බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මොරටුව මහ නගර සභාවේ සාහිත්‍යාංජීලි -2022 උළෙල හෙට…

by editor
නොවැම්බර් 3, 2022
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

මොරටුව මහා නගර සභාවේ “සාහිත්‍යාංජලී-2022” සාහිත්‍ය මහෝත්සවය හෙට (04 වැනිදා) දවස පුරා මොරටුව මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ අනාගතය පිළිබඳ කතිකාවක් හෙට පෙරවරුවේ මාර්ගගත ව (සූම් තාක්ෂණය ඔස්සේ) පවත්වන අතර ඒ සඳහා දිවයිනේ ජනප්‍රියත්වයට පත් සංගීත කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් ආනන්ද පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර, නීල් වර්ණකුලසූරිය, රොෂාන් ප්‍රනාන්දු, සේනක ක්‍රිස්බන්, සමන් ද සිල්වා, ලංකිකා පෙරේරා යන කලාකරුවන් මාර්ගගත ව කතාබහට එක්වනු ඇත.

60, 70 දශකවල මොරටුවෙන් කලඑළි බසින ලද සංගීත කණ්ඩායම් තුනක ශිල්පීන් ද මොරටුවෙන් බිහි වූ තරුණ සංගීත කණ්ඩායමක් සහ දිවයිනේ ප්‍රවීණ සංගීත කණ්ඩායමක් ද එදින පස්වරු වැඩසටහනට සම්බන්ධ වීමට නියමිත බවත්, එහිදී දිවයිනේ ප්‍රවීණ ගායන ශිල්පීන් රැසක් හා මොරටුව මහා නගර සභාවේ ගායන වෘන්දය විසින් පැරණි කණ්ඩායම් සංගීත ගී ගයමින් සොඳුරු මතකයන් වත්මන් තරුණ පරපුරට සිහි ගන්වන්නට නියමිත බවත් මොරටුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් එස්. ඩී. තෙවරප්පෙරුම මහතා කීවේ ය.

ෙමෙහිදී කියවීම් මාසයට අදාළ ව සහ සාහිත්‍ය උත්සවය වෙනුවෙන් පවත්වනු ලැබූ අන්තර් පාඨශාලා සාහිත්‍ය තරග රැසක ජයග්‍රාහකයින්ට සහතිකපත්, සමරු තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමේ.

එසේ ම කලා, ක්‍රීඩා, අධ්‍යාපන, ව්‍යවසායක, වෘත්තිය ක්ෂේත්‍රවලින් විශිෂ්ට කුසලතා දැක්වූ මොරටු පුත්‍රයන් පස් දෙනෙකුට මෙහිදී විශේෂ ගෞරව සම්මාන හා මුදල් ත්‍යාග පිනැමෙන අතර රුසියාවේ කසාන් සිනමා උළෙලේදී “ද නිවුස්පේපර්” චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳ ම නළුවා සම්මානය දිනූ කුමාර තිරිමාදුර සහ පුනර්ජනනීය තිරිංග තාක්ෂණය භාවිත කළ ලොව ප්‍රථම මෝටර් රථයේ නිර්මාතෘවරයා වන ඔරුවල වානේ සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතා ද මොරටු පුත්‍රයන් ලෙස ඇගයුමට පාත්‍ර වීම විශේෂත්වයකි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිළිනිට ආයෝජන ගන්න දේවාරූඪයකින් දැමූ “සිරිසුමන  මායම“ අධිකරණයේදී ඡායාරූපත් එක්ක එළියට!

Next Post

බුකර් සම්මනය ගත්ත පොත මගේ… ෂෙහාන් කරුණාතිලක ඒක මගෙන් හොරකම් කළා… මාධ්‍යවේදී  රාජ්පාල් අබේනාකය චෝදනා කරයි…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.