු යොදා තිබේ.
යුද සමයේදී කදවුරක් ආරක්ෂා කර ගැනීම සදහ මෙම බෝම්බ සමුහය යොදන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.