බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

by editor
අප්‍රේල් 14, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ – 

වවුනියාවේ මහරම්බකුලමේ  කුමාර් රම්‍යා දීපානිගේ නිවසට මාව කැටුව ගියේ වවුනියාව ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ දෙමළ විෂය පිළිබඳ ගුරුවරයා වන සුමිත් සෝමපාලය. ඔවුන්ගේ නම් ගම් සිංහල ඌරුවකට කියවුණත් ඔවුන් පාරම්පරික දෙමළ ඇත්තන්ය.

රම්‍යා දීපානී සාර සුබාවට කැවුම් උයන ඇත්තියෙකි. ඇයගේ කැවුම් පිසීමේ හැකියාව ගැන රට්ටුත් බොහොම ඉහළින් කතා කරති.  අප රම්‍යාගේ ගෙට ගොඩවන විටත් ඇය කැවුම් පිසිමින් උන්නාය. ඒ ලඟ එන අලුත් අවුරුද්දටය.  කැවුම් හින්දු සමාජයට හුරු කැවිල්ලක් නොවේ. එහෙත් රසවත් කැවුම් සඳහා ඇයට ඇති ඇවිටිල්ල නම් වැඩිය. කැවුම් පමණක් නොව ඕනෑම කැවිලි වර්ගයක් හදන්නට ඇයට ඇත්තේ අපූරු සූරකමකි.

ඇය අප සමග  උතුරේ කැවිලිවල අරුමය ගැන කතා කරන්නේ කැවුම් උයන අල්ල පනල්ලේය. පැණි මුසුකර සහල් පිටිය අනා පදම්කර තනාගත් ගුලිය තෙල් තාච්චියට දමා එක් අතකින් කූර ගෙන කොණ්ඩය හදා ගන්නා අතර අනෙක් අතේ ඇති තෙල් හැන්දෙන් කරන තෙල් ඉසීම හැමෝටම කරන්නට හැකි වික්‍රමයක් නොවේ. උතුරේ දෙමළ පවුලක් ඇතුළේ  එය විරලම දැකුමකි.  සිංහල දෙමළ කියා වෙනසක් නැතිව අවුරුදු ආවත් මේ ඇත්තනගේ අවුරුදු මේසයේ කැවිලි රටාව නම් වෙනස්ය.

“  කොණ්ඩ කැවුම්වලට මේ පැත්තේ අයත් හරිම කැමතියි. ඒත් දෙමළ ගෙදරක අවුරුදු කෑම මේසේ   ආස්මී, තල අලුවා,  පිටි අලුවා වගේ කැවිලි නෑ. ඇත්තෙන්ම අපේ අය ඒවා හදන්න දන්නෙත් නෑ. අපේ කෑම වෙන්නේ අතිරස, ලඩ්ඩු, මුරුක්කු, උදුවැල් වඩේ,   වගේ ආහාර තමයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දීපානි කී දෙමළ කැම වට්ටෝරුව දෙසත් සිංහල කෑම වට්ටෝරුව දෙසත් බලන විට වට්ටෝරුවට වඩා එහා ගිය තවත් බොහෝ දේ ඒ කෑම මේසයේ ඇතැයි අපට සිතෙයි.

සිංහල අලුත් අවුරුද්දේ කෑම මේසයේදී දක්නට ලැබෙන කෑම දෙස බලන විට ඒවා සැකසීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය කීපය වන්නේ සීනි පාන් පිටි හාල් පිටි හා පොල්තෙල්ය. මේ සියලු කෑමවල මූලික අපේක්ෂාව වන්නේ රසය පමණකි. රසයට ඇබ්බැහි වී කෑම පිළියෙළ කළ නිසාම අද සමාජයේ බොහෝ දෙනෙක් බෝ නොවන රෝගවලින් පෙළන අය ය.

රම්‍යා දීපානී

නමුත් දෙමළ වැසියන්ගේ අළුත් අවුරුදු කෑම මේසයේදී රසයට වඩා වර්ණ අලංකාරයත් ගුණයත් කෙරෙහි මූලික අවධානය යොමු කොට තිබේ.

“ අපි අවුරුදු කෑම මෙසේ කැවිලි හදාගන්න වැඩිපුරම පාවිච්චි කරන්නේ උඳුපිටි,     රුළං පිටි, එළතල , තල තෙල්, සූදුරු, මහදුරු, වගේ කළමනා… අපේ කට්ටිය ඒ රහට හරි කැමතියි. අපි බොහොම වෙලාවට     කෑම මේසයේදී බැදෙන කැවුම් බැදෙන්නේ   එළගි තෙලෙන්. එළගිතෙලින් බැද්ද අතිරස පුදුම තරම් රසයි. “ දීපානි කියන්නී සිනාසෙමිනි.

හින්දු සංස්කෘතිය තුළ කෑම සඳහා ඇත්තේ පුදුමාකාර ගෞරවයකි. ඔවුහු අහාර සමග වංචා නොකරති.  මේ කෑම සඳහා ඔවුන් භාවිතා කරන්නේ ඉතාම පිරිසිදු ගිතෙල්ය.

“ ගොඩක් වෙලාවට කෑම හදන්න ඕන කරන ගිතෙල්, උඳුපිටි, හාල් පිටි අපි හදාගන්නෙ ගෙදරමයි.  කඩෙන් ගන්න යන්නෙ නෑ. ඒ හින්දා අපි අවුරුදු මේසයට තියන කෑම ගැන අපට විශ්වාසයක් තියනවා මේව පත්තියම් වෙනවා කියලා. පිරිසිදුයි කියලා. වසක් විසක් නෑ කියලා.“

හින්දු ආහාර සංස්කෘතියම ගිතෙල් වලින් රසවත් වූ එකකි. ඔවුහු ගිතෙල්වලට අසීමිතව ප්‍රියවෙති. මනා වූ ශරීර සෞඛ්‍යය සඳහාත් රූප ශෝභාව වර්ධනය කර ගැනීම සඳහාත් ගිතෙල්වලින් ලැබෙන පිටිවහල ඉපැරණි සංස්කෘත පඩිවරු පවා විස්තර කරති. චාර්වක වැනි දාර්ශනිකයින් මිනිසුන්ට ඉගැන්වීම් කරද්දී  ණය වී හෝ ගිතෙල් අනුභව කරණ ලෙස උගන්වා ඇත්තේ මේ නිසා විය හැකිය.

සිංහල වැසියන් තම අළුත් අවුරුදු කෑම මේසයේ විවිධ කෑම වර්ග අලංකාර කිරීම සඳහා යොදා ගන්නේ  විවිධ වර්ණකයන්ය. නමුත් දෙමළ වැසියන්ගේ කෑම වර්ණ ගන්වන්නේ ස්වභාවිකවය. ඒ ඒ වර්ණයෙන් සමන්විත ආහාර වර්ග කෑම මේසයේ  පිඟන්වල ලස්සනට ප්‍රදර්ශනය කිරීමෙන් ඔවුන් දිව මෙන්ම නෙතත් පිනවා ගනිති. දීපානි අවුරුදු මේසයේ උජාරුව කියන්නී මෙසේය.

“ අපේ ඇත්තන්ගේ  අවුරුදු මේසයේ මැදම තබන්නේ   කිරිබත්. ”පුක්කේ”  කියලා ඒ කිරිබතට කියන්නෙ.   කිරිබත සුදු පාට නොවෙයි, ගුරුපාටයි.  එහෙම නැතිනම් අලුවට හුරු ලා කළු පාටයි.  ඒ වටේ තියන මුරුක්කු කහපාටයි. ලඩ්ඩු රන්වන් පාටිය . අවුරුදු මේසෙයට ලැවරියත් තියනවා.   ලැවරියයි මෝදගන් කැවිල්ලයි සුදු පාටයි.  කහ පාට උළුදු වඩේ කෑමට දෙන අමුමිරිස් සම්බෝලය කොළ පාටයි. ඉට්ලි කෝම්පිට්ටු වගේ සුදුපාටට තියනවා. ඉතින් බලන්න ලස්සනයි.“ දීපානිගේ කටහඬ උජාරුය.

ඇය කියන හින්දු අවුරුදු කෑම මේසයක් දුටු මතකය සිහියට නැගේ.

“අවුරුදු කෑම මේසය ඉඳුල් කරන්න කෑම බෙදාගන්නෙ පිඟන්වලට නෙමෙයි. කෙසෙල් කොළ වලට. නැතිනම් නෙළුම් කොළවලට. කෙසෙල් හෝ නෙළුම් කොළ ලස්සන හැඩේට කපා ගන්නවා.“  දීපානි කියාගෙන යයි.

සොබා දහම හා එකඟවන අයුරින් සකසා ගත් කෘත්‍රිම වර්ණක රසකාරක නැති, රස සුවඳ පැහැය එක ලෙස එක්වන අවුරුදු කෑම මේසයක් විශාල පණිවිඩයක් සමාජයට කියනු හැඟේ. කෑම යනු රස දිව පිනවන්නක්ම නොවන බව, වෙළෙන්දන්ට ලාභ උපයන්නක්ම නොවන බව අලුතින් කියා දෙන්නට සිදුව ඇත. දීපානි ලා ඒ කෑම පතට ගෞරව කරති. ඒ ගෞරවණීය මිනිසුන් අතර හැමදාම අවුරුදු ඇති බව විශ්වාස කරමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

Next Post

ලංකාවේ කොවිඩ් මරණ 600 ඉක්මවයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.