- ලුණු හැදිලා තියෙන්නෙ පුත්තලම ලේවාටය පිටින් ඉස්සන් කොටුවල
- හම්බන්තොටට ගෙනත් තියෙන්නෙ හම්බන්තොට ලුණු වගේ විකුණන්න
- විෂ රසායන සහිත නිසා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව 2017 දි තහවුරු කරලා…
මාතර සම්පත් –
පුත්තලම ලේවායට පිටින් ඉස්සන් කොටුවල සෑදුණු දිය ලුණු මෙට්‍රික් ටොන් 17ක් හම්බන්තොට ලුණු ලේවායට ආසන්නයේ ගොඩ ගසා කොවිඩ් අස්සේ විකිණීමට කළ උත්සාහයක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
මුලින්ම මෙම ලුණු තොගය විකිණීමට උත්සාහ කරද්දී තහනම් කර තිබුණේ වර්ෂ 2017 නොවැම්බරයේ දී ය. එහෙත් වසර තුනකට පසු රටේ ආපදා අවස්ථාවක් ඇති වී මුලික අවධානය වෙන අතකට යොමු වූ මොහොතක දෙවෙනි වරටත් මේ විෂ ලුණු තොගය විකිණීම සඳහා කළ උත්සාහය හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිසා වැළැකී තිබිණි.
වසර තුනකට පසු පසුගිය සතියේ කොන්ත්‍රාත් කරුවෙකු ලෙස පෙනී සිටිමින් පෞද්ගලික ආයතනයක් විසින් මෙම විෂ ලුණු තොගය කන්ටේනර් රථවලට පැටවීමට උත්සාහ කිරීමෙදී මෙම වැළැක්වීම සිදු කර ඇත.