අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

වලානෙන් ඇල්ලූ බව කී ගණිකා නිවාසය ගැන අනූෂා දමයන්ති කියන කතාව

by editor
ජූලි 25, 2021
in කලා
Anusha
Share on FacebookShare on Twitter
  • සරත් වීරසේකර සර් කියන්නෙ දක්ෂ කලා කරුවෙක්. ඔහුව දන්නෙ දේශපාලනයටත් එන්න පෙර…

  • එතුමා සම්බන්ධ කරලා මට මේ මඩ ගහන්නෙ මා දේශපාලන චරිතයක් නිසා…

  • මේ මඩ ගහන සිද්ධිය දවසෙ මා හිටියෙ කතරගම සරස්වතී පූජාවක… අක්ක කෙනෙක් තමයි කතා කරලා වෙබ් එකක ගිය කතාවක් කියලා මේ ගැන මට කිව්වෙ…

  • අජිත් රෝහණ මැතිතුමා කතා කරලා ඇහුවා අනුෂා මොකද මේ කියලා…

ශ්‍රි ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ සහ නර්ථන කේෂ්ත්‍රය තුළ නොමද ආදරයක් දිනා ගත් ප්‍රසිද්ධ සිනමා නිළියක් සේම කාලයෙන් කාලයට විවිධ පුවත් මැවෙන රංගන ශිල්පිනියක් ලෙස අනූෂා දමයන්ති ප්‍රසිද්ධය. මේ දිනවල ඇය කාගෙත් කතාබහට ලක්වන චරිතයක් වන්නේ ඇයට එල්ලවුණු චෝදනාවක් සම්බන්ධවය . ඒ පිළිබඳ ඇය අපට පැවසුවේ මෙවැනි අදහසක්.

අනූෂා මේ දවස් වල කාගෙත් කතා බහට ලක් වෙන චරිතයක් නේද?

මම හැමදාමත් මම කරපු කලා කටයුතු නිසා කතා බහට ලක්වුණ චරිතයක්. නමුත් මම නොකරපු දෙයකට සහ මම නොදන්න දෙයක් වෙනුවෙන් මම ගැන මේ දවස්වල ගොඩක් කතා කරනවා. මට නගපු බොරු චෝදනාවට මම නීතිය ඉදිරියට යනවා සහ අසාධාරණය වෙනුවෙන් කතා කරන්න මම සුදානමින් ඉන්නෙ.

මොකක්ද මේ පැතිරෙන කතාව?

මේක ඇත්තටම වෙබ් සයිට් එකක ඉතාමත් නින්දිත විදියට පළවෙච්ච සාපරාධී ක්‍රියාවක් හා සමානව ඉතා අසත්‍ය පුවතක්. ජූලි දාහත්වෙනිදා තමයි මෙය වෙබ්සයිට් එකට දාලා තිබුණෙ. ඒ වෙලාවෙ මම හිටියෙ කතරගම . හේතුව මගෙ තිබුණ පූජාවක්. කතරගම සරස්වතී කෝවිල අවුරුදු දොළහක් තිස්සෙ මම තමයි සරසන්නෙ. ඒ කටයුතු වෙනුවෙන් තමයි මම මම කතරගම ගියේ. එදාම තමයි මේ පුවත පළ කරලා තිබුණේ.

එහිදි පවසලා තිබුණෙ මට මාලඹේ ගෙයක් තිබුණා කියලා සහ වලාන දූෂණ මර්ධන ඒකකයෙන් ඒ ගෙදර වැටලුවා කියලා. එතන ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිහින් තියන බවත් විදේශීය කාන්තාවන් හත්දෙනෙකු සහ අවුරුදු දහ අටට නොඅඩු ළමයි තුන් දෙනෙක් සමග මම ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවත් වලාන දූෂණ මර්ධන ඒකකයෙන් මගේ නිවසට ගිය අවස්ථාවේ මම එම නිලධාරින්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුන බවත් තමයි ඒ සයිට් එකේ දාලා තිබුණෙ.

ඒ බැන වැදුණු අවස්ථාවේදිම මම සරත් වීරසේකරයන්ට දුරකථන ඇමතුමක් ලබා ගත් බවත් සරත් වීරසේකර සර් වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ඇමතුමක් ගෙන බැන වැදුන බවත් තමයි එහි සටහන් කර තිබුණෙ. මෙය ඉතාමත් සැළසුම් සහගත ලෙස මට මඩ ගැසීමට සහ සරත් වීරසේකර සර්ට මඩ ගැසීමට කළ කුමන්ත්‍රණයක් .

මෙය දේශපාලනයට සම්බන්ධ කටයුත්තක් බව ඔබ විශ්වාස කරනවද?

ඔව් අනිවාර්යයෙන් මෙතන දේශපාලනය තමයි තියෙන්නෙ. මම කලාකාරිනියක් හැටියට කවුරුන් හෝ මඩ ගැහුවනම් සරත් වීරසේකරයන් මේකට සම්බන්ධ කරගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳ කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මෙය කියවන ඕනම කෙනෙක්ට වැටහෙනවා මෙය තනිකරම තියෙන්නෙ දේශපාලන පලිගැනීමක් කියලා. හේතුව මහින්ද රාජපක්ෂගෙ වේදිකාවෙ කතා කිරීම. මේක කියවන බුද්ධිමත් මනුස්සයෙක්‍ට තේරුම් යනවා මේක තනිකරම බොරුවක් කියලා.

ඇත්තටම මට මාළඹේ ගෙයක් නැහැ. මගේ ගෙදර තියෙන්නෙ කොහෙද කියලා මම හිතන්නෙ මුළු කළා ක්ෂේත්‍රයේම මිනිස්සු සහ මගේ ආදරණීයන් දන්නවා. මම ජීවත් වුණ හැටි මටත් වඩා හොඳට මේ කලා ක්ෂේත්‍රයේ අය සාක්ෂි දරාවී. මම මගේ වෘත්තීය ගෞරවය රැකගෙන මේ වෙනුවෙන් ඉතාමත් වන්දනීය විදියට මේ ක්ෂේත්‍රයට කැපවුණු කෙනෙක්. මට මඩ ගහන්න ප්‍රධාන හේතුව මම දේශපාලන වේදිකාවේ දැඩි හඬක් නැගීම.

ඔබ දේශපාලනයට පිවිසෙන්නේ මොන වර්ෂයේද සහ ඔබගේ දේශපාලන ජීවිතය ගැන කතා කළොත්?

මම 2005 වර්ෂයේ තමයි දේශපාලන වේදිකාවට නගින්නෙ. පසුව 2010 මහින්ද රාජපක්ෂයන්ගේ වේදිකාවට නගිනවා. මහින්ද රාජපක්ෂ අගමැති වෙනතුරුම මම එතුමා සමඟ හිඳිමින් එතුමාට බොහෝ උපකාර කරමින් වේදිකාවක් වේදිකාවක් හඬ නගපු කෙනෙක්. පළාත් සභා, නගර සභා මහමැතිවරණ , ජනාධිපතිවරණ හැම දේකටම එක රුපියලක වාසියක් තකා නෙමෙයි මම කටයුතු කළේ.

මම දැවැන්ත විදියට දේශපාලනය කළා. මට ඕනේ තරම් මඩ ගැහුවා. නමුත් මම කිසිම දෙයක් ගණන් ගත්තෙ නැහැ. අපිට ඒ දේවල් වැඩක් නැත්තම් අපි ඒ දේවල් ගන්න ඕනේ නැහැ කියන තැන අපි හිටියා. අපේ අතේ කිළිටු නැත්තම් අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ කියන තැන මම හිටියා.

නමුත් විසිදෙවැනිදා සවස මගේ අක්කා කෙනෙක් කෝල් කරලා කියනකම් මම දන්නෙ නැහැ මේ සිද්ධිය. මම හිතන්නෙ සමාජයත් ලොකුවට දැනගෙන ඉන්න නැතුව ඇති. නමුත් මගේ වටේ හිටපු පිරිස කිව්වා නිහඬව ඉන්න එපා කියලා . මම විසිතුන්වෙනිදා උදෑසනම පෝය දවසේ ගිහින් පැමිණිල්ලක් දානවා. ඒ මම වෙනුවෙන් සහ මේ රටේ සියලු කාන්තාවන් වෙනුවෙන්…

අනූෂා අපරාධ විමර්ශන ඒකකයන් දැඩි ඉල්ලීමක් කරනවා?

ඔව් හිංසනයට පත් වන සියලුම කාන්තාවන් වෙනුවෙන් තමයි මම ගිහිල්ලා CID එකෙන් ඉල්ලුවේ මෙවැනි අසත්‍ය අභූත චෝදනා කරන මිනිස්සු අධිකරණය ඉදිරියට ගෙනැවිත් මේ මිනිස්සු කවුදැයි පෙන්නන්න කියලා. එහෙම කලින් සිදුකරපු නැති නිසා තමයි මිනිස්සු මෙහෙම චරිත ඝාතන සිදු කරන්නෙ .

ඔබ මේ පිටුපස යම් පුද්ගලයෙක් සිටින බව විශ්වාස කරනවද?

මේක දැන් මට අයිති නැති කාරණාවක්. මොකද නීතිමය පැත්තෙන් මේකට කටයුතු සිද්ධ කරන නිසා. මම මේක නවත්තන්නෙ නැහැ. මේක පටන් ගත්තු තැන කොතනද කවුද කියලා අනිවාර්යයෙන් හොයනවා.

සාමාන්‍යයෙන් මම දෙයක් පටන් ගත්තොත් ඒක ජයග්‍රහණය කරලම තමයි නවතින්නෙ. මේවට නීතිරීති නැති නිසා අද කාන්තාවන් කොච්චර හිංසනයට ලක්වෙලාද. සමාජ මාධ්‍යජාල වල කරන අපහාස නිසා කොච්චර ළමයි දිවි නහගෙන තියනවද. මේ රටේ කතා කරගන්න බැරි දහසක් දෙනා ඇති. ඒ නිසා අපිට පුළුවන් හැටියට හඬක් නගලා අපිට පුලුවන් හැටියට ආයාචනා කරලා නීති සම්පාදනය කරලා වාරණ ගෙනත් කාන්තාව සුරක්ෂිත කරනවා කියලා කොහෙන් හෝ හඬක් නැගෙන්නට අවශ්‍යයි .

මෙම සිදුවීමට මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුත් සම්බන්ධ කරගෙන තමයි ඔබට මේ චෝදනාව නැගෙන්නෙ…

සරත් වීරසේකරයන් කියන්නෙ මේ රටේ ප්‍රසිද්ධ වැදගත් කලා කරුවෙක්. දේශපාලයට පිවිසීමට කළින් අපි කලාකරුවෙක් විදියට තමයි එතුමාව හදුනාගන්නෙ. එතුමා වැදගත් ගෞරවනිය විදියට මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත රැකගන්න රණවිරුවෙක් ලෙස කටයුතු කල කෙනෙක්. ඒ වගේ කෙනෙකුටත් මෙච්චර නින්දා අපහාස කරන අය ගැන මට හිතාගන්න බැහැ. එතුමාට මීට කලිනුත් මේ විදියට බොරු ප්‍රචාර ඇරියා.
මේ දේ මෙතනින් නතර වුණෙ නැත්තම් තව තව බොහො දෙනෙකුට මේ දේවල් සිද්ධ වෙන්න පුලුවන් .

ඉදිරියෙදී ඔබ මේ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග ගැන කතා කළොත්?

මේකට අපිට අපහාස නඩු කියලා චෝදනා කරන්න බැහැ. මේක දැන් සිවිල් පැත්තට ගිහින් තියෙන්නෙ. මම ජනාධිපතිතුමාට කියනවා මේ නින්දා අපහාස වෙනුවෙන් දාන්න පුලුවන් නීතිය නැවත වතාවක් සමාජ ගත කරන්න කියලා . මෙතනදි මම කියනවා වලාන දූෂණ මර්ධන ඒකකයට අයිතියක් තියනවා ඔබට මාධ්‍යවේදීනියක් ලෙස අයිතියක් තිබෙනවා මෙවැනි වැටලීමක් සිද්ධ කලාද කියලා ප්‍රශ්න කරන්න. රජයේ ආයතනයක් ලෙස සහ මේ රටේ මිනිසුන් විශ්වාස කරන ආයතනයක් හැටියට ඔවුන්ට වගකීමක් තිබෙනවා තව කෙනෙකුගේ ආත්ම ගරුත්වය රකින්න. මේ රටේ ප්‍රධාන වගකීමක් දරන අජිත් රෝහණ මැතිතුමාගෙනුත් මම ඉල්ලා සිටිනවා මෙවැනි ක්‍රියාවක් සිද්ධ වුණාද මේ සාපරාධී ක්‍රියාවන් වලට කුමක්ද සිද්ධ කරන්නෙ කියන එක ප්‍රකාශ කරන්න කියලා. අජිත් රෝහණ මැතිතුමාත් මට කතා කරලා ඇහුවා අනුෂා මොකක්ද මේ කියලා. පසුව එතුමාත් පැවසුවා අපි මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා.

අවසාන වශයෙන් මේ පිළිබඳ ඔබ පවසන්නෙ කුමක්ද?

මම බය නැතුව දේශපාලනයේ හිටියෙ මම පිරිසිදු නිසා. මට කොන්දක් තිබුණ නිසා. ඒ වෙනුවෙන් කතා කරන්න පුලුවන් විශ්වාසයක් තිබුණ නිසා. මම මගේ හෘද සාක්ෂියට එකඟයි. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂිය තරම් හොද අධිකරණයක් ලෝකේ කොහෙවත්ම නැහැ. වරප්‍රසාද බලාගෙන නෙමෙයි මම දේශපාලනය කළේ. මේ රටේ එකම එක කාන්තාවක් හෝ රැක ගන්න පුළුවන්නම් අන්න එක තමයි මගේ යුතුකම. මේ රටේ කාන්තා සංවිධාන වලට මම කතා කරනවා කාන්තාව සුරක්ෂිත කරන හෙටක් වෙනුවෙන් අපි පෙළගැහෙමු කියලා. ගැහැණු හැම තැනින්ම පීඩා විදින චරිතයක් බවට පත් වෙලා. ඒ නිසා අපි පෙළ ගැහෙමු. පෙළ ගැහුණොත් තමයි අපිට යමක් දිනා ගන්නට පුළුවන් .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිවේගයට ඉඩගන්න තලංගම තෙත්බිම අලුතින් ගැසට් කරයි !

Next Post

අනුමත කළ රුපියල් දහසේ දෛනික වැටුප නෑ… වතු කම්කරු පිරිසක් උද්ඝෝෂණයේ…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.