බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

81 වැනි විය සපුරන වියපත් නොවූ ප්‍රාඥයා… සිරිනිමල් ලක්දුසිංහ

by editor
ඔක්තෝබර් 19, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

විනී ලයනල් ගලහිටියාව –
රත්නපුර කෞතුකාගාරයේ හිටපු ස්ථාන භාර නිලධාරී –

ශ්‍රී ලාංකික ජන උරුමයන් අවදි කරමින් පර්යේෂණාත්මක යුග මෙහෙවරක් කළ විද්වතුන් අප අතර ඉතිරිව ඇත්තේ ඉතාම අල්පයකි. ඒ දැනුමැත්තන් අතර කෞතුකාගාර ක්ෂේත්‍රයට අනුපම දායකත්වයක් ලබාදුන් පෙර ගමන්කරුවන් අතරද පෙරමුණේම සිටින විද්වතෙකු වූ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ, ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතාට මෙම ඊයේ (18) 81 ක් වසරක් පිරුණේය. මෙහිලා මාගේ උත්සාහය වන්නේ එම විද්වතාගෙන් ලත් තොරතුරු විමසා කරුණු බිඳක් ඔබ වෙත ගෙනහැර පෑමටය.

ඒ දැනුමැත්තා වසර විසි ගණනක කාලයක් රාජකාරි වශයෙන් සමීපව ඇසුරු කළ ගෝලයෙකු වූ හෙයින් ඔහු හමුවන අටියෙන් මා වේයන්ගොඩ මාරමුල්ල මාර්ගයේ මඳ දුරක් ගෙවා අසපුවක් බඳු වූ නිවසේ ආලින්දයට ගොඩ වැදුනෙමි. ඒ වන විට ඔහු ආලින්දයේ කෙළවර පුටුවක හිඳ පොතක් කියවමින් සිටියේය. මා දුටු කෙනෙහිම සුපුරුදු  සිනාවක් පා හලෝ විනී කියා අමතා පිළිගනු ලැබීය.

සිරිනිමල් ලක්දුසිංහයන් උපත ලද්දේ 1939 ඔක්තෝම්බර් මස 18 වන දිය. ඒ ගම්පහ සියනෑ කෝරළයේ, වේයන්ගොඩට නුදුරු නිවසකදී ය. මව ඇසිලින් ලියනගේ වූ අතර පියා ඩබ්.පී.ජානිස් ය. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අතර එම දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති නායකයෙක් ද විය.

ඒ මහතා වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් හා මධ්‍ය මහා විද්‍යාලයන්හි ඉංග්‍රීසි මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත. 1963 දී අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් සමත්ව තරුණ ලක්දුසිංහ   ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී පුරා විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබනුයේ 1967 වසරේදී ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ වකවානුවේදී වාමාංශික දේශපාලනයේ නියැලී ශිෂ්‍ය සංගම්හි විවිධ තනතුරු හොබවනු ලැබුවේ. තවද එම අවධියේ දේශපාලන සමකාලීනයන් ලෙස ආරිය බුලේගොඩ, පී.කිරිවන්දෙණිය, අ.ගා.ජයසේන හා මාදුළුවාවේ සෝභිත හිමි, පොහොද්දර මුල්ලේ ප්‍රේමාලෝක හිමි යන ගිහි පැවිදි විශිෂ්ටයන් සමග සමාජ දේශපාලන සංවාදයක නිරත වූයේය..

එයින් පසුකාලීනව කම්කරු දෙපාර්තමේන්තුවේ අනියම් ලිපිකරු තනතුරකින් වෘත්තිය ජීවිතය ඇරඹූ ඔහු 1969 වසරේ කල්මුණේ පළාත් පාලන කාර්යාලයේ ප්‍රජා සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

1970 වසරේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානව වංශ විද්‍යා සහකාර තනතුරට පත්ව කෞතුකාගාර ප්‍රවර්ධනය සඳහා භාණ්ඩ රැස්කිරීම, ලේඛනගත කිරීම, සංරක්ෂණය කිරීම, ආරක්ෂණය, පර්යේෂණ හා ප්‍රදර්ශන කටයුතු වල නිරතව ඇත.

1944 දෙවන ලෝක යුද්ධ සමයේදී කොළඹ කෞතුකාගාරයේ ප්‍රධාන මැදිරිය ආරක්ෂක හේතූන් මත භාණ්ඩ ඉවත් කර වසා දමා තිබුණි. එලෙසින් වසර 28 ක් පමණ වසා තිබුණු ප්‍රධාන ගැලරිය නැවත ප්‍රතිසංවිධානය කර   මහජන ප්‍රදර්ශනය සඳහා ඉ ඩසැලසීම එතුමාගේ සුවිශේෂී කාර්යයක් විය.

එලෙසින් කල්යත්ම 1994 දී ඔහු කෞතුකාගාර අධ්‍යක්ෂ තනතුරට පත්වන්නේ ය. එයින් පසු කොළඹ කෞතුකාගාරය ප්‍රධාන කෞතුකාගාර ජාලයේ අඩුපාඩු එකින් එක සොයා බලා නිවැරදි කිරීම සඳහා යම් පියවරයන් ගැණින.

එම පියවරයන් අතර කොළඹ කෞතුකාගාර ප්‍රධාන පුස්තකාලය තිබුණත් නඩත්තු කටයුතු මෙන් ඉඩකඩ මඳ හෙයින් වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට සූදානමක් කර තිබුණි. ඒ අවධියේ සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වූ මහාචාර්ය ඒ.වී.සුරවීර  මාර්ගයෙන් එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරණතුංගට දන්වන ලදී. එකෙනෙහිම ජනාධිපතිනිය මිලියන 186 ක් අනුමත කර සිව්මහල් ගොඩනැගිලි 2 ක් ප්‍රධාන කෞතුකාගාරයට සම්බන්ධ කර ඉදිකිරීමට  කටයුතු කළේය. එය ලක්දුසිංහයන්  ලත් තවත් ජයග්‍රහණයකි.

ඒ වන විට කෞතුකාගාර දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් සිටියේ දෙතුන් දෙනෙකු පමණි. ලක්දුසිංහයන් කෞතුකාගාර ප්‍රධාන තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම් සිදු කරන ලදී. එලෙස බඳවාගත්  අය අතුරින් වර්තමාන කෞතුගාකාර අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි, නියෝජ්‍ය කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ හා කොළඹ කෞතුකාගාර අධිකාරී රංජිත් හේවාගේ වෙති.  ඒ ගැන ඔහු සතුටු වන බව අප හා කීය.

1996 වර්ෂයේ විශේෂිත වූ ලෝකඩ කලා නිර්මාණ ප්‍රදර්ශනයක් කොළඹ කෞතුකාගාරයේදී පවත්වා ඇත. ඒ ප්‍රදර්ශනය පිළිබඳ සමරු සටහනක් තබන මහාචාර්ය සුනිල් ආරියරත්න මෙසේ සඳහන් කර ඇත.

 

“මෙතරම් කළක් මේ ප්‍රදර්ශනය නරඹන්ට මෙතැනට නොපැමිණීම ගැන මම ලැජ්ජා වෙමි. අප හැමදාමත් දකින්නේ ප්‍රදර්ශන නාමයෙන් පවත්වන්නාවූ භාණ්ඩ පෙළගැස්මකි. එහෙත් මෙකී ප්‍රදර්ශනය වනාහී ශ්‍රී ලංකාවාසීන් තුළ මහත් අභිමානයක් දනවන අයුරින් නිර්මාණාත්මකව සැකසුණ පෙළහරකි. මෙබඳු පෙළහරක් පෑ සිරිනිමල් ලක්දුසිංහයන්ටත්, කාර්යමණ්ඩලයටත් සමස්ථ ලංකාවාසීන්ගේ ප්‍රණාමය පුද කළ යුතුය.”

සුනිල් ආරියරත්න

96/01/18

ලක්දුසිංහයන් 1999 වසරේ කෞතුකාගාර සේවයෙන් විශ්‍රාම යන විට ඔහු පුරා විදයා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද පත්ව සිටි අතර ඉන් විශ්‍රාම ලබන්නේ 2004 වසරේදී ය.

එමෙන්ම ඔහු විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු වන අතර ඔහු කවියෙන්, ලේඛකයෙක්ද වේ.

සිරිනිමල් ලක්දුසිංහයන් කෞතුකාගාර සේවයෙන් සමුගන්නා උත්සවය අමතා කළ දේශනයේ මෙලෙස සටහනක් කර ඇත.

“මට වේයන්ගොඩ ගමේ ගැමි ගෙදරක උපන් කෙනෙක්. අද මේ සුවිශේෂී සම්භාවනාවට ලක්වීම තෙක් මගේ ජීවිතයේ සිදු වූ සියලු වර්ණවත් සිද්ධිවල හිමිකම අයිතිය මේ විශිෂ්ඨ භූමියට අයත්. අප දෙපයින් නැගී සිටුවන ලද්දේ අපට අවශ්‍ය ශක්තිය ලබාදුන්නේ මේ මේ පින් බිමයි. එයට දණ නමා වැඳ නමස්කාරයට මේ භූමිය නිතැතින්ම හිමිකම් ලබයි.” යන්නය.

නිහතමානී ගුණොපලක්ෂිත දැවැන්ත බුද්ධිමතාණනි, ඔබට දීර්ඝායු !

 

 

Share69Tweet43
Previous Post

කොවිඩ් අස්සේ සුව ඇමතිනි පවිත්‍රාට ඩෙංගු මඩින්න ගමට යන්න වෙලා

Next Post

හම්බන්තොට විෂ ලුණු තොගය විකිණීමේ තැත තෙවන වරටත් වරදී…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.