සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

දිවියට උර දුන් සතුන්ටත් තුති පුදන ඇල්ප්ස් ගොවීන්ගේ මනුෂ්‍යත්වයේ උත්සවය

ඇල්ප්ස් කඳු මත කිරි ගොවීන්ගේ ජීවිතය -05

by editor
අගෝස්තු 16, 2020
in ජීවිතය
අලංකාර ලෙස ගවයින් සරසා පෙරහරේ වඩම්මවන  අයුරු

අලංකාර ලෙස ගවයින් සරසා පෙරහරේ වඩම්මවන අයුරු

Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –
ඡායාරූප – ශෂී සුබ්‍රමනියම් –

අලංකාරය තවත් අලංකාරකින්  අතික්‍රමණය වන්නාසේ ඇල්ප්ස් ගිම්හාන සමයට විවේකයක් ලබා දෙමින් ඇල්ප්ස් සැණකෙළිය ආරම්භ වන වකවානුවයි මේ ..

ඒ බව සනාථ කරමින් කටු සහිත රිදී පැහැති ඇල්ප්ස් කඳුකරයට විශේෂිත (Silber distelm) මල් වර්ගය ද පිපෙන්නට පටන් ගෙන තිබේ .

මෙම මල් වර්ගය පිපීමෙන් සංකේතවත් වන්නේ ඇල්ප්ස් ගිම්හාන සමයේ නිමාව බව ඇල්ප්ස් ගොවීන්ගේ විශ්වාසයයි .

අමුත්තන්ට රාක්ලට්

රාක්ලට් හදමින්….

මාටින් හා රෙබෙකාට අද තරමක් අවිවේකී දිනයකි. එක් පසෙකින් ඔවුන් දුර්නක්තාල් කඳුවැටි වෙත පැමිණීමට නියමිත අමුත්තන්ට ආහාර සැකසීම සඳහා සූදානම් විය යුතුය. අනෙක් පසින් පැමිණෙන අමුත්තන් සඳහා අවශ්‍යය ඩෙස් බංකු සකස් කළ යුතුය. ඔවුන් මෙම කටයුත්තේ නිරත වන්නේ තනිවම නොවේ. ඊට තවත් කිරි ගොවීන් කිහිප දෙනෙකුගේ හා නෑ හිතවතුන් කිහිපදෙනෙකුගේ සහය ද ලැබේ. අද පැමිණෙන අමුත්තන්ගේ ප්‍රධාන ආහාර වේල වන්නේ රාක්ලට්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ සදහා කිලෝ ග්‍රෑම් සියයකට ආසන්න බරැති රාක්ලට් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ චීස් ප්‍රමාණයක් වෙන් කර තිබිණි. රාක්ලට් කියූ සැනින් ස්විස් ජනයාගේ කටට කෙළ උනනු නොඅනුමානය. ඒ රාක්ලට් සිය සම්ප්‍රදායික ආහාර අතර ප්‍රධාන තැනක් ගන්නා නිසාය.

රාක්ලට් යනු උණුකර ආහාරයට ගන්නා චීස් වර්ගයකි. බොහෝ විට රාක්ලට් අනුභව කරන්නේ තම්බාගත් අර්තාපල් සමගය. ඇතැම්හු රාක්ලට් පාන් මත වක්කර කෑමට ද රුචියක් දක්වති. මෙම විශේෂිත කෑම වර්ගය සාම්ප්‍රදායිකව සීත සෘතුවේදී අනුභව කළත් අද වන විට වසරේ සෑම සෘතුවක දීම මිලදී ගැනීමට හා අනුභව කිරීමට හැකි ජනප්‍රිය ආහාරයක් වි හමාරය.

පවුලේ සැනකෙළිය

අද දිනයේ ඇති විශේෂත්වය රෙබෙකාගේ හා මාටින්ගෙ මුහුණුවල ඇති පිබිදීමෙන් පෙන්නුම් කෙරිණි. කොතරම් වැඩ රාජකාරි බහුල වුවත් පැමිණෙන සෑම අමුත්තෙකුටම ආචාර කිරීමට එම දෙපල අමතක නොකළෝය. පැමිණ සිටි අමුත්තන් අතර ග්ලාරුස් දකුණු පළාත් නගරාධිපතිවරයා හා සුප්‍රසිද්ධ හිටපු ගුවන් විදුලි නිවේදකයෙකු, රාජතාන්ත්‍රික නියෝජිතයකු හා ඔවුන්ගේ පවුලේ හිතවතුන් ද සිටිති. වෙනත් වසරවලට වඩා මෙම වසරේ දී සිමර්මාන් පවුලේ ඇල්ප්ස් සැණකෙළියට විශාල පිරිසක් සහභාගී වී සිටීම කාගේත් අවධානයට ලක් විය.

පවුලේ සැණකෙලිය

ඒ අතර සාම්ප්‍රදායික ස්විස් ඇඳුමින් සැරසී ඔබ මොබ දුවන කුඩා දරුවන්ගේ කෙළිලොල් හඬ ඊට එක් කළේ තවත් අලංකාරයකි. අන්යා හා මර්වින්ටද අද අවිවේකී දිනයෙකි. ඒ වෙනදාට වඩා වැඩි මිතුරන් ප්‍රමාණයක් පැමිණ සිටීම හේතුවෙනි. එහෙත් විටින් විට සිය දෙමාපියන්ට උදව් උපකාර කිරීමට ඔවුහු අමතක නොකළහ. සාම්ප්‍රදායික ස්විස් සංගීතය ද මෙවැනි උත්සවයක අනිවාර්ය අංගයක් වුවා පමණක් නොව එම සංගීතය ඇල්ප්ස් සැණකෙළිය තවත් විචිත්‍රවත් කළේය .

දරු පැටවුන්ගේ සතුට…

සැප්තැම්බර් මාසය සැලකෙන්නේ ඇල්ප්ස් ගොවීන් ඇල්ප්ස් කඳු මත පිහිටි ගොවිපොළ අතහැර පහලට පැමිණෙන මාසය ලෙසයි. ඇල්ප්ස් ගොවියන් එය සිදු කරන්නේ උත්සවත්ශ්‍රීයෙනි.
ගවයින්ට දෙවියන්ට මෙන් සැලකීම හින්දු හා ආසියානු සංස්කෘතියේ ලක්ෂණයකි. එහි යුරෝපීය පිටපත අපි ස්විට්සර්ලන්තයෙදි දුටුවෙමු . ඇතැම් විට එය ආසියාවටත් වඩා අලංකාර බව දුටු සැනින් කාටත් හැඟී යනු ඇත .

සම්ප්‍රදායික සංගීත මිහිර විඳිමින්…

ඇල්ප්ස් අප්සූග්ය

ස්විට්සර්ලන්තයේ සාම්ප්‍රදායික උත්සව හයසිය ගණනකට වඩා තිබෙන බව කිව හොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. ඒ සෑම උත්සවයක්ම ස්විස් වැසියන් ගම්මාන වශයෙන් , පළාත් වශයෙන් හෝ ජාතික වශයෙන් සමරන බව කී විට ඔබ තවත් පුදුමයට පත්වනු ඇත . මේ සාම්ප්‍රදායික උත්සවවල අලංකාරවත්ම එක කුමක්දැයි කෙනෙක් මාගෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර වන්නේ “ඇල්ප්ස් අප්සූග්ය” (Alp abzug ).

අලංකාර ලෙස ගවයින්ව සරසා කඳු මතින් පහළට වඩම්මන අයුරු…

මෙම උත්සවය එක්තරා ආකාරයකට කෘතගුණ සැලකීමේ අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැකිය. ඇල්ප්ස් අප්සූග් හී කස කරුවන් වන්නේ අන්කිසිවෙකු නොව ඇල්ප්ස් කඳු මතදී තමන්ගේ ජීවනෝපාය සඳහා උරදුන් එලදෙනුන් හා ගවයින් ය.

ඇල්ප්ස් අප්සුග් ලෙස හැඳින්වෙන්නේ මෙතෙක් මාස කිහිපයක් ඇල් කඳු මත කිරි එලදෙනුන් හා ගවයින් එළුවන් සමග ජීවත් වූ කිරි ගොවීන් ඇල්ප්ස් කඳු පාමුලට පැමිණෙන උත්සවයයි . කිරි ගොවීන් ගවයින් සහ එළුවන් සමග මෙලෙස පැමිණෙන්නේ පෙරහැරක් පරිද්දෙනි . “අප්සූග්” යන්නෙහි අර්ථය වන්නේ පෙරහැරය. ඇල්ප්ස් අප්සුග් යනු තවත්  ආකාරයකින් කිවහොත් ඉතා මනස්කාන්ත හැඟීමක් එක්කරන හා කෘතගුණ දැක්වීමේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය.

මනරම් මල් ඔටුනු හිස පැළඳ වූ එළුවන්…

මාස තුනකට ආසන්න කාලයක් කඳු මත සිට එලදෙනුන් හා ගවයින් පහළට පැමිණෙන ආකාරයෙන් ඒ බව මනාව තහවුරු වේ. සෑම ගවයකුගේ ම හිස මත අලංකාරවත්ව සැකසූ මල් කළඹක් පළඳවා තිබීම මෙම සාම්ප්‍රදායික උත්සවයෙ ප්‍රධානතම විශේෂත්වයකි. ඇතැම් කිරි ගොවීන් මෙලෙස පහළට පැමිණෙන්නේ සාම්ප්‍රදායික ජන ගී ගයමිනි. ඔවුන් පැළඳ සිටින්නේ ස්විස්ටර්ලන්තයෙ සාම්ප්‍රදායික ඇඳුම්ය. බොහෝ විට ඇල්ප්ස් පෙරහැර සමග කිරි ගොවීන්ගේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් කිරීම සිදු කෙරේ.

දුටුවන් සිත් තුටු කරවන කළගුණ සැලකීමේ පෙරහර…

වර්තමානයේ මෙම සාම්ප්‍රදායික උත්සවය සංචාරකයින් ඇදගැනීමේ සංස්කෘතික අංගයක් බවටද පත්ව තිබේ. මාස තුනකට ආසන්න කාලයක් ඇල්ප්ස් කඳු මත ජීවත් වී පහලට උත්සවත්ශ්‍රීයෙන් පැමිණෙන ඇල්ප්ස් ගොවීන්ට හා ගවයින්ට ගෞරව දැක්වීම සඳහා ඒ ඒ පළාත්වල ජනතාව මග දෙපස රැස්ව සිටීමද මෙම සම්ප්‍රදායේම තවත් අංගයකි .

මීළඟට ඇල්ප්ස් ගවයින්ගේ මෝස්තර නිරූපණ ශිල්පියා පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න .

පසුගිය කොටස….

ලෝකයේ චමත්කාරය විඳිමින් ජීවිතය ඉගෙන ගන්නා සොබා දහමේ දරුවො….

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රීට ඉදිරියේදීත් කිසිදු තනතුරක් නොලැබෙන හැඩ

Next Post

ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය පුරා මසක් ටවර් හා එල්ෆින්ස්ටන්හි දි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.