බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ලයනල් වික්‍රම… හද කම්පා කරන තවත් විශිෂ්ටයෙකුගේ නික්ම යෑම….

by editor
දෙසැම්බර් 17, 2023
in කලා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම   අභාවප්‍රාප්ත වූයේය. ඒ බව ලියා තබන්නේ වේදනාවෙනි.  මිය යන විට ඔහු 77 වැනි වියේ පසූ වූයේය.

ලයනල් වික්‍රම යනු වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මහා වික්‍රමයක් විශිෂ්ඨයෙකි.   ටෙලිනාට්‍ය 200කට වඩා වැඩි ප්‍රමාණයක ඔහු රංගනයෙන් දායක වුනේය. ඇල්ල ලඟ වලව්ව, මායා දේවි,  වැනි ටෙලි නාට්‍යවල ඔහු කළ රංගනය සම්බන්ධව ඇගයීම් ඇත්තේ අපේ දරුවන්ට නොව ටෙලි කලාව කුමක්දැයි මුලින්ම හඳුනාගත් අපේ පරම්පරාවටය.

මහාමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙක් ලෙස රැකියාව කළ ලයනල් වික්‍රම රංගනයට පිවිසෙන්නේ ඔහුගේ හොඳම මිතුරෙක් වූ මහා මාර්ග දෙපාර්තමේන්තුවේම ගබඩා පාලකයෙක් ලෙස සේවය කළ සෝමසිරි දෙහිපිටිය නිසාය. ඔහුගේ පෙළඹවීම මත මුලින්ම ලයනල් වික්‍රම රංගනයට පිවිසෙන්නේ  තිස්ස අබේසේකරගේ  කරුමක්කාරයෝ චිත්‍රපටයේ බේබි මහත්තයා ලෙසය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 28කි.

අනතුරුව ඔහු  අතිශය ජනදාරයට පත් ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වූ සාගරයක් මැද චිත්‍රපටයේ  හිරගෙදර දොස්තරගෙ චරිතය නිරූපණය කරන්නේය. එමෙන්ම ගාමිණීගේ  සක්විති සුවය චිත්‍රපටයට සම්බන්ධ වන්නේය.    ධර්මසේන පතිරාජ ගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ රඟපාන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ධර්මසේන පතිරාජගේ බොහෝ නිර්මාණවලට රංගනයෙන් මෙන්ම කාර්මික අංශයෙන් ද ඔහු දායකත්වයක් ලබා දුන්නේය. ලංකාවේ හය වැනි ටෙලි නාට්‍යය වූ, ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ ගඟුලෙන් එගොඩට නාට්‍යය ඔහු මුලින්ම සම්බන්ධ වූ    නාට්‍යය විය.  ඇල්ල ලඟ වලව්ව ටෙලි නාට්‍යයේ හාමු මහත්තයා වන “ආතර් හාමු” චරිතයට පණ පොවමින් ලයනල් වික්‍රම සහෘද රසිකයන් අතර එදවස අමතක නොවන මතකයක් ඉතිරි කළේය.

අනතුරුව ඔහු මේ රටේ සංක්‍රාන්ති සමාජ වකවානුවක ප්‍රභූ සමාජයේ හැල හැප්පීම් සහිත බිඳ වැටීම් රූපණය කරන ප්‍රභූ චරිත රූපණයට ලංකාවේ සිටි අපූරු රංගන ශිල්පියා බවට පත් වූයේය.

ඔහු වඩාත්ම ආකාර්ශනයට පත් වන්නේ බට්ටි ටෙලි නාට්‍යයේ ආටි හාමුගේ චරිතයෙනි. මෙගා ටෙලි නාට්‍යයක් සේ ඇදී ගිය බට්ටී කතාවේ ප්‍රධාන නලුවා වූ රොජ්ර සෙනවිරත්නගේ සහ නිළිය වූ දමිතා අබේරත්නගේ භූමිකාව යටපත් කර මේ සුළු චරිතය කතාව පුරාම මතු වූ අයුරු මතකය. බට්ටී තිර පිටපත ලියැවී තිබුණේ  ආටි හාමු  කොටස් 20කින් පමණ මිය යන්නට නියමිතවය.

එහෙත් ලයනල් වික්‍රමගේ රංගනය  බට්ටී  තිර පිටපතද වෙනස් කළේය.  ‘ආටි හාමු’ බට්ටී මෙගා ටෙලියේ  කොටස් 400ක පමණ රඟපෑවේය.

රැකියාවෙන් විශ්‍රාම ගත් අවස්ථාවේ සිට රංගනය ජීවිතයේ ප්‍රමුඛ කරගත් ලයනල් වික්‍රමයන් 2021 වසරේ දී මුල් වරට හෘදයාබාධයකට ගොදුරු වූයේය. එතැන් සිට විවේකී මෙන්ම ප්‍රවේශම් ජීවිතයක් ගත කළ මේ විශිෂ්ඨයා අද අප අතරින් සමුගෙන ගොස්ය.

ඔහු සමුගන්නේ මේ රටේ නව පරම්පරාවට ඉතිරි වී තිබූ තවත් ජීවමාන රංගාදර්ශයක් අහිමි කරමිනි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිකුරාදා වැලිගම වෙඩි තැබීම  ඩුබායිහි සැඟවී සිටිනා මිදිගම චූටිගේ වැඩක්… වෙඩි වැදුන එක් අයෙකුට අසාධ්‍යයයි!

Next Post

අති නවීන ගිනි අවියක් ව්‍යාජ අංක තහඩුවක් සහිත හොරකම් කළ යතුරු පැදියක් සමග කුලී ඝාතකයෙක් අත් අඩංගුවට…   

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.