අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් ඇමති බැසිල් අනියමින් මිනී මරන බව ගම්මන්පිල කී හැටි!

by editor
මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිකමින් මේ රටේ එක් පුරවැසියෙකුගේ හෝ ජීවිතය අහිමි වුවහොත්, ඒ මරණයේ වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් භාරගත යුතු බව හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ( 16 ) එන් එම්එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මුළු රටම හරිමගට මාධ්‍ය හමුව අමතමිනි.

වර්ෂ 2020 ඔක්තොම්බර් 26 දා එවකට රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් මේ ආර්ථික බිඳවැටීම සම්බන්ධව අනතුරු අඟවා අත්‍යාවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ සීමා කරන ලෙස දන්වා සිටිය දී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම සඳහා මුදල් ඇමතිවරයා  ඩොලර් බිලියන 6ක් වැය කළ බව උදය ගම්මන්පිල හෙළි කළේය.  අද අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ වී තිබෙන්නේත්, තෙල් ගෑස් පොලිම් හැදී තිබෙන්නේත් මේ උපදෙස් තඹයකට මායිම් නොකළ නිසා බව ඔහු කීවේය.

එමෙන්ම 2021 ඔක්තෝම්බර් 1 දා මහ බැංකුව විසින් ආර්ථිකය කළමනාකරණය කරන හය මාසික සැලැස්ම මුදල් ඇමතිවරයාට ලබා දී කැබිනට් අනුමැතියට යොමු කරන ලෙස දන්වා සිටියත් මේ වනතුරුත් එවැනි ලේඛනයක් කැබිනට් අනුමැතිය සඳහා යොමු නොකළ බවත් ඔහු කීවේය. බැසිල් රාජපක්ෂ හිතාමතා මේ රට බරපතල ආර්ථික ව්‍යසනයක් කරා ගමන් කරවන බව තමන් පවසන්නේ මෙවැනි කරුණු සහ දත්ත මත පදනම්ව බවත් ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු බලශක්ති ඇමතිවරයා මේ ව්‍යාකූලත්වය හෙළි කළේ මෙසේය.

අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් අපේ රටේ බහුතර  ජනතාව අද ඩීසල් පෝලිම්වල ගෑස් පෝලිම්වල බෙහෙත් පෝලිම්වල දුක් විඳිනවා.  එහෙම ජනතාවටට දුක් විඳින්න සිදු වුනේ මුදල් ඇමතිගේ වරදින්.

පසුගිය වසරේ අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6යි.  ඒක ඉතිහාසයේ වාර්තා වුණු ඉහලම ආනයන අගයක්.  එයින් ඛනිජතෙල්, ගල් අඟුරු, ගෑස්, ඖෂධ සහ වෛද්‍ය උපකරණ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට වැය කරලා තිබෙන්නේ ඩොලර් බිලියන 4.6යි.  අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් වැය කරලා.

2020 ඔක්තෝම්බර් මාසයේ 20 වෙනිදා ඉඳන් ආණ්ඩුවට කියූ ආකාරයට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කලා නම් අද අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැයගණන් නෙවෙයි දවස් ගණන් මෙ රටේ ජනතාවට පෝලිම් වල දුක් විදින්න වෙන්නේ නෑ.

2020 ඔක්තෝම්බර් මාසයේ 26 වෙනිදා ඒවකට රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කලා ආර්ථික අර්බුදයක් කරා යමින් ඉන්නවා, ඉන් ගොඩ ඒමට ගත යුතු පිළියම්. ඒම නිර්දේශයන්හි 26 වෙනි පිටුවේ නිර්දේශ කරන්නේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කල යුතුයි කියන එක.

එඒදා ඒ දේ නොකළ නිසා පිළිකා රෝගයට‌ හෘද රෝගයට ‌බෙහෙත් නැතිව මේ රටේ කවුරුන් හෝ මිය යනවනම් ඒ සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බාරගත යුතුයි. පෝලිම් වල දුක් විදින ජනතාවගේ අඳෝනා වලට වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා භාරගත යුතුයි.

2021 ඔක්තෝම්බර් 1 දා මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩ දාන මාස හයක සැලසුමක් හදලා මුදල් ඇමතිට දුන්නා  මේකට ඇමති මණ්ඩල අනුමැතිය අරන් දෙන්න කියලා. මම අමාත්‍ය ධුරයේ සිටිය දී විදේශ ගතවූ එක් අවස්ථාවක් හැර සෑම අමාත්‍යමණ්ඩල රැස්වීමකටම සහභාගී වුනා. අද දක්වාම මේ වාර්තාව ඇමතිමණ්ඩලයේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයා විසින්  ඉදිරිපත් කර නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ, මේ රටේ ආර්ථිකය කඩා බිද දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා සිතා මතා සැලසුම් සහගතව කටයුතු කරණවා කියලා . ඒ නිසයි අපි ඒ චෝදනාව ඉදිරිපත් කරන්නේ.

රුපියල කඩා වැටීමට හේතු පොකුරක්

ඉන්ධන මිල ඉහල නැංවීමට වඩාත් බල පෑ රුපියල පා කිරීමේ දී මෙතරම් දරුණු කඩා වැටීමක් සිදු වුණේ රුපියලේ විනිමය අනුපාතය වසරකට වඩා වැඩි කාලයක් කෘතිමව අල්ලා ගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. දැවැන්ත ඩොලර් කළු කඩයක් බිහි වුණා. බැංකු පද්ධතිය හරහා මේ රටට ඩොලර් ඒවූ විදෙස්ගත ශ්‍රමිකයන් මේ කළු කඩය හරහා ඩොලර් එවන්නට පටන් ගත්තා.

මැද පෙරදිග රස්සාව කරන ලාංකිකයෙක් ඒ රටේ දී කළු වෙළඳපොලට ඩොලර් සීයක් දුන්නොත් පැය කිහිපයක් ඇතුළත ලංකාවේ ගමේ ඉන්න අම්මාට දුරකතන ඇමතුමක් ලැබෙනවා.  ඊට පස්සේ තාත්තාගේ බෙහෙත් තුණ්ඩුව වට්ස්ඇප් කර ගන්නවා.  අම්මාගේ කඩෙන් ගන්න බඩු ලැයිස්තුව වට්ස්ඇප් කර ගන්නවා.  දවස ඇතුළත බඩුත් අරගෙන ගෙදරට යනවා.  ඉතිරි සල්ලි අම්මා අතට දීලා ලදුපතක් අත්සන් කර ගන්නවා.  ඊට පස්සේ අම්මා තාත්තා එක්ක ඉඳලා සෙල්ෆියක් අරගෙන සෙල්ෆියයි බිල් ටිකයි අම්මා අත්සන් කල ලදුපතයි පුතාට වට්ස්ඇප් කරනවා. මේ සියල්ලටම යන්නේ පැය විසි හතරයි.

දැන් බැංකුවෙන් ඩොලරයට රු275ක් ගෙවනවා කියලා මේ තරුණයා නැවත බැංකු පද්ධතිය හරහා ලංකාවට සල්ලි එවයි ද?.  කළු කඩෙන් ලබා දෙන සේවය බැංකුවලට ලබා දෙන්න පුළුවන් ද?. බැංකුවට සල්ලි එව්වාම සල්ලි එවලා දවසක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා ගිණුමට සල්ලි එනතුරු.  සල්ලි බැංකුවෙන් ගන්න අම්මාට පෝලිමේ ඉන්න වෙනවා.  ඊලඟට ෆාමසියේ සුපිරි වෙලඳසැලේ පෝලිම්වල ඉන්න වෙනවා.  වයසක අම්මාට ඒ දුක දෙනවාට වඩා හොර ක්‍රමයට සල්ලි එවන්න පුතා කැමැතියි.

දැන් රුපියල පා කළ පමණින් එදා බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කළ අය නැවත බැංකු පද්ධතිය වෙත පැමිණේවි යැයි  කියලා අප නම් හිතන්නේ නැහැ. නැති කරගන්න එක ලේසියි. ආපහු ගෙන්න ගන්න එක නම් අමාරුයි.

මේ හේතු වලට අමතරව බරපතල ලෙස මුදල් අච්චු ගැසීම, උද්ධමන වේගයට වඩා අඩු අනුපාතයකින් පොලිය පවත්වා ගෙන යෑමෙන් ජනතාව ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය පෙලැඹීම, අපනයන ආදායම සහ ආනයන වියදම අතර දැවැන්ත පරතරයක් පවත්වා ගෙන යෑම සහ ආනයන භාණ්ඩ මත රැඳෙන වැඩ ලක්ෂය වැනි නව ව්‍යාපෘති ඇරඹීම වැනි ආර්ථික විද්‍යාත්මක කාරණා ගණනාවක් රුපියල බරපතල ලෙස කඩා වැටීමට බල පා තිබෙනවා.

වත්මන් ආණ්ඩුවත් 77 සිට බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම මේ රුපියල බරපතළ ලෙස කඩා වැටිලා උද්ධමනය ඉහළ යාමට වගකීම භාරගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසයි රුපියල කඩා වැටිල දැවැන්ත උද්ධමනයකට මුහුණ පාන්නට සහ පීඩනයට ලක් වන්නට අපේ රටේ ජනතාවට සිද්ධවෙලා තියෙන්නේ කියලා අපි සිහිපත් කරන්නට ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබළවූ හැඩකාර යෞවනයා ….

Next Post

ජනපති ජාතිය ඇමතීමට විදුලියෙන් බාධා නොමැත!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.