බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

එගොඩහ යන්නෝ ..මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ …

by editor
මැයි 14, 2020
in කලා
Share on FacebookShare on Twitter

සමන් කළුආරච්චි

අඳුර වැටෙන්නට ළඟයි
මටත් අද හරිම වෙහෙසයි
කැමති නම් විතරක් – පමා නොවී එන්න
මම එතෙර කරන්නම් මේ ගංගාවෙන් එගොඩට

වෙහෙසට පත් වෙච්ච තොටියෙකු කරන ආමන්ත්‍රණයක්. අඳුර වැටෙන්නට කලින් තොටුපළට ආවොතින් එගොඩට ගෙනි යන්නට පුළුවන් බව මේ තොටියා තමන්ට හැකි තරම් වෙර යොදා හඬගාන්නේ ඉවුරු තලාවෙන් ඔබ්බටත් ඇහෙන තරම් වූ ස්වරයකින්. ඒත් තොටියාට අද වෙහෙසයි. ඒ නිසා ඔහු දවසේ මෙහෙවර නිම කරන්නට ආසන්නයි. තවත් ප්‍රමාද වුණොත් මගියාට ඒ අවස්ථාව අහිමි වෙන්නට පුළුවන්.

මතුපිටින් හරම සරලයි. සිදුවීමත් හරිම ස්වාභාවිකයි. ඒත් මේ තොටියා වෙන කවුරුවත් නෙමෙයි. වියපත් වෙච්ච බුදුන් වහන්සේ. හරියටම කියනවා නම් පිරිණිවන් පෑමට ආසන්න වෙච්ච බුදුන් වහන්සේ. මේ කතා කරන ගංගාව තමයි සංසාරය. තොටියා පැදගෙන යන පහුර තමයි ධර්මය. අන්ධකාරයට සමාන කරලා තියෙන්නේ අපේ ජීවිතය වෙළා ගත්ත මෝහාන්ධකාරයට, එහෙමත් නැතිනම් සංසාරය තව තවත් දීර්ඝ කරන කෙළෙස් ධර්මතාවයට. පිරිණිවන් පාන්නට ආසන්න වෙච්ච බුදුන් වහන්සේ අන්තිම වරටත් මේ බියකරු සසරින් එතෙර වන්නට ලෝක සත්වයාට කරන ආමන්ත්‍රණය ගීතයකින් ලියැවුණු අතිශය විරල අවස්ථාවක් තමයි මේ.  බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච බුදු ගුණ ගීත දස දහස් ගණනක් අපේ ගීත සාහිත්‍යයේ තිබුණත් විපයත් බුදුන්ගේ වෙහෙසකාරී හඬින් ලෝ වැසියන් අමතන මෙවන් වෙනත් කිසිම ගීතයක් අපට නැහැ.

එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ – අගුලේ නැගිලා
එගොඩ මෙගොඩ යනවා

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

බෞද්ධ සාහිත්‍යයේ සංසාරය මහා සයුරකටත්, බුදුන් තොටියෙකුටත් සමාන කළ අවස්ථා ඕනෑ තරම් දකින්නට පුළුවන්. හොඳම උදාහරණයක් තමයි කෝට්ටේ රජ කළ සිරි පැරකුම්බා රජුන් විසින් ලියන ලද “රුවන් මල් නිඝණ්ඩුව” කියන කෝෂ ග්‍රන්ථය.

“නමවූ කුළුණින් බැස
බියකරු සසර සයුරේ
බමණ මුළු සත්වගසෙන්
කොළඹට අළෙ මහත්මා”“බිය ජනක සසර සයුරෙහි (වැටී) භ්‍රමණය වන්නා වූ සත්ත්ව සමුහයා, මහොත්තමයන් (මහත්මා – බුදුරජාණන් වහන්සේ) විසින් සෙත් ශාන්තිය නැමැති තීර්ථය  (කොළඹ) හෙවත් නිර්වාණය නැමැති නැව් තොටට පමුණුවන ලද්දේය”

ෂෙල්ටන් පෙරේරා
ඩෝල්ටන් අල්විස්

බෞද්ධ දර්ශනය වෙනත් සෑම ආගමකින්ම වගේම වෙනත් සෑම දර්ශනයකින්ම වෙනස් වන ප්‍රධානතම කාරණාව දැඩි අනම්‍ය නීති රීති කිසිවක්ම බෞද්ධ දර්ශනයේ දකින්නට නොහැකි වීම. ඒ නිසා බුදුන් කියන්නේ මග පෙන්වන්නකු එහෙමත් නැතිනම් සංසාර සාගරයෙන් එතෙර කරන්නෙකු මිසක් ප්‍රඥප්ති හෝ නීති රීති පනවන්නෙකු නෙමෙයි. ඔබ මේ මග ගියොත් මෙන්න මෙතැනින් ඔබේ ගමන කෙළවර වේවි, අනෙක් මාර්ගයෙන් ගියොත් අන්න අතනින් ඔබේ ගමන කෙළවර වේවි කියන අන්ත දෙක ඉතාම පුළුල්ව විග්‍රහ කරලා මාවත පෙන්වුවා මිසක් ඒ මගම යන්නට කියලා කිසිම බල කිරීමක් බුදු දහමේ කොතැනකවත් නැහැ. ඒ නිසාම බෞද්ධ දර්ශනයේ ඕනෑම තැනක් යළි යළි විමසා බලන්නට, ප්‍රශ්න කරන්නට (ඒහි පස්සිකෝ ගුණය) ආරාධනාව කරන්නෙත් වෙන කවුරුවත් නෙමෙයි ඒ දර්ශනය ලොවට පෙන්වා දුන්නු බුදුන්මයි. ඒ ප්‍රශ්න කිරීම පාපයක්වත් බෞද්ධ සම්ප්‍රදායට පටහැණිව යාමක්වත් විදියට නොසලකන තරමටම බුදු දහම විවෘතයි. නම්‍යශීලීයි. මේ නිසා කිසිදා පන්සලකට පා නොතැබූ කෙනෙකුට වුවත් ඉතා හොඳ බෞද්ධයෙකු වන්නට පුළුවන්. මේ ගීතයෙත් “පමා නොවන්නේ අඳුර වැටෙන්නේ – යනවා නම් එන්නේ” කියන පද මාලාව මේ කාරණාව ඉස්මතු කරන තැනක්. ඔබට මේ බියකරු සංසාරයෙන් එතෙර වන්නට ඕනෑ නම් අගුලට නැගිය යුත්තේ ඔබම මිස එය බලහත්කාරයෙන් ඔබ තුළ පැටවීම බුදුන්ගේ දහම නෙමෙයි. ඒත් පමා වුණොත් අන්ධකාරයෙන් වෙළා ගන්නේ ඔබේම ජීවිතයයි.

ගඟුල අනෝමයි – අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ – අගුලේ නැගිලා
එගොඩ මෙගොඩ යනවා

පරිනිර්වාණයට ආසන්න මොහොතේ ලෝකයා වෙත බුදුන්ගෙන් ලැබුණු අවසාන උපදේශයත් ‘අප්පමාදෝ අමතපදං’ කියන බුදු වදනයි. ඒ කියන්නේ පමා  නොවී කුසල් රැස්කර සංසාරයෙන් එගොඩ වෙන්න කියන ආරාධනාව. මේ තොටියාගේ මුවින් පිටවෙන්නේත් ඒ ආරාධනාවමයි. මේ සංසාරය හෙවත් ගංගාවේ කෙළවරක් නැහැ. අනෝමයි. ඒ වගේම මා දැන් මහළුයි, මහන්සියි. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. මට තාමත් පුළුවන් සංසාරයෙන් එතෙර කරන්නට, ඒත් ඒ ඔබ කැමැති නම්… “පමා නොවන්නේ අඳුර වැටෙන්නේ – යනවා නම් එන්නේ”.

මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කරන විශාරද ෂෙල්ටන් පෙරේරා මේ ගීතයට කොයි තරම් නම් සාධාරණත්වයක් ඉෂ්ට කළා ද කියනවා නම් ඔහුගේ ඒ කටහඬ වියපත් බුදුන් වහන්සේගේ වෙහෙසකාරී බව විතරක් නෙමෙයි, එහා ඉවුරේ සිට මෙහා ඉවුරට ඒ කියන්නේ මේ සංසාර සයුරේ ඔබ මොබ යන සෑම සියලු සත්වයන්ටම ඇහෙන තරම්. මේ ගීතය වෙනුවෙන් ෂෙල්ටන් පෙරේරා තෝරා ගත්ත ජන සංගීතයත්, පාරු කවිවල එන දීර්ඝ අන්තයන් සහිත ස්වර පරාසයන් මුහුවුණු තනුවත් නිසා සිංදුවේ කියැවෙන දාර්ශනික අර්ථය තොටියෙකුගේ ස්වාභාවික දින චරියාව එක්ක හරිම අපූරුවට පෑහෙනවා. ඒ වගේම ජල තරග ගැටෙන හඬත් එක්කම මුසුවන සෝබර සංගීත රාවයට දීර්ඝ ස්වර එක් කරන ෂෙල්ටන් පෙරේරාගේ වෙහෙසකාරී කටහඬ බුද්ධ චරිතයේ එක් අවස්ථාවක් සිහිපත් කරනවා…  “පිපාසයි ආනන්ද – ක්ලාන්තයි ආනන්ද”.

බුද්ධත්වයෙන් පසුව ගත වෙච්ච අවුරුදු 45ක කාලය බුදුන් අතින් සිදුවුණේ සංසාර ගංගාවේ ගිළුණු ලෝකවාසී සත්වයන් එගොඩට මෙගොඩ කිරීමයි. ඒ වගේම තමන් පවා මේ සංසාරය තුළ දී ඉපදෙමින් මැරෙමින් ඒ කියන්නේ එගොඩ මෙගොඩ යමින් මේ ගමන පැමිණි ආකාරය විස්තර කෙරෙන උන්වහන්සේගේ අවසන් සූත්‍ර දේශනාව වුණු මහා පරිනිබ්බාන සූත්‍රය අපට සිහිපත් කරන්නට ඩෝල්ටන් අල්විස් – ෂෙල්ටන් පෙරේරා සුසංයෝගය සාර්ථකව සිදු කර තියෙනවා.

‘If you meet the Buddha on the way, kill him’. ( ‘මහමගදී ඔබට බුදුන් හමුවුවහොත් ඔහු මරා දමන්න’) කියන යෙදුම සෙන් බුදුදහමේ බොහොම ජනප්‍රිය පාඨයක්. මේ යෙදුමෙන් අදහස් කරන්නේ ඔබ ගමන් කරන්නේ ධර්ම මාර්ගයේ නම් කිසිම කරුණක් සම්බන්ධයෙන් බැඳීමක් හෝ ඇලීමක් හෝ තබා ගන්න එපා කියන බොහොම ගැඹුරු ධර්ම කාරණාව. නිර්වාණය දක්වා යන ඔබේ ගමනාන්තයේ දී බුදුන් ගැනවත් එහෙමත් නැතිනම් ඔබේ ධර්ම ගුරුවරයා ගැන පවා තියෙන බැඳීමත් අත්හැර දාන්න කියන මේ කාරණාව මතුවෙන්නේ බෞද්ධ දර්ශනයෙන්මයි. ධර්මය කියන්නේ සසර ගමන කෙළවර කරගන්නට තියෙන පහුරක් මිසක් ඒ පහුර කර තබා ගෙන නොයා යුතුය යන බුද්ධ භාෂිතය බෞද්ධ දර්ශනයේම මිසක් වෙනත් කිසිම ආගමික සංස්ථාවක දකින්නට නැති අසහාය ධර්මතාවක්.

මේ ගීතයේ මතුවන තොටියා, ගංගාව, අගුල, අඳුර කියන සෘජු සංකේත වගේම ‘පමා නොවන්නේ’, ‘අදුර වැටෙන්නේ’, ‘ගගුල අනෝමයි’, ‘අද මට වෙහෙසයි’, ‘එගොඩ මොගොඩ යනවා’, ‘තව කවුරුද ඉන්නේ’ කියන මේ හැම යෙදුමක්ම බෞද්ධ සම්ප්‍රදායේ සහ බුද්ධ චරිතයේ අවස්ථා සහ සිද්ධීන් සිහිපත් කරනවා. එසේ නොවන එකම වචනයක්වත්, එකම යෙදුමක්වත් මේ මුළු මහත් පද මාලාවේම නැහැ. මේ හැම දේටම වඩා ප්‍රබල වෙන්නේ මේ ගීතයේ මතුපිටින් පෙනෙන අතිශය සරල බස් වහර.

මෙතරම් සරල බස් වහරකින් මෙතරම් ගැඹුරු දාර්ශනික අර්ථයක් දෙන්නට ඩෝල්ටන් අල්විස් හැරෙන්නට වෙනත් කිසිවෙක් සමත් වේවිද?

මේ ගීතය ෂෙල්ටන් පෙරේරාගෙන් පස්සේ ඔහුගේ පුතණුවන් වගේම තවත් බොහෝ ප්‍රවීණ හා ආධුනික ගායකයන්ගේ මුවින් අසන්නට ලැබුණත් ඒ හැම විටෙකම මතුවුණේ ඒ ගායකයන්ගේ මියුරු හඬ පමණක්ම කියන කාරණාව මෙහිදී සදහන් කරන්නේ ඒ විශිෂ්ට ගායකයන්ට අගෞරවයක් පිණිස නෙමෙයි. ඒත් ඩෝල්ටන් අල්විස්ගේ සරල බස් වහර හදවතටම උකහා ගෙන තමන්ගේම තනුවකින්, තමන්ගේම සංගීතයෙන්, තමන්ගේම වෙහෙසකාරී කටහඩින් ෂෙල්ටන් පෙරේරා ගයද්දී අප සිත් තුළ චිත්ත රූප මැවෙන්නේ පරිනිර්වාණයට ළං වූ ජීවමාන බුදුන්ගේ මිස ෂෙල්ටන් පෙරේරා නම් වූ ගායකයාගේ නම් නොවේ. එවන් පෙළහරක් පාන්නට ෂෙල්ටන් පෙරේරා හැර වෙනත් කිසිම ගායකයෙක් සමත් වේවිද?

පහත සබැදියාවෙන් ගීතය රස විද ඔබම එය තීරණය කරන්න.

වීඩියෝ සබැදියාව

https://www.youtube.com/watch?v=4IGwO_z1pq4

එගොඩහ යන්නෝ ……..
තව කවුරුද ඉන්නේ …
මෙගොඩහ යන්නෝ ….
තව කවුරුද ඉන්නේ ….
එගොඩහ යන්නෝ ..මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ …

ගඟුල අනෝමයි අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ අගුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා

එගොඩහ යන්නෝ ..මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ …

පමා නොවන්නේ අදුර වැටෙන්නේ
යනවා නම් එන්නේ ….
මම මේ ගඟුලේ අගුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ ……..

මෙගොඩහ යන්නෝ……..
තව කවුරුද ඉන්නේ …
තව කවුරුද ඉන්නේ …

රචනය  – ඩෝල්ටන් අල්විස්
ගායනය /සංගීතය / තනුව – විශාරද ෂෙල්ටන් පෙරේරා

 

 

 

Share69Tweet43
Previous Post

ලොක්ඩවුන් අතරේ බයිලා රජවරු ගයපු සුපිරිම ගීය

Next Post

මේ අපේ සිනමාවේ අනාගත ප්‍රවේශය ද

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.