රටට ජාත්‍යාන්තර කීර්තියක් රැගෙන පැමිණි යොවුන් ගායිකා යොහානි ද සිල්වා වෙත නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පර්චස් 9.68ක ඉඩම් කොටසක් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කැබිනට් තීරණ දැන්ම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කළේ මෙම ඉඩම් කැබැල්ල පිහිටා ඇත්තේ 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇති ඉඩම් කෙටස්වලට යාබදව බවය.
ඇයට මෙම ඉඩම් කට්ටිය පිරිනැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසිනි.