බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

by editor
පෙබරවාරි 27, 2024
in වින්දන
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...

Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත් මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ ඇට සැකිල්ල...

Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

Asveja විල ලිතුවේනියාවේ විශාලතම සහ තුන්වන ගැඹුරුතම විල වනවා. දැනට නටබුන් ව පවතින 15 වන සියවසට අයත් Dubingiai බලකොටුව විලෙහි ඇති දූපතක ඉදිකර ඇති නිසා එය Dubingiai විල ලෙසත් හඳුන්වනවා.

පසුගියදා පුරාවිද්‍යාඥයන් සහ කිමිදුම්කරැවන් පිරිසකට මෙම Asveja විලේ හි ගැඹුරේ තිබී මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ ඇට සැකිල්ලක්  සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සොයාගැනීමක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Asveja විල

මෙමඟින් මධ්‍යතන යුගයේ ජීවත් වූ පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවනු ඇති. මෙලෙස සොයාගත් මධ්‍යකාලීන සොල්දාදුවාගේ දේහය සමඟ ඔහුගේ වෘත්තිය ඇඟවෙන ආකාරයේ පුරාවස්තු අනාවරණය කර ගැනීමට ද පුරාවිද්‍යාඥයන් සමත් ව තිබෙනවා.

එසේ අනාවරණය කර ගෙන ඇත්තේ කඩුවක්, පිහි දෙකක් සහ පටි ඇතුළු විවිධ සම් භාණ්ඩ කිහිපයක්. ඔහු මිය ගොස් ඇත්තේ ශක්තිමත් සම් බූට් සපත්තු පැළඳගෙන සිටියදී බව ද ඔවුන් සොයා ගෙන තිබෙනවා.

මානව විද්‍යාඥයින්ට අස්ථි පිළිබඳ අධ්‍යයනයකින් මෙය අයත් කාලය තක්සේරු කිරීමට නොහැකි වී තිබුනත්, කඩුව ඇතුලු අනෙකුත් වස්තූන් විශ්ලේෂණය කිරීමෙන් මධ්‍යකාලීන සොල්දාදුවා ජීවත්ව සිටි කාලය හඳුනා ගෙන තිබෙනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Dubingiai බලකොටුව පිහිටා තිබුණ දූපත…

ඒ අනුව විශේෂඥයින් දක්වා තිබුනේ මෙම සොයාගැනීම 16 වැනි සියවසට අයත් විය හැකි බවයි. ඔහුගේ මරණයට හේතුව තවමත් නිශ්චය කර නෑ . කෙසේ වෙතත්  නටබුන් සොයාගත් පෙදෙසේම 15 වන සියවසට අයත් Dubingiai බලකොටුව පිහිටා තිබෙනවා. එයද අද නටඹුන්ව පවතින බලකොටුවක්. මෙය බෝල්ටික් කලාපයේ වැදගත්ම බලකොටුවක් ව පැවති අතර එහි කාර්ය වූයේ අසල පිහිටි ලිවෝනියාවෙන් දියත් කරන ලද ප්‍රහාරවලින් ලිතුවේනියාව ආරක්ෂා කිරීමයි.

විශේෂඥයන් විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා විල්නියස් විශ්ව විද්‍යාලය වෙතට ඇටසැකිල්ල රැගෙන ගොස් ඇති අතර එහිදී  අස්ථි අධ්‍යයනය කිරීමට හැකි වනු ඇති.

පසුව සංරක්ෂණය සඳහා එම අස්ථි පද්ධතිය ලිතුවේනියානු ජාතික කෞතුකාගාරයට මාරු කිරීමට නියමිත බවද සඳහන් වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රොනී දිවි සැරියෙන් සමුගනී!

Next Post

මහබාගේ උක්කුවා ඝාතනය කළ අපරාධයේ පැදිකරු වූ හිටපු හමුදා සෙබලා එස්.ටි.එෆ්. වෙඩි පහරින් මරුට….

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024
ක්‍රීඩා

ගිය වර අවසන් මහා තරගය යළිත් සිහි කරමින් ආරම්භවන අයි.පී.එල් තරගාවලි කාලටහනේ කොටසක් ප්‍රකාශයට පත් වේ!

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.