නෙත් –
යාපනය, පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ පුද්ගලයෙකු සරුංගලයක් සමඟ අඩි 40 ක් පමණ උඩට ආකාරය වාර්තා වේ.
ප්‍රදේශවාසින් පැවසූවේ විශාල සරුංගලයක් උඩ යැවීමට පිරිසක් උත්සහ කිරීමේදී අදාළ අහඹු සිදුවීම සිදුව ඇති බවය.
සරුංගලය ඉහළ යැවීමේදී අදාළ පුද්ගලයා සරුංගලයේ ලණුව අතහැර නැත. ඒ අවස්ථාවේ එලෙස ඉහළ ගොස් ඇති බවත් අනතුරුව සංරුංගලය පහත්වීමේදී පොළොවේ සිට අඩි 15 ක පමණ උසකින් ඔහු බිමට පැන ඇති බවත් ප්‍රදේශවාසීහු කීහ.
සරුංගලය ඉහළ යැවු ලණුව විශාල ප්‍රමාණයේ එකක් වීම හේතුවෙන් අදාළ පුද්ගලයා එලෙස ඉහළ යන්නට ඇති බව විශ්වාස කෙරේ.
සරුංගලයේ ලණුව අතහැර අදාළ පුද්ගලයා බිමට පැන්න අවස්ථාවේ සුළු තුවාලවීම් සිදුව ඇතත් ඔහු බරපතල තත්වයක නැතැයි වාර්තා වේ.
මේ අහඹු සිදුවීම පේදුරුතුඩුව පොලිසිය ද තහවුරු කර ඇත. මෙම අහඹු සිදුවීම අන්තර්ජාලයේ වීඩියෝවක් ලෙස සැරිසරමින් ඇත.







