බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබළවූ හැඩකාර යෞවනයා ….

by editor
මාර්තු 16, 2022 - Updated on මාර්තු 17, 2022
in කලා
Share on FacebookShare on Twitter

අකාශ් තාරුක පෙරේරා –

හැඩකාර තාරුණ්‍යය වෙනුවෙන් නිසි වටිනාකමක් ලබාදීමේ මුඛ්‍ය අභිලාෂය පෙරදැරි කොටගෙන ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද සංවිධානය වන, පැවැත්වෙන නිරූපණ තරඟාවලීන්‍ රැසකි. ‘Mr. Global’ යනු ඒ අතුරින් ද ජාත්‍යන්තරීය වශයෙන් කාගේත් විශ්වසනීයත්වය දිනාගත් සහ ජනාදරයට පත් නිරූපණ තරඟ සන්නාමයකි. 2021 වර්ෂය සඳහා වූ Mr. Global තරඟාවලිය මෙවර අඛණ්ඩව සත් වැනි වතාවටත් ඉකුත් දා තායිලන්තයේ මහා සරාකම්’හි විචිත්‍රවත් ලෙස පැවැත්වුණි.

ලොව ප්‍රකට රාජ්‍යයන් රැසක හැඩකාර, කඩවසම් මෙන්ම ප්‍රතිභාපූර්ණ තරුණයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මෙවරත් ද කඩවසම් යෞවනයෙක් තායිලන්තයේ පැවැත්වුණු එම තරඟය වෙනුවෙන් සහභාගී වීය.

‘අභිෂේක් ප්‍රමුදිත’

‘අභිෂේක් ප්‍රමුදිත’ මෙතෙක් කලක් ඔහුගේ නම ප්‍රකට වූයේ ජාතික මට්ටමේ නිරූපණ ශිල්පියෙකු සහ නැගී එන ටෙලිනාට්‍ය සහ ගීත රූප රචනා නළුවෙකු ලෙස පමණි. නමුත් ඊයේ රාත්‍රියේ නිමාව දුටු Mr. Global 2021 තරඟාවලියේ Best National Costume නැමැති අනු තේමාව ජයග්‍රහණය කිරීමේ සුවිසෙස් භාග්‍ය ලැබීමෙන් මතු ඔහු දෙස් විදෙස් ආදරය සහ අවධානයට ලත් තුරුණු ශිල්පියෙකු ලෙස මෙතැන් පටන් සිය ගමන් මගෙහි පියවර තබනු ඇත.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ‘හදවතේ කතාව’ ටෙලිනාට්‍ය හරහා රංගන වරම් ලබමින් ටෙලිනාට්‍ය කලාවට ඔහු රංගන ශිල්පියෙක් ලෙස එක්වුවත් මෙරට තරුණ තරුණියන් අතර ඔහු ජනාදරයට පත්වූයේ ගීත රූප රචනා සඳහා වැඩි ඉල්ලුමක් හිමි තරුණ නළුවෙකු ලෙස ය. ‘Tiktok’ සමාජ මාධ්‍යයේ ද කැපීපෙනෙන චරිතයක් වන ඔහු නැගී එන ජනප්‍රිය තුරුණු නිර්මාණ කණ්ඩායමක් වන ‘Spade Squad’හි ද ප්‍රබල සාමාජිකයෙකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම තරඟාවලිය වෙනුවෙන් Mister Sri Lanka for Mister Global 2021 යන නියෝජනය වෙනුවෙන් අභිෂේක් ප්‍රමුදිතව නිර්දේශ කිරීම, සූදානම් කිරීම සේම මෙම කර්තව්‍යයේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ද මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ අංක එකේ ජනප්‍රිය නිරූපණ ප්‍රවීණයෙකු වන සමීර වීරසිංහ ය.

‘අභිෂේක් ප්‍රමුදිත’

අභිෂේක් මෙහිදී දිනාගත් අනු තේමාව ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව සමීප කළ දේශීයත්වයේ වයනය රැගත් ඇඳුම් නිර්මාණය ‘අමිල උදය පෙරේරා’ විසින් සිදුකරන ලද්දක් වන අතර ඔහු ද දේශීය වශයෙන් අප සැමට මතු බලාපොරොත්තු තැබිය හැකි මෝස්තර නිර්මාණවේදියෙකි. සාම්ප්‍රදායික අවකාශයේ මෙරට ප්‍රකට සත්ත්ව රූපයක් වන ගුරුලා රූපය ඇසුරෙන් නිර්මාණය වූ රත් පැහැයට වඩා සමීප එම ඇඳුම් නිර්මාණය, මෙම තරඟාවලියේ මනාප විමසුම්වලදී පවා සමාජ මාධ්‍යයීය වැඩි අවධානයක්, ආකර්ෂණයක් දිනාගත් ඇඳුම් නිර්මාණයක් ලෙස ද දක්නට ලැබීම සතුටට කරුණකි.

කෙසේ නමුදු මේ සියල්ලෙහි අග්‍ර කීර්තිය ශ්‍රී ලාංකේය නාමය ඉදිරියෙන් තැන්පත් කිරීම උදෙසා තම තාරුණ්‍යයේ නිර්මාණනීය ජවසම්පන්න මෙන්ම හැඩකාර නියෝජනය මෙහෙයවූ අභිෂේක් ප්‍රමුදිත වෙනුවෙන් ඔහුගේ නිරූපණ සහ රංගන ක්ෂේත්‍රීය අනාගතය වඩා වඩාත් පැහැබර වන්නට, ජයග්‍රාහීත්වයම සමීප වන්නට මෙසේ අපගේ සුභාශිංසන එක් කිරීම වටිනේය.

mailto:[email protected]

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන පර්මිට් දෙන්න හිතන්නත් කලින් මන්ත්‍රිවරු සල්ලි අරන් !

Next Post

මුදල් ඇමති බැසිල් අනියමින් මිනී මරන බව ගම්මන්පිල කී හැටි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.