බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ජාතික කලා උරුමයක් සමග වලපල්ලට යන උණවේරුවේ මිනිස්සු…

සේසත් නැන්වූ පරම්පාරවක මිනිස්සුන්ගේ ජීවිත ඛේදවාචකයය...  

by editor
මැයි 6, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

සංඝමිත්තා තෙරණිය  ශ්‍රී මහා බෝධීන් වහන්සේ   ලක්දිවට වැඩම කරවාගෙන පැමිණි අවස්ථාවේ දහඅට කුලයකට අයත් කලාකරුවෝද මෙහි පැමිණි බව සාහිත්‍යයේ පැනේ. බෝධින් වහන්සේට සෙවණ සැලසීම සඳහා අව් අත්තක් අල්ලාගෙන පැමිණි කුල කණ්ඩායමට පැවරුණු වගකීම වූයේ සෑම වසරකම මාල හතක් සහිත අව් අත්තක් නොඑසේනම් සේසතක් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමයි.

එම පූජාව මහත්වූ බැතියෙන් ඉෂ්ඨ සිද්ධ කළාවූ  කුල පරම්පරාවට අයත් ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළාවූ පිරිස අද මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවේරුව ගම්මානට පමණක් ශේෂ වී සිටිති.මාතලේ අළුවිහාරය පසුකර මද දුරක් ගියපසු වමට හැරී කිලෝ මීටර පහක පමණ දුරක් ගියවිට හමුවන උණවේරුව ගම්මානය තාමත් ගැමි සුවඳ අපූරුවට වහනය වන ගම්මානයකි. හරිත වර්ණයෙන් ඔපවත්වූ ගම්මානය පුරා දක්නට ලැබෙන්නේ සරුසාර කෙත් වතුය. නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ  පාරම්පරික සේසත් කලාව පවත්වාගෙන යන ගම්වැසියන් අතරින් බහුතරය ගොවියෝය. සැමියා කුඹුරට ගිය පසු දරුමල්ලන් සමඟ නිවසේ තනිව සේසත් නිර්මාණය කරන කාන්තාවන් එමඟින් උත්සාහ කරන්නේ කීයක් හෝ අමතර මුදලක් පවුලට එකතු කර ගන්නටය.

සේසත් පසුපස ඇති කතාව සේසත් තරම් ලස්සන නැත. නෙක රටාවන්ගෙන් හැඩ ගැන්වුණු සේසතක් නිර්මාණය කිරීමට අවශ්‍යය අමුද්‍රව්‍ය අතර මූලික වන්නේ තලාතු මිනිරන්ය. පොතු මිනිරන් ලෙසින්ද හඳුන්වන මේවා සොයා ගැනීම අසීරුය.  නිර්මාණකරුවන්ට අද ඒවා මිලට ගැනීමට සිදුව තිබෙන්නේ පෙර ගෙවූ මිලට වඩා තුන් හතර ගුණයක මුදලක්  වැය කරමිනි. මාතලේ ඇලහැර තලාගොඩ ප්‍රදේශයෙන් මෙම මිණිරන් බහුලව ලැබුණත් එම නිධි සියල්ල මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේදී ජලයෙන් යටවූයේය. මොරගහකන්දට මේ සම්පත යටවන්නට පෙර මිනිරන් ගොඩගමු යැයි ගම්මුන් පැවසුවත් ඔවුන්ගේ හඬ මොරගහන්ද ජල කඳට යටවෙන්නට හැර බලධාරීහු ඇස්කන් පියා ගත්හ.   අද මාතලේ   තලාතු මිනිරන් බොහෙම  හිඟය.

කර්මාන්තයේ උපත 

දිනමුතු වල්ලියා ගේ සිට මෙම කර්මාන්තය පැවත එන බව උණවේරුව ගම්වැසියෝ පවසති. ඔහුගේ ගෝලයෙකු වූ තෙනා ගුරුන්නාන්සේ අව් අතු නොඑසේනම් සේසත් නිර්මාණයේ කෙළ පැමිණියෙකි. ඔහු ගෙන් ශිල්ප උගත් ලොකු කිරියා උණවේරුව ගම්මානයට මෙම ශිල්පය නිර්ලෝභිව දායාද කළේය. ගම්වැසියන් කියන ආකාරයට එයද අපූරු කතාවකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තෙනා ගුරුන්නාන්සේ සේසත් නිර්මාණය කිරීමේ කලාව හැමෝටම කියා දුන්නේ නැත. ඔහු සේසත් නිමවා තිබෙන්නේ කිසිවෙකුගේ හෝ ඇස නොගැටෙ සේය. තෙනා ගුරුන්නාන්සේගේ  උදව්වට ගියේ ලොකු කිරියාය.  ඔහු නිදා සිටිනවා සේ ඔහුට හඟවමින් තම ගුරු සේසත් නිර්මාණය කරන ආකාරය බලාගෙන සිටියේය. මෙලෙස දිගු කළක් තිස්සේ හොර රහසේ බලා ඉඳ සේසත් නිර්මාණය උගෙන ගත් ඔහු තෙනා ගුරුන්ගේ අභාවයෙන් පසු මෙම කලාව උණවේරුවේ ජනතාවට කියා දුන්නේය. ඒ පුහුණු වැඩමුළුද පවත්වමිනි. මංගල මෙන්ම අවමංගල උත්සව වලදීද ප්‍රයෝජනයට ගන්නා සේසත සෞභාග්‍යයේ සංකේතයකි. වෙහෙර විහාරස්ථානවල සේසත් බහුලය.    පෙරහර  මංගල්‍යයන්වලදී සේසත පෙරමුණෙන් රැගෙන යාම ආනාදිමත් කාලයක පටන් පැවැත එන චාරිත්‍රයකි.   ප්‍රෞඩත්වය හා අධිකාරීත්වය පෙන්නුම් කිරීමට අතීත ප්‍රභූවරු සේසත් භාවිත කළහ. මේ ආකාරයෙන් සියවස් ගණනාවක් නොනැසී පරපුරෙන් පරපුරට පැවැත ආ මේ මහා කලාව අද ලෝකයේම සුරැකිව තිබෙන්නේ උණවේරුව ගම්මානයේ ය.

පවුල් 150 ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ඉන් අඩකට ආසන්න පිරිසක් ජීවිකාව ගෙන යන්නේ මෙම කර්මාන්තයෙනි.සේසත් ගමේ සේසත් නැන්වූ ඇත්තෝ

සිව් සාලිස් වසරක් සේසත් නිර්මාණයේ යෙදෙමින් දෙවරක්ම මෙරට විශිෂ්ඨතම සේසත් නිර්මාණ ශිල්පියා ලෙස ජාතික ශිල්ප සභාවේ ස්වර්ණ සම්මාන ලත් සවන්දිරක්කාර ගෙදර අනුර   උණවේරුව සේසත් නිර්මාණකරුවන්  වත්මනේ මුහුණ දී සිටින ගැටලු මෙසේ විස්තර කළේය…

“අද අපට තිබෙන ලොකුම ප්‍රශ්නය සේසත් නිර්මාණයට අවශ්‍යය තලාතු මිනිරන් සොයා ගැනීමට නොහැකි වීමයි .මොරගහකන්ද හැදෙන්න කලින් අපිට ඕන තරම් මිනිරන් ලැබුණා.කි ලෝව රුපියල් 50.00 ට 60.00 ට ගත්තේ. මිනිරන් තිබ්බ තැන් ඔක්කොම වතුරට යට වුණා. අපි කිව්වා ජලාශයට වතුර පුරවන්න කලින් මේවා ගොඩගමු කියලා. කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. දැන් ඉල්ලුමට අවශ්‍යය මිනිරන් නැති නිසා කළුකඩ  මුදලට තමයි ඒවා ගන්න වෙලා තියෙන්නේ. කිලෝව රුපියල් තුන් හාරසීයක් වෙනවා. ආණ්ඩුවේ රක්ෂිතවල මිනිරන් තියෙනවා. ඒවා ගන්න විදිහක් නැහැ.“

කොවිඩ් වසංගතයත් සමග තත්වය වෙනස්ය.     රටේ පෙරහර උත්සව එහෙම් පිටින්ම ඇන හිට අත්තේය දැන් සේසත්වලට පෙර සේ අලෙවියක් නැත.  අනුර මේ සියල්ල දකින්නේ උපේක්ෂාවෙනි.

මේ කරමාන්තය තවත් පාරම්පරික ශිල්ප ගම්මානයක් සමග එකමුතුවකින් කරන වැඩකි.  ඔහු ඒ ගැන කියන්නේ මෙසේය.

අනර සිය පුතු බුද්ධික සමග රාජ්‍ය සම්මාන අතැතිව

“ සේසත හා මිට ගොඩක් වෙලාවට දෙන්නෙක් නිර්මාණය කරන්නේ. අඩි හතක උසින් යුත් සේසත් මිට සපු ලීයෙන් හදා ගන්නේ. ලාක්ෂාවලින්   හැඩදාලා නිම කරන්න ඕන. හපුවිද ගමේ තමයි පාරම්පරික ලාක්ෂා කර්මාන්ත කරුවෝ ඉන්නේ.  ඔවුන්ගෙ සහය ගන්නවා. මමනම් මේ දෙකම කරනවා.

මගේ පුතා බුද්ධික බාලසූරිය හා දුව කාංචනා මධුෂානි මේ කර්මාන්තය දැන් කරනවා.පුතා 2018 වසරේදී සේසතක් නිර්මාණය කරලා මම වගේම ජාතික ශිල්ප සභාවේ ස්වර්ණ සම්මානය දිනාගත්තා. ජනාධිපති මන්දිරයේ තිබෙන්නෙත් මම හදපු සේසත් දෙකක්. මේ පාරම්පරික කලා ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන වැඩපිළිවෙළක් හදන්න කියලා අපි හැම රජයකින්ම ඉල්ලුවා. ඒ වෙනුවට රක්ෂණ ක්‍රමයක් තමයි දෙන්න ගියේ. ඒකට අපි සල්ලි ගෙවන්න ඕන. ඒකට සල්ලි ගෙවන්න හැමෝම අකමැති වුණා. අන්තිමට ඒ වැඩපිළිවෙළ අසාර්ථක වුණා. අපේ රටේ පාරම්පරික කලාකරුවන් රැක ගන්න නිසි වැඩපිළිවෙළක් නැහැ. කර්මාන්තය ආරක්ෂා වෙන්නේ ශිල්පීන් ආරක්ෂා වුනොත් විතරයි.

සේසත් හදන ගැහැණු

උණවේරුවේ සේසත් කර්මාන්තයේ නිරතව සිටින බහුතරය කාන්තාවන්ය. පවුල ආර්ථික  මුදා ගන්නට කාන්තාවෝ නෙක රටා මවමින් සේසත් නිර්මාණයේ යෙදෙති. සේසතක් නිර්මාණය කිරීමට අවශ්‍යය වන්නේ පරිසරයෙන් සොයා ගන්නා තල ගොබ, කොකෝ පට්ටා, තලාතු මිනිරන් වැනි අමුද්‍රව්‍යන්ය. අතීතයේ සේසත් නිර්මාණය වී තිබුණේ කළු, සුදු,   තැඹිලි, රතු හා කහ යන වර්ණ වලින් වුවත් අදවන විට නෙක වර්ණ වලින් සේසත හැඩ ගැන්වෙයි. සම්ප්‍රදායික සේසතක විශ්කම්භය අඟල් 28 කි. එසේ වුවත් ප්‍රදර්ශන සඳහා අඟල් 32, 38 හා 40  ප්‍රමාණයේ සේසත්ද නිර්මාණය කරන බව ගම්වැසියෝ පවසති.

වර්ණ ගන්වන හැටි

“ සේසත් එක එක ප්‍රමාණයකින් හැදෙන නිසා ඒවාට වැයවන මුදල එකිනෙකට වෙනස්.සාමාන්‍ය සේසත් ජෝඩුවක් රුපියල් 7000.00 ක් විතර වෙනවා. මිටත් එක්ක  රුපියල් 10000.00 ක වගේ මුදලකට තමයි සේසත් ජෝඩුවක් විකුණන්නේ. විසි තිස් දහස් ගණන්වල සේසත්   තියෙනවා. මිනිරන් කිලෝ දෙකක් විතර එක සේසතට ඕන වෙනවා. තලබොඩ ඉරලා තම්බා ගන්න ඕන. ඒ කරලා කොලේ සුදුපාට වෙනකල් තද අව්වේ වේල ගන්නවා. ඊට පස්සේ තමයි ඩයි කරන්නේ. පවනේ වේලලා කොලේ ඉරා ගන්නවා. ඒවගෙන් තමයි පටි ගොතන්නේ. සේසත හරිම ලස්සනයි. ඒ වුණාට ඒකේ තියෙන අපේ කඳුළු කාටවත් පේන්නේ නැහැ. අපි පුදුම මහන්සියක් ගන්නේ සේසතක් හදන්න. එක සේසතකට දහයක් විතර මහන්සි වෙනවා. ඒ මහන්සියට හරියන මුදලක් ලැබෙන්නේ නැහැ.

සේසත් හදලා එළියේ තියන්න බැහැ. පුස් කනවා. හුළං වදින්නේ නැති වෙන්න අල්මාරියේ දාලා තියන්න ඕන. මේ දවස්වල සේසත් විකුණගන්න බැරි නිසා මාසෙකට එකක් විතර හදන්නේ. ඉස්සර මාසෙට තුන හතර හදනවා.

මම 2019 අවුරුද්දේ මධ්‍යම පළාත් කාර්මාන්ත ආමාත්‍යාංශය පවත්වපු නිර්මාණ තරඟයෙන් ජයග්‍රහණය කළා. දැන් කර්මාන්තයක් විදිහට මේක කරන්න අමාරුයි. රාජ්‍ය අනුග්‍රහය මේකට ලැබෙන්න ඕන. ලක්සලට බඩු දැම්මම මාස ගණන් ඉන්න ඕන සල්ලි ගන්න. ඒක අද කාලේ හැටියට අමාරුයි…  සේසත් හදන කේ.ඩී.ජී රම්‍යලතා පැවසුවාය.

උණවේරුව ගම්වැසියන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයෑම පිණිස ප්‍රදර්ශනාගාරයක් ඉදිකර දීම ක්‍රිසලිස් (Chrysalis) ආයතනය මගින් සිදුකෙරෙමින් පවතී.   ඒ සඳහා පර්චස් 15 ක ඉඩමක් නොමිලේ ලබාදී තිබෙන්නේ ගම්වැසියෙකු වන කේ.ඩී.ජී ආරියසේන කටයුතු කර ඇත. ඔහු රම්‍යලතාගේ පියාය. ඇති හැකි අය නොවූවද ගම්වැසියන්ගේ යහපත වෙනුවෙන් තම වටිනා ඉඩම් කොටස ලබා දීමට ඉදිරිපත් වූ ආරියසේන මෙසේ ප්‍රකාශ කළේය.

“මට ලොකු ඉඩකඩම් නැහැ. ගෙදර කොටස අතහැරලා උණවේරුව පාර අයිනේ ඉඩම් කෑල්ල මම මේ ප්‍රදර්ශනාගාරය හදන්න දෙන්නම් කිව්වා. අපේ ගමේ අයගේ නිෂ්පාදන එක තැනක දැක බලාගන්න තියෙනවා නම් හොඳයි. කොවිඩ් එන්න කලින් විදේශිකයෝ ඉඳහිට ගමට එනවා. දැන්නම් කවුරුවත්ම එන්නේ නැහැ. මේක තව ටික කාලයක් තියේවි.    අපේ ගමේ හොඳ ප්‍රදර්ශනාගාරයක් හැදිලා තිබුණොත් ඒක අපි හැමෝටම හොඳයි.. “ හෙතෙම පැවසුවේය.

ලාක්ෂා කර්මාන්ත දැනුම යොදාගෙන සේසත් මිට සකස් කිරීම

ලොකු කිරියා මහත්තයා තමයි මේ ගමට මේ ශිල්පය දුන්නේ. පාරම්පරික ලාක්ෂා කර්මාන්තය තිබෙන්නේ හපුවිද ගමේ. එතනින් උණවේරුවට මේ කර්මාන්තය ගෙනාවෙත් ලොකු කිරියා ගුරුන්නාන්සේ. හපුවිද පාරම්පරික ලක්ෂා කර්මාන්තයේ නිරත වික්‍රමරත්න මහත්තයා තවත් එක්කෙනෙක් එක්ක ඇවිත් අවුරුදු දෙකක් ලාක්ෂා පුහුණු කළා. ඒක සංවිධානය කළේ කුඩා කර්මාන්තයෙන්. ඉගෙන ගන්නවට දවසකට රුපියල් 2.50 පඩියකුත් දුන්නා.

මේක පටන් ගත්තේ 1974 වගේ. මම සම්බන්ධ වුණේ 76 දී. මම ලාක්ෂා කර්මාන්තය පටන් ගත්තේ 83 විතර. සේසත් හදන්න ගත්තේ 88 වගේ. අපි 1997 ජාතික ශිල්ප සභාවෙන් සමිතියක් පිහිටුවා ගත්තා. මම ලේකම් විදිහට 2019 වෙනකල් හිටියා. 2001 දී කර්මාන්ත අමාත්‍යාංශයෙන් සේසත් මඩු 18 ක් දුන්නා. ඊට පස්සේ ශිල්ප සභාවෙන් කුටි 15 ක් දුන්නා. කර්මාන්ත අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, ජාතික ශිල්ප සභාව මගින් කොළ තම්බන්න, ඩයි කරන්න තඹ මුට්ටු දුන්නා. යතුගාන මැෂින් වගේම මේස දුන්නා. ඇස් කණ්ණාඩිත් දුන්නා. උණවේරුවට එන පාළම හැදුවේ ජනාධිපති මහින්ද මහත්තයාගේ කාලේ.“   දිමුතු ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් ජී.ජී නන්දාවතී   කීවාය…

ප්‍රදර්ශනාගාරය

මෙම වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දැක්වූ ක්‍රිසලිස් ආයතනයේ රොෂාන් ප්‍රශාන්ත  මෙසේ කීවේය.

“පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කරන්න නම් අපි අනිවාර්යයෙන්ම නිර්මාණ කරුවන් ආරක්ෂා කරන්න ඕන. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යය පහසුකම් ලබා දීම වැදගත්. පවතින ආර්ථික වටපිටාව තුළ පාරම්පරික කර්මාන්ත කරුවන් මේ ක්ෂේත්‍රයේ රඳවා ගන්න නම් ඔවුන්ට මූලිකව හොඳ ආදායමක් අතට ලැබිය යුතු වෙනවා. මේවන විටත් පාරම්පරික සේසත් නිර්මාණකරුවන් රැසක් වෙනත් රැකියාවලට යොමුව තිබෙනවා. සම්ප්‍රදායික සේසතට අමතරව කුඩා ප්‍රමාණයේ සේසත් නිර්මාණය කරන්න අපි මේ අයට යෝජනා කළා. ඊට අමතරව සේසත්වලට යොදා ගන්නා රටා උපයෝගි කරගෙන බෑග් වගේ දේවල් හදන්න උත්සහ කළා. පවතින වෙළෙඳපොළ ජයගන්න නම් සම්ප්‍රදාය රැකගෙන නව වෙළෙඳ පොළ අවස්ථා ලබා ගැනීමට ඉවහල් වන නිර්මණ කළ යුතුයි. නවීන තාක්ෂණය හඳුන්වාදීමත් විදේශිකයින්ගේ අවධානය ගමට ලබාදීමත් අපේ අරමුණයි. කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර ප්‍රදර්ශනාගාරයක් ගොඩනගලා අවශ්‍යය නව පුහුණුව ලබා දෙන්න අපි කටයුතු කර තිබෙනවා.“

මෙරට පාරම්පරික කර්මාන්ත රැසක් ක්‍රමයෙන් අභාවයට යමින් තිබෙන්නේ එම කර්මාන්ත වල නියැලීම මගින් ආර්ථිකය සරිකර ගැනීමට තරම් ආදායමක් එම පවුල් වලට නොලැබීම නිසාය. සේසත් කර්මාන්තයටද අද අත්ව තිබෙන්නේ මෙම ඉරණමයි. එම කර්මාන්තයේ දශක දෙක තුනක් නියැලෙමින් සිටින පිරිස හැරෙන්නට තරුණ පරපුර අද එම කර්මාන්තයෙන් ඈත්ව වෙනත් රැකියා වලට යොමු වෙමින් සිටිති. සඝමිත් තෙරණිය සිරිමා බෝ හාමුදුරුවන් ලක්දිවට වැඩම කළ දා පටන් පැවැත එන මේ උතුම් කලාව මතු පරපුර වෙත රැක ගැනීමට නම් රාජ්‍ය අනුග්‍රහය එයට ලැබිය යුතුමය..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියේ වැරැද්ද නිසා බීමතින් රිය පැදවූවාට දුන් දඬුවම ලිහිල් කරයි

Next Post

ලංකාවේ දිනකට වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ඊයේ වාර්තා වෙයි… මරණ 25යි

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

Comments 1

  1. එම්.එම්.එන්.එස්.විජේරත්න says:
    වසර 5ක් ago

    මෙය ඉතාම වටිනා කලාවකි.එම කලා සම්ප්‍රදාය රැක ගැනීම සම්බන්ධයෙන් ඔබට ස්තූතිය වන්ත වෙමි.මා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව විශය හදාරණ ශිෂයාවකි.මාගේ ඇගකීම් කටයුත්තක් සදහා ලාක්ෂා කර්මාන්තය පිළිබදව තොරතුරු අවශ්‍යව තිබේ.මෙම ශිල්පීන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංකයක් හෝ ලබා දෙනමෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ස්තුති.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.