සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

අවුරුදු 50කට සංචාරක කර්මාන්තයට බදු දෙන බෝගම්බර සිර ගෙදර ගැන කතා ගොන්නක්..

by editor
ජූනි 7, 2025
in සංස්කෘතිය
Bogambara-Prison
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම්හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ඒ ගීතයෙන් පැවසෙන්නේ බෝගම්බර සිර⁣ ගෙදර මරණ දඬුවමට නියමව සිටින සිරකරුවකුගේ ශෝකාලාපයයි.

බෝගම්බර හිර ගෙදර ගැන සඳහන් කරන විට අප මතකය⁣ට එන්නේ මරු සිරා⁣ය. දෙද්දුව ජයතුංගලා ගේ සිරිපාල නොහොත් මරු සිරාය. ඔහු ඒ 1975 වසරේ අගෝස්තු මස 5 වැනිදා බෝගම්බර හිර ගෙදරදී එල්ලා මරා දමන ලදී. මරු සිරා මරණ දඬුවමට පෙර රඳවා තිබුණ සිර කුටියේ මේ කවිය ලියා තිබුණ බව පැවසේ.

රන් මැණිකා මගෙ ළඟ සිටි එකම පණ
හෙට උදයේ අටට නිම වෙයි මගේ පණ
අහිතක් නොසිතන්න මා යන ගමන ගැන
දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන

එල්ලා මරා දැමෙන තුරු මරු සිරා සිය බිරිය වූ රන්මැණිකාට හා දරුවාට මුළු සිතින්ම ආදරය කළ බොහෝ කයි කතන්දරවල සටහන්ව තිබේ.

Maru-Sira
මරු සිරා

දළදා තේවාව පවා ඇසෙන මානයේ පිහිටා තිබෙන බෝගම්බර සිර ගෙදර පසුගිය ආණ්ඩුව සමයේදී සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට සැළසුම් කෙරිණි. ඒ සඳහා එහි රඳවා සිටි නේවාසිකයන් පල්ලකැලේ ඉඳි කරන ලද හිර ගෙදරට මාරු කර යවන ලදී. බෝගම්බර හිර ගෙදර සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා වසර 50 ක කාලයකට බදු දීමට ජාජබ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබා දෙන ලදී. ඒ සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගමබර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය අඟහරුවාදා (03) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කිවේය.

ලෝක උරුමයක් වූ බෝගම්බර ඉතිහාසය කෙටියෙන්…

බෝගම්බර හිර ගෙදර ලෝක උරුම සංරක්ෂණය කර ඇති වටිනා දේපොළකි. අක්කර 11 ක පමණ භූමි භාගයක පැතිරී තිබුණ මෙරට දෙවන විශාලතම හිර ගෙදර බෝගම්බර හිර ගෙදරය. මෙරට විශාලතම හිර ගෙදර ලෙස සැළකෙන්නේ වැලිකඩ හිර ගෙදරය.

බෝගම්බර හිර ගෙදර ඉඳි කරන ලද්දේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුවේ බන්ධනාගාර ⁣හා පොලිස් කොමසාරිස් එන්.ආර්.සෝන්ඩර්ස් විසිනි. ඒ 1876 වර්ෂයේදීය. ඒ අදට අවුරුදු 149කට පෙරය. බෝගම්බර හිර ගෙදර ඉඳි කරන ලද්දේ ප්‍රංශයේ බැස්ටීල් හිර ගෙදර ගෘහ නිර්මාණ ශිල්පයට බව සඳහන් වේ.

 

ප්‍රංශයේ බැස්ටීල හිර ගෙදර…

දිගින් අඩි පන්සිය පනස් හයක්ද, පළලින් අඩි එකසිය හතළිස් හතරක්ද, උසින් අඩි එකසිය දෙකක් ද සහිතව එකම අත්තිවාරමේ මේ විශිෂ්ට ගොඩනැගිල්ල පිහිටුවා ඇත. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. බ්‍රිතාන්‍ය මහ රැජනගේ ඔටුන්නේ හැඩයට ඉදි වී ඇති බෝගම්බර හිර ගෙදර මහල් තුනකින් හා සිර මැදිරි තුන් සිය විසි අටකින් සමන්විතය.

ඇහැලේපොළ කුමාරිහාමි මහනුවර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් පසුව ගොඩ ගැසූ ස්ථානය හිරගෙදර ඇතුළත ඇති බව සඳහන් කෙරේ. අතීතයේදී මහනුවර වැව පිහිටා තිබී ඇත්තේ මේ හිර ගෙදර ඉඳි කරන ලද භූමියේය. පසු කලෙක මහනුවර වැව ගොඩ කර හිර ගෙදර ඉඳි කරන ලද බවත් පැවසේ.

⁣අතීතයේ මෙරට දේශපාලනයේ නිරතව සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකුම බෝගම්බර හිර ගෙදර රඳවා සිට ඇති බවද ඉතිහාසයේ දැක්වේ. දෙවන ලෝක සංග්‍රාමයට එ⁣රෙහිව ලංකා සම සමාජ පක්ෂය මෙරට ගෙන ගිය මතවාදය නිසා එවකට ⁣සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර⁣යාගේ නියෝගයෙන් ලංකා සමසමාජ පක්ෂය නීති විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නම් කෙරිණි. ඉන් අනතුරුව ලංකා සමාජ පක්ෂ⁣යේ නායකයන් වූ ආචාර්ය

ඇන්.ඇම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා , එඩ්මන් සමරක්කොඩි අත් අඩංගුවට ගෙන බෝගම්බර හිර ගෙදර විශේෂ සිර මැදිරියක රඳවන ලදී. 1947 අප්‍රේල් 07 වන දින මධ්‍යම රාත්‍රියේ හිර ගෙදර රාත්‍රී රාජකාරියේ නිරතව සිටි සොලමන් නම් ජේලර් වරයාගේ උපකාරයෙන් මේ පිරිස ඉන් පලා යන ලදී. මේ පිරිස පලා ගියේ ඉන්දියාවටය.

1876 වර්ෂයේ සිට 1975 වර්ෂය දක්වා බෝගම්බරදී එල්ලා මරා දමන ලද සිරකරුවන් සංඛ්‍යාව 524 කි. අවසන් වතාවට මෙහි එල්ලා මරා ඇත්තේ තිස්මඩ ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදි කරුවන් වූ ඩබ්.ඩී.රිචඩ් හා ටී.එම්.ජයවර්ධන නම් අයවළුන්ය.

බෝගම්බර සිර ගෙදර හා බැඳුන සාහිත්‍යය

ඒ.ආර්.පී.ජේමිස් අප්පුහාමි නම් පුද්ගලයකු 1947 වර්ෂයේදී බෝගම්බර සිර ගෙදර පිළිබඳව “සිපිරි මාලය” නම් මාල කාව්‍ය සංග්‍රහයක් පල කර තිබේ. මේ මාල කාව්‍ය සංග්‍රහයේ කවි 95 ක් ඇත. මේ කවියා බෝගම්බර සිර ගෙදර සිර දඬුවමක් විඳි අයෙකු බව මේ කවි කියවන විට වටහා ගත හැකිය. කෙසේ වෙතත් හුදී ජන පහන් සංවේගය පිනිස සිපිරි මාලයේ කවි කිහිපයක් තැනින් තැනින් ගෙන මෙසේ පල කරමු.

පස් මරු බිඳ බුදුව ලෙව් සතට වැඩ කළේ
රැස් කර කුසල් මොක් පුරයට ගොඩක් කලේ
දොස් දුරලමි ගෙන මුනිඳුන්ගෙ පින් බලේ
විස්තර කියමි බෝගම්බර සිර සාලේ

මැන්නේ සේරුවක් බත් එක තැටිය කට
දුන්නේ ගම්මිරිස් ලුණු සමඟ එක් ⁣ කොට
වන්නේ මෙදුක මම පෙර කල පව් වලට
කන්නේ බත් නොවෙයි අම්මේ කඳුළු කැට

හපලා කන්ඩ බැරි බත් ටික ගල් එක්ක
උයලා ලබු හොද්ද දිය කළ කහ එක්ක
අනලා ගම්මිරිස් ලුණු කුඩු කර එක්ක
කාලා ඉන්ට බැරි දනවා මගෙ බොක්ක

දදා පපුව කුස යට ගිනි ඇවිලෙනවා
එදා බඩ ගින්නෙ නිතරම පිබිදෙනවා
විඳා මෙදුක කිකලක අපි ගැලවෙනවා
නිදා ගන්ට බැරි බලු මැක්කෝ කනවා

කරුම අපි කරපු පූරුවෙ ගෙවන්නට
කෙරුම නිමක් නැති ලෙස ඇත අපට
අරුම මව් පියොත් ඇත ඇස දකින්නට
උරුම වෙන්ඩ තිබුනද හිරගේ අපට

දුක බලනට කිසිවෙක් නැත අප අතරේ
වද දෙන්නට ජේලර් එති සැරින් සැරේ
වැඩ ගන්නට බොහොම කැමතිය තිර සාරේ
හිර වෙන්නට නොපතන් මින් මතු වාරේ

කියනා මෙපද වල කවි දොස් නොගනිල්ලා
විඳිනා මෙදුක දැන ගෙන ලොව සියල්ලා
වසනා හැම දනන් වෙත මෙත් සිත් ගල්ලා
නොයනා ලෙස සිපිරි ගෙට කල් ඇරපල්ලා

ජාර ගණන් දිග ඇති ඉණි කුණු ගොල්ල
නෑර ඔවුන් ඇඳි වත් වල දැවටිල්ල
කාට කියන් මේ දුකසේ පැමිණිල්ල
ඊට උඩින් මදුරන්නේ කෙඳිරිල්ල

අඳුරු කැලෑවක ගෝසා ඇත පේමේ
සොඳුරු නුරා බස් දුන්නා වැනි මහිමේ
පඳුරු ලලා ලියලන්නා වැනි මහිමේ
මදුරු රැලා ලේ බොන්නා බුදු අම්මේ

දීලා කකුල් දෙක හොඳටම තද වෙන්නා
කාලා ඉනිකුනෝ ඉනවට වන වෙන්නා
බීලා කිවුල් දිය මගෙ බඩ දඟලන්නා
විඳලා මෙදුක දෙවියනි මගෙ පන යන්නා

දුකින් සිර ගෙදර ඉඳගෙන කවි කෙරුය
බතින් බුලතින් අඩු කම් නිම් නැතිය
සිතින් සිතට එනකොට පන යනවාය
දුකින් කියා නිම කලෙ සිපිරි මාලය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති අනුර පට්ට පදුරු අපරාධකරුවෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරලා… අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Next Post

ගාල්ල මාලිමාවෙන් ගිලිහෙන ලකුණු…   මහනගර සභාවේ   බලය පිහිටුවන බව විපක්ෂය කැට දමා කියයි!

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.