කොළඹ වාණිජ මහාධිකරණය විසින් 2021.12.20 දින “ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි.
කොළඹ වාණිජ මහාධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණේ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනා විසින් “ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත 20ක් එම කණ්ඩායමෙන් පරිබාහිර ව ඔවුන් දෙදෙනා විසින් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමිනි.
“ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ව සිටි අරුණ ලියනගේ විසින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ ලබන 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදිය.
මෙම වාරණ නියෝගයට අනුව ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත 20ක් තනි නිර්මාණ වශයෙන් “ජය ශ්‍රී” නමින් මෙම මස 31 වැනිදා දක්වා ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් ට තහනම්ය.
ජය ශ්‍රී ලා වැටී තිබුණේ ලොකුම අමාරුවකය. තව සති දෙක්ක නම් ඉවසාගෙන සිටිය හැකිය. එහෙත් මේ නඩු නිමිත්ත පදනම් කරගෙන ඇසෙන නඩුවෙන් මේ ගීත ගැයීම තහනම් වුවහොත් ජය ශ්‍රී ලාට සිදුවන්නේ නයා මල අහිකුණ්ටිකයාගේ තත්වයට වැටෙන්නටය.
සිදුවෙමින් ඇතතේ කුමක්ද? අපි රෝහිත ජයලත්ගෙන් විමසුවෙමු.
“අධිකරණ විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව මාධ්‍යවල පළ වෙලා තිබුණා. මේ ගැන මේ අවස්ථාවේදී යමක් ප්‍රකාශ කිරීම සුදුසු නැහැ. ඒ නිසා පසුව කතා කරමු.”
“මොඩ් ගොවියා” ගීත ඇල්බමයේ ඇතුළත් වන ප්‍රාර්ථනා, ශ්‍රී ලංකා, සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ්ගොවියා, පොඩි කාලේ, ආදර ලොවේ, පෙරහැර, සියුමැලි, ලෝන්ලි ඩේ, වඩුවා, යුරෝපේ ඉදලා, ගී විරුවාණනි යන ගීත දොළහ ද “සුන්දරිය” ගීත ඇල්බමයේ ඇතුළත් ජුලියට්, ශ්‍රීලා, මල්ලියනේ, කියනු මැනේ, නංගෝ, සුන්දරියේ, හනුමන්තා සහ කොත්තු රොටි යන ගීත අට ද මෙසේ වාරණ නියෝගයට අයත් වූ ගීත 20 වේ.
එම ගීත සියල්ලේ ම සංගීතය, තනුව, පදවැල් සහ ගායනය අරුණ ලියාන්ගේ බවට අධිකරණය වෙත කරුණු දක්වා තිබීම හේතුවෙන් එම වාරණ නියෝගය නිකුත් කර ඇත.