මතභේදාත්මක කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන අධිවේගී මාර්ගයට ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩ සැකසීමට, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තලංගම තෙත්බිම තුළ අධිවේගයට අයත් වන ප්‍රදේශ ඉවත් කර අලූතින් ගැසට් කරමින් සංශෝධනයක් ගෙනඒමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙය පසුගිය ජුනි මස 19 වැනිදා 223/07 දරණ ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
සංරක්ෂණ පාරිසරික වශයෙන් වැදගත් කමක් සහිත මෙම තෙත් බිම 2007 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරි මගින් පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.
මෙම තෙත් බිමේ කිලෝමීටර් 3ක පමණ දිගින් යුතු කොටසක් අතුරුගිරිය නව කැළණි පාලම දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකරන ප්‍රදේශයට යටත් වේ.
දැනට ප්‍රදේශයේ අවසර ඇති ක්‍රියා ක්‍රියාකාරකම් වන්නේ වී වගාව, ධීවර කර්මාන්තය, පාරිසරික සංචාර, සංචාර ආරක්ෂක කුළුණු ඉදිකිරීම සහ පක්ෂි නිරීක්ෂණ කූලුණු ඉදිකිරීමට පමණි.
නමුත් එම ප්‍රදේශය, කුලුණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් පිරිසක් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම පසුගිය දා විභාගයට ගත් අතර එය ලබන සැප්තැම්බර් මස දක්වා කල් දමා තිබුණි.
එසේ තිබියදී මධ්‍යම පරිසර අධිකාරිය මෙය ඉදිකිරීමට නියෝග කිරීමට අවකාශය ලැබෙන පරිදි ආරක්ෂිත කලාපය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සංවේදී පරිසර කලාපය හරහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කිරීමට මුලින් මධ්‍යම පරිසර අධිකාරිය දැඩි විරෝධයක් දැක්වූ අතර එය පනතට පටහැනි බවට ද ප්‍රකාශ කර තිබුණි.
මධ්‍යම පරිසර අධිකාරිය එකල මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගෙන තිබුණි.
එහිදී ප්‍රකාශ වී ඇත්තේ කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වැනි ව්‍යාපෘති තනිකරම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරන තත්ත්වයක් පවතින බවයි.
මේ තත්ත්වය මත ජාතික පාරිසරික පනත උල්ලංඝනය වන බැවින් පනත වෙනස් කිරීමට ඔවුන් විසින් ගැසට්ටුව සංශෝධනයකට ලක්කර තෙත්බිම් කලාපය වෙනස් කිරීමට පියවර මෙලෙස ගෙන තිබේ.
කිලෝමීටර් දාහතක් දිග අධිවේගී මාර්ගය China Harbor Engineering Corporation ආයතනය විසින් ඉදිකරනු ලබන අතර මුලදී මෙය පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ වුවද මේ වන විට ඒ සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 1620 අර්ධ වාර්ෂික ක්‍රමයට වසර පහළොවක් තිස්සේ ගෙවීමට එකඟ වී ඇති බව පසුගිය දිනවල දැඩි කතාබහට ලක්ව තිබුණි.