සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

 දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

by editor
අප්‍රේල් 14, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

කේ. මීගහකුඹුර –
ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම්

ජීවමාන බුදුන් හා සම කොට සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස පැවැත්වෙන අලුත් සහල් මංගල්ලය, අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ පෙරහර මංගල්ලය, කාර්තික මංගල්ලය යන සතර මංගල්ලයන් අතීතයේ පටන් චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් අනුව පැවැත්වීම මංගල සම්මත සිරිතයි. මෙම සතර මංගල්ලයන් අතුරෙන් අලුත් අවුරුදු මංගල්ලය සුවිශේෂී මංගල්ලයකි. සූර්‍ය්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නව වසරක් උදා වීමක් වශයෙන් විශේෂයෙන් සිංහලයන් මෙන්ම හින්‍දූන් ද අවශේෂ පෙරදිග වැසියෝ ද සැණකෙළි උත්සවයෙන් සැමරීමට පුරුදුව සිටිති. ලක්දිව අලුත් අවුරුදු උත්සවය ජාතික ආගමික උත්සවයක් වශයෙන් සලකා සැමරීම බෞද්ධයන්ගේ සිරිතයි.

බුදුදහම පහල වීමටත් පෙරාතුව සිට මානව සමාජය තුළ පැවත ආ ගති සිරිත්, විශ්වාස හෙළා නොදුටු බුදුදහම තුළ ජාතික, සාමාජික, සංස්කෘතික ගති සිරිත් බෞද්ධ සිරිත් හා සංකලනය වී චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රයන් හැටියට විකාශනයට පැමිණ ඇත. ඒ අනුව කෘෂිකාර්මික ජීවන ක්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්‍ෂිත වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහොමයක් දළදා වහන්සේ කේන්‍ද්‍ර කොට ගෙන ද පැවැත්වීම එදා රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ඉටු කොට ඇත.

විශේෂ අවුරුදු චාරිත්‍ර නැකැත් සම්පාදනය

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රීවර්ධනපුර හෙවත් මහනුවර ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සංවත්සර අවුරුදු මංගලෝත්සවයේ මූලික කාර්‍ය්‍යභාරය වන්නේ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාගේ අණ පරිදි කාරිය කරවන කෝරාළ විසින් නැකැත් මොහොට්ටාල ලවා ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි ඉෂ්ට සිද්ධ කළ යුතු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සුභ මුහුර්තීන් සම්පාදනය කරවා ප්‍රකාශයට පැමිණවීමයි. එය හුදෙක් ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන සියලු විහාර දේවාලයන්හි පැවැත්විය යුතු චාරිත්‍ර ධර්ම සඳහා පමණක් සීමා වේ. මෙය ව්‍යවහාර වර්ෂ සංවත්සර නැකැත් පත්‍රයට සමාන නොවේ.

“ශ්‍රී බුද්ධ වර්ෂ 2564, ශක වර්ෂ 1943 හෙවත් රාජ්‍ය වර්ෂ 2021 වැන්නේ ශ්‍රී දළදා මාළිගාවේ අලුත් අවුරුදු මංගලෝත්සවය සඳහා පිළියෙළ කෙරුණු නැකැත් පත්‍රයට අනුව, ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1943 වැන්නේ විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි පස්වන ඉඩාසංවත්සර භේදනාමධාරී ශිව දේවතාධිපති පලව නම් මෙම සංවත්සරය වනාහි මේෂ, රවි පළමුවෙනි භාග බක් මස පුර පෑළවිය වරා දියවක නම් තිථිය ලත් කුජ දින මධ්‍යම උදයාදී පැය 50 විනාඩි 57 හෙවත් රාජ්‍ය වර්ෂ 2021 ක් වූ අප්‍රේල් මස 14 වෙනි බුධ දින පූර්වභාග 2 පසුවී විනාඩි 33 ට ශනි හිමි මකර ලග්නයෙන් රවි හිමි සිංහ රාශ්‍යාර්ධය හෝරාවෙන් බුධ හිමි කන්‍යා දෙර්කාණයෙන් බුධ හිමි කන්‍යා නවාංශකයෙන් ගුරු හිමි ධනු ද්වදශාංකයෙන් කුජ හිමි වෘශ්චික ත්‍රිංශාංශකයෙන් ද සිකුරු හිමි බෙරණ නැකතේ 2 වන පාදයෙන් ද, ප්‍රීති යෝගයෙන් ද, කෞළව කරණයෙන් ද ගුරු තත්කාල හෝරාවෙන් ශනි පංචම කාල හෝරාව සම්භව සූර්ය රාජ තෙමේ මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් නව වර්ෂය උදා වන්නේය. එසේ හෙයින් ශ්‍රී දළදා මන්දිරය ප්‍රධාන සියලු විහාර දේවාලයන්හි එකී වේලාවට කිරි ඉතිරිවීම හා කණ්ඨකස්නානය කිරීම මැනවැයි” දැක්වේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මුල්තැන් පිළියෙල කිරීම හා පුජා කිරීම

“2021 අප්‍රේල් මස 14 වෙනි බුධ දින පූර්ව භාග 06.14 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මෙලවීම සුභ වේ. සිරිත් පරිදි එදිනම පෙ.ව. 9.48 ට පිළියෙළ කර ගත් එළකිරි මිශ්‍ර කිරිබත් ද, මුංඇට මිශ්‍ර කැවිලි ද සමග ශ්‍රී දළදා මන්දිරය ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි මුල්තැන් බුද්ධ පූජාව කිරීම හෙවත් අලුත් අවුරුදු මංගල්ලය කිරීම මැනවි.”

නානුමුර මංගල්ලය හා හිසතෙල් ගෑම

“2021 අප්‍රේල් මස 14 වෙනි බුධ දින පූර්ව භාග 08.58 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාභිමුඛව හිසට කොහොඹ පත් ද, පයට දිවුල් පත් ද තබා, කොහොඹ යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.”

නානු සෑදීමට ගන්නා ඖෂධ

“කළාදුරු අල, කුම්කුමප්පු, සුදු හඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගොරෝවන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙ`ථම් දඬු, ගොඩ මානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊ තණ යන වර්ග 14 සමව ගෙන කොටා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට එකට සිඳ කොහොඹ පත් කොටා එහි යුෂ දෙහි ඇඹුල් ද සමඟ නානු සදා ගත යුතුය.”

නානු බෙදා දීම

“2021 අප්‍රේල් 12 වෙනි සඳු දින ප.ව 2.00 ට නාථ දේවාලයේ දී නානු බෙදා දීම සිදුකරනු ලැබේ.”

මෙම නැකැත් පත්‍රයෙහි එන ඇතැම් සුභ මුහුර්තීන් සාමාන්‍ය නැකැත් පත්‍රයක එන නැකැත් වේලාවන්ට වඩා වෙනස්කම් පවතින්නේ ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් පත්‍රය දෛනික පූජාවන්ට ගැලපෙන සේ ශුද්ධ කර ගත් නැකැත් බැවිනි. මෙකී නැකැත් පත්‍රයට අනුව

  1. අලුත් අවුරුදු උදාව
  2. කණ්ඨස්නානය
  3. කිරි ඉතිරවීම
  4. මුළුතැන් පිළියෙළ කිරීම හා පූජා කිරීම
  5. නානුමුර මංගල්ලය

යන ප්‍රධාන අවස්ථාවන් මුල් කොට සුභ නැකැත් සම්පාදනය කිරීම පවතින සිරිතයි.

අවුරුදු දිනයට පෙර විදානේවරු හා සෙසු සේවක කාරකාදීන් ලවා දළදා මාළිගාව පවිත්‍ර කරවා සැරසීම සිදුකෙරේ. කිරි ඉතිරවීම හා කිරි ආහාර පිසීම සඳහා අලුත් වළං ශ්‍රී දළදා මාළිගාවේ කුඹල්කරුවන් විසින් සපයා දිය යුතුව පවතී.

පෙනුම් ගමන් චාරිත්‍රය –

අලුත් අවුරුදු උදාවට පෙර නියමිත දිනයකදී පෙනුම් ගමන් චාරිත්‍රය ඉටු කිරීම ශ්‍රී දළදා මාළිගාවේ සියලු නිලකරුවන් විසින් ඉටුකරනු ලබන වැදගත් චාරිත්‍රයකි. එහි දී ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා බැහැදැක ගෞරවාචාර දක්වා දියවඩන නිලමේතුමන්ගෙන් නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සිරිතයි. ඒ සඳහා කාරිය කරවන කෝරාළ ඇතුළු අනෙකුත් නිලකරුවන් ද, සෙසු නිලධාරීන් ද, බුලත් හුරුළු සමඟ තෑගි බෝග කත් බැඳගෙන යෑම පෙනුම් ගමන් සිරිත වශයෙන් සැලකේ. ස්වකීය නිල පංගුවට අදාළ නිල ඇඳුමින් සැරසී යන නිලකරුවන් තෑගි බෝග කද තැන්පත් කොට අනුපිළිවෙළට ගොස් බුලත් හුරුළු දී වැඳ ආශිර්වාද ලබා ගනිති. එවිට දියවඩන නිලමේතුමන් අදාළ රාජකාරි කරුවන්ට ඇඳුම කුඩම තෑගි භෝග දී සංග්‍රහයක් ද පවත්වයි. පෙර වැරදි කමාකර ගැනීමත්, එළඹෙන වසරට ආශිර්වාදය ලබා ගැනීමත් මෙහිදී ඉටුවන ප්‍රමුඛතම කාර්‍ය්‍යයයි.

කණඨස්නානය හා කිරි ඉතිරවීම

අලුත් අවුරුදු දිනයේදී නියමිත නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි, සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදු කෙරේ. කණ්ඨස්නානය සිදු කරන්නේ බදාදා දිනයක් නොවන දිනයන්හිය. බදාදා දිනයක් නම් නානුමුර මංගල්ලය සිදු කෙරේ. කණ්ඨස්නානය, බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තාහික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලැබේ.

අලුත් අවුරුද්ද උදෙසා කිරි ඉතිරවීම චාරිත්‍රය ද ශ්‍රී දළදා මාළිගාවේ දී සිදුවන සුවිශේෂී සිරිතකි. රටට, ජනතාවට සෞභාග්‍යය, සමෘද්ධිය ප්‍රාර්ථනා කොට වැඩසිටින මාළිගාවේ මහද්වාරය අබියසදීත්, පල්ලේමාලේ දොරටුව අබියසදීත්, මුල්තැන්ගේදීත් යන තුන් ස්ථානයේ දී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ. මෙම අවස්ථාවට තේවාභාර නාහිමිවරු ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවෝ ද සහභාගි වෙති. කිරි ඉතිරවීම සඳහා එළකිරි වැනි සත්ව කිරි භාවිත නොකරන අතර ඒ වෙනුවට පොල්කිරි යොදා ගැනීම පවතින සිරිතයි. මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පූජා මුළුතැන් මංගල්ලය සිදුකෙරේ.

නානුමුර මංගල්‍යය

එළඹෙන ආසන්නම බදාදා දිනයේ දී නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා ඖෂධ වර්ග යොදා සකස් කරනු ලබන නානු භාවිතා කෙරේ. අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් විහාරස්ථාන හා සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට නානු බෙදා දීම සඳහා නානු පිළියෙළ කරනු ලබන්නේ ශ්‍රී දළදා මාළිගාවේදීය. එම නානු කුඩා මුට්ටිවල අසුරා පෙරහරින් නාථ දේවාලයට රැගෙන ගොස් එහි හේවිසි මණ්ඩපයේ දී නානු බෙදා දීමේ වට්ටෝරුවේ සඳහන් පරිදි නානු බෙදා දීම සිදු වේ. මෙම නානුවලින් නියමිත නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාල වලදී නානුමුර මංගල්ලයන් පැවැත්වීම සිරිතයි.

පුණ්‍ය කාලය තුළ ද, අලුත් අවුරුදු දිනය තුළ ද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගාව පිරී ඉතිරී යනු දැකිය හැකිය. නව වසර සෞභාග්‍යමත්, සමෘද්ධිමත්, නිරෝගීමත් එකක් බවට පත් කරගැනීම සඳහා දළදා වහන්සේගේ සුභාශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…

Next Post

හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.