අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අස්සේ සුව ඇමතිනි පවිත්‍රාට ඩෙංගු මඩින්න ගමට යන්න වෙලා

by Lanka Sara Editor
ඔක්තෝබර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2020 වසරේ දෙවන කාර්තුවේ මුළු දිවයිනෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් මහනවුර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නියෝජනය කරන රත්නපුර ඇය ඊයේ ඩෙංගු මර්දන වැඩ සටහනකට සහභාගී වීමට සිදුවිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු මදුරු මර්දන සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින (18) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණු අතර . සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන විසින් කුරුවිට නගරය මුලික කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් -19 රෝගී තත්ත්වය පාලනය හා මැඩපැවැත්වීම සදහා රජය විසින් ගෙන යනු ලබන වැඩසටහනට මෙන්ම මිනිස් ජිවිත අහිමි කරමින් සමාජයට මහත් බලපෑමක් එල්ල කරනු ලබන ඩෙංගු මදුරු මර්දනය සදහා ද මෙහෙයුමක් දියත් කරන බවයි. කොවිඩ් හේතුවෙන් බිලිගත් ජිවිත ප්‍රමාණයට වඩා මෙරට ඩෙංගු රෝගය හේතුවෙන් ජිවිත අහිමි වී ඇති බව ද මෙම වසරේ ජිවිත 34 ක් ඩෙංගු රෝගය නිසා අහිමිව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි. අප අවට පරිශ්‍ර පිරිසිදු කර ගනිමින් ජනතාව ද ඩෙංගු මදුරු මර්දනය සදහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

2020 වසරේ දෙවන කාර්තුවේ මුළු දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 4311 වාර්තා වන අතර, වැඩිම ‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක වලිනි. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 715 ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 668 ක් වාර්තා වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ද කුරුවි‌ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒ රෝගීන් 169 ක් වශයෙනි. එම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කුරුවිට කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබුනි. මේ වසරේ ගත වූ මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 27,870 ක් වාර්තා වී ඇති අතර, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ද ක්‍රියාත්මක වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම මදුරු මර්දන වැඩසටහන සදහා එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “මේ ජාතික ඩෙංගු මදුරු මර්දන සතියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට කොවිඩ් රෝගය පමණක් මූලික කරගෙන අපි කටයුතු කරන්නේ නැහැ. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් දියත් කිරීම වගේම ඩෙංගු වැනි අනෙකුත් රෝගී තත්ත්වයන් ද පාලනයට හා මැඩපැවැත්වීමටත්, අනෙකුත් සියළු රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා. එම නිසයි ඩෙංගු මර්දන සතියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීන්දු කළේ.”

“පසුගිය අවුරුදු 10 දෙස බැලීමේ දී ඉතාම අඩු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන වර්ෂය මෙම වර්ෂයයි. 2018 වසරේ ඩෙංගු රෝගීන් 51,000 ක් පමණ වාර්තා වුනා. 2019 වසරේ ඩෙංගු රෝගීන් 105,049 ක් වාර්තා වුනා. 2019 වසරේ ඩෙංගු හේතුවෙන් මරණ 158 ක් සිදු වුනා. මේ වසරේ ඩෙංගු හේතුවෙන් මරණ 34 ක් වාර්තා වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අතින් ලංකාවේ දෙවැනි තැනට ගිය අවුරුද්දේ පත් වුනාම මම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පුද්ගලිකවම ගොස් සෘජුව මැදිහත් වෙලා අවශ්‍ය කඩිනම් පියවර ගනු ලැබුවා. මෙහිදී ප්‍රාදේශීය සභා පළාත් සභා නිලධාරීන්, දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශ, වෛද්‍ය, හෙද, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සහයෝගය, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම මේ අභියෝගය ජය ගැනීමට හේතු වූනා. ඒ හැම කෙනෙක්ගේම නායකත්වය අපට වැදගත්. ඒ සියළු දෙනා ප්‍රධාන වගකීමක් දරන පුද්ගලයින්. අපේ වගකීම් අපි හරි ආකරව ඉටු කළ යුතුයි.”

“ඩෙංගු මදුරු මර්දන කාර්ය සාධක බලකාය ද විශාල වැඩකොටසක් සිදු කළා. එම නිසා රජය විදිහට අපි ඩෙංගු කාර්ය සාධන බලකායේ ඉන්න අයගේ සේවය රාජ්‍ය සේවයට බඳවා ගැනීම සදහා කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ සේවය දිගු කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. අපි මේ සේවාවන් ඇගයිය යුතුයි. අද මෙරට සෞඛ්‍ය සේවය ලෝකයේ අන් රටවල් සමග බැලූ විට යම් ඉහළ මට්ටමක තිබෙනවා. එයට හේතුව අපේ මෙම කණ්ඩායම්වල කැපවීම හා මේ සදහා දක්වන උනන්දුව, නියෝග ක්‍රියාත්මක කිරීමයි”

“අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඔවුන්ගේ ගැටළු, ප්‍රශ්ණ පිළිබද කථා කළා. එම ප්‍රශ්ණ නිරාකරණය කර දෙන්න කියලා මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. අතිකාල දීමනා පිළිබද ගැටළුවක් තිබෙනවා. පළාත් සභාවල වැඩ කරන සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය අමතර දීමනා, අතිකාල දීමනා වැනි දේවල් පිළිබදව මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මධ්‍යම රජයෙන් පළාත් සභාවට මුදල් ලබාදීමට වහාම ක්‍රියාත්මක වෙනවා. අපි ඔබලා අධෛර්යට පත්වීම වැළැක්වීමට කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ති‌බෙන වෘත්තීය සමිති 50 කට අධික සංඛ්‍යාවක් මම වරින් වර කැඳවලා ඔවුන්ගේ ගැටළු විසදනවා. පහළ ශ්‍රේණිවල ගැටළු විසදන්නේ නැතිව රටක් ගෙනියන්න බැහැ. ඒ සදහා අතිගරු ජනධිපතිතුමා උපදෙස් අපට ලබාදීලා තිබෙනවා.”

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු සෞඛ්‍ය කණ්ඩායම් විසින් කුරුවිට නගරයේ ජනතාවට ඩෙංගු මදුරු මර්දනයට අදාල උපදෙස් පත්‍රිකා ලබාදෙමින් මහජනතාව දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදි.

මෙම මදුරු මර්දන වැඩසටහන සදහා සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්නංගර මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩ් මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ශ්‍රීලාල් ලියනගේ මහතා, ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු හැදුණු අයට කොරෝනා අවදානම අඩුයි

Next Post

81 වැනි විය සපුරන වියපත් නොවූ ප්‍රාඥයා… සිරිනිමල් ලක්දුසිංහ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.