සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලෝකයේ චමත්කාරය විඳිමින් ජීවිතය ඉගෙන ගන්නා සොබා දහමේ දරුවො….

by editor
අගෝස්තු 8, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –

ස්විස් ඔර්ලෝසු මෙන්ම ස්විස් ජනතාවද වෙලාවට වැඩ කරන ප්‍රජාවක් ලෙස ප්‍රචලිතය. ඊටත් වඩා ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන ප්‍රජාවක් ලෙස අත්දැකීමෙන් අපට කිව හැකි
ය. ඒ නිසාම මුදල් ගනුදෙනුවලදී ඔවුහු ඉතා අරපිරිමැස්මක් සහිත ජාතියකි.

සිය මවට චීස් සෑදීම සඳහා උදව් වන ආන්යා..

මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් ගෙන් වැඩි පිරිසක් වසර කීපයක් යන්නට පෙර නවීන පන්නයේ වාහනයක් මිලදී ගැනීමට පෙළඹේ. බොහෝ සංක්‍රමණිකයන්ගෙ ප්‍රධාන අභිලාෂය එය වුවත් ස්විස් වැසියන් එවැන්නක් දෙස බලන්නේ තරමක අවඥාසහගත හැඟීමකිනි. වාහනයක් යනු විශාල අමතරව පිරිවැයක් දැරීමට සිදුවන දෙයක් බව ඔවුන් බහුතරයකගේ මතයයි. සංක්‍රමණිකයින් බහුතරයක් නවීන පන්නයේ වාහනයක් ගැනීම සඳහා මුදල් එකතු කරන විට ස්විස් වැසියන් මුදල් එකතු කරන්නේ තම නිවාඩුව රිසිසේ ගත කිරීම සඳහායි. බොහෝ සංක්‍රමණිකයින් සිය රටට නිවාඩුව ගතකිරීම සඳහා යෑමේ සිහිනයෙන් පසු වන විට ස්විස් වැසියන් වසරින් වසර තම අත්දැකීම් සොයා ලෝ වටා සංචාරය කිරීමට ඇල්මක් දක්වති. රැකියාව හැරුණු කොට ඔවුන්ගේ ඊළඟ ප්‍රධානතම සැලසුම වන්නේ ලැබෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමය. ඒ සඳහා මුදල් එකතු කිරීමය.

ස්විස් ජාතිකයින්ගේ ප්‍රධාන නිවාඩු කාලය වන්නේ ගිම්හාන නිවාඩු සමයයි. එයිනුත් පාසල් නිවාඩුව සහිත ජූලි හා අගෝස්තු මාසවල නිවාඩුව ඔවුන්ගේ වැදගත් කාල පරිච්ඡේදයයි . එහෙත් මෙම සිහිනයන් ගෙන් එපිට ජීවත්වන ප්‍රජාවක් ද සිටී. ඒ අන් කිසිවකු නොව අප මෙතෙක් කල් ඔබට ගෙනහැර දැක් වූ ඇල්ප්ස් කිරි ගොවීන්ය.
මාස තුනකට ආසන්න කාලයක් ඔවුන් සිය විශේෂ නිවාඩුව ගත කරන්නේ ඇල්ප්ස් කඳු මතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජීවිතය ඉගන ගමින් ඇල්පස් කඳු මත ගෙවන නිවාඩුව

“මීට වඩා නිවාඩුවක් කොහෙද තියෙන්නේ, මාස තුනක් අපි ජීවත් වෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක, බොහෝවිට මිනිස් වාසයෙන් තොරව සතා සිව්පාවා සමග . අපි බොන්නේ ඇල්ප්ස් කඳු මත දලු ලන මල් වලින් සාදා ගත්ත තේ වර්ගයි , අපි ආශ්වාස, ප්‍රශ්වාස කරන වාතය මොනතරම් පිරිසුදු ද ..”මෙසේ හඬ අවදි කළේ රෙබෙකාය.

ඇල්ප්ස් දරුවො..

පශුවෛද්‍ය වරයා පැමිණි මොහොතේ මර්වින් ඔහුව පිළිගත් අයුරු

බොහෝ පිරිස් සිය නිවාඩුව විවිධ රටවල් වල සංචාරය කර වෙහෙස වී නැවත පැමිණෙන විට ඇල්ප්ස් කිරි ගොවීන් සිය නිවාඩුව දිනපතා නැවුම් අයුරින් ගත කරති. එයිනුත් මෙම නිවාඩු සමයේ වැඩිම වින්දනය ලබන්නෙ ඇල්ප් දරුවන්ය. ඇල්ප් දරුවෝ විශේෂිත දරුවන් පිරිසක් බව කීම අතිශෝක්තියක් නොවේ.
බොහෝ දරුවන් ප්ලාස්ටික් ට්‍රැක්ටර් සමග සමග සෙල්ලම් කරන විට ඇල්ප්ස් දරුවන් කුඩා කල සිටම සැබෑ ට්‍රැක්ටර් හැසිරවීම පිළිබඳ ඉගෙන ගනිති. බොහෝ දරුවන් සෙල්ලම් ගොවිපොළවල් සමඟ කාලය ගත කරන විට ඇල්ප්ස් දරුවෝ ගවයින්, ඌරන්, එළුවන්ගේ හා බූරුවන්ගේ පිට උඩ යමින් එම වින්දනය සෘජුවම ලබති.
දෙමව්පියන්ට උදව් කිරීමේ පුරුද්ද ළමයින්ගේ මානසික වර්ධනයට වඩාත් බලපාන බවට පාසල් අධ්‍යාපනයේ දී දරුවන් ඉගෙන ගනී. ඇල්ප්ස් දරුවන් එම සියලු පාඩම් නිරායාසයෙන්ම ඉගෙන ගෙන හමාරය .
නවීන තාක්ෂණයත් සමඟ වේගයෙන් ඉදිරියට යන සමාජය, ස්වභාවධර්මයෙන් ඈත් වීමේ ප්‍රතිවිපාක ගැන අප මැසිවිලි නගන විට ඇල්ප්ස් දරුවෝ ස්වභාවධර්මය සමග ජීවත් වෙමින් එහි සාරය මැනවින් උකහා ගනිති.

දුර්නක්තාල් කඳු වැටිය වෙත .ළඟා වූ සෑම අවස්ථාවකදීම අප දුටු විශේෂත්වයක් වන්නේ සිමර්මාන් යුවළ ගේ දරුවන් දෙදෙනා වන “මර්වින්” හා අන්යා සෑම විටම කිසියම් අයුරකින් සිය දෙමාපියන්ට උදව් උපකාර කරන අයුරුය. එය යුතුකමක් හා වගකීමක් ලෙස නොසලකා ඔවුන්ගේ ජීවිතයේම කොටසක් ලෙස සිතා ක්‍රියා කරන බවට අපට හැඟිණි. එය සැබවින්ම ස්වභාවික පෙළඹවීමකි. මාර්ටින් හා රෙබෙකා දුර්නක්තාල් වෙත සංක්‍රමණය වූ මුල් දිනයේ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වාහනයෙන් බඩුභාණ්ඩ ඉවතට ගැනීම සඳහා උදව් කළේය. මර්වින් ගවයින් ගාල් කිරීම සඳහා සිය පියාට උදව් කරන අතරතුරදී අන්යා සිටියේ චිස් සාදමින් සිටි සිය මවට උදව් කරමිනි.

අසනීපයෙන් පසුවන ගවයකු පරීක්ෂාකිරීමට පශුවෛද්‍යවරයා පැමිණි විට ඔවුන් දෙදෙනාම සිටියේ ඒ අසලයමය. පංශූ වෛද්‍යවරයා සමඟ වන සිය දෙමාපියන්ගේ සංවාදයට ඔවුහු ඇහුම්කම් දෙති. එමගින් ඔවුන් ලබන දැනුම වෙනත් කිසිදු පාසලකින් ලද හැක්කක් නොවේ. ගෙවත්තේ සිටින කිකිළියන් දමන බිත්තර ගණන් කරන්නේද මර්ව්න් හා අන්යාය. ඔව්හු ස්භාව ධර්මයේ දරුවන්ය.

වෙළෙඳපලට චීස් අලෙවි කරද්දී ආන්යා සිය පියා සමග

ග්ලාරුස්හි ගිම්හාන පාසල් නිවාඩු කාලය අගෝස්තු මැද අවසන්වේ. ඒ අනුව සියලු දරුවන් නැවත පාසල් වෙත යායුතුය .ස්විට්සර්ලන්තයේ බොහෝ ඇල්ප්ස් ගොවියෝ සිය දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය මෙලෙස පැකිලීමකින් තොරව ලබා දීමට උත්සුක වෙති. එහෙත් ඇතැම් ඇල්ප්ස් හි දුෂ්කර මාර්ග හේතුවෙන් ඇල්ප්ස් දරුවන්ට ඇල්ප්ස් සමය තුළදී සාමාන්‍ය පාසල් වෙත යාමට හැකියාවක් නොමැත. ඒ නිසාම ඔවුහු එම කාලසීමාවලදී පාසැල් නොයති.

එහෙත් ඒ සඳහා ඔවුන් විශේෂිත අවසරයක් අධ්‍යාපන බලධාරීන්ගෙන් ලබාගත යුතුය. මේ කාල සීමාවේ අමතර අධ්‍යාපනය සඳහා කාලය වැය කිරීම එම අවසරය ලබා දීමට ඇති කොන්දේසියකි. ඇතැම්විට ඇල්ප්ස් ගොවීන්ට අමතර ගුරුවරුන්ගේ සහාය ලබා ගැනීමටද සිදුවේ.

කෙසේ වුවද මෙම දුෂ්කරතාවයට මර්ව්න් හා අන්යා මුහුණ පාන්නේ නැත. සෑම දිනකදීම පෙරවරුවේ සිය වාහනය මගින් මාර්ටින් දරුවන් දෙදෙනාව ඇල්ප්ස් කඳු වැටියට පහළ පිහිටි පාසලට ගෙන යාම ඊට හේතුවයි.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ්-19 එන්නතක් ලියාපදිංචි කරන පළමු රට වීමට රුසියාව ලෑස්තියි

Next Post

නව රජයේ කැබිනට් මණ්ඩලය සීමිතයි…. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි.

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

Comments 1

  1. Thilak Indika says:
    වසර 6ක් ago

    නියමයි, ලස්සනම ලස්සනයි අක්කි

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.