බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මේ අපේ සිනමාවේ අනාගත ප්‍රවේශය ද

සිනමාවේදී අශෝක හඳගම දුරකථනයෙන් හැඳු "Beer Without Alcohol"

by editor
මැයි 14, 2020
in කලා
Share on FacebookShare on Twitter

ෂර්ලි සමරසිංහ.

අශෝක හඳගම අපට මඟ හැර යන්න බැරි සිනමා කරුවෙක්. ඔහු පෙන්වපු  සිනමා රූපවලට බොහෝ දෙනෙක් තැති ගත්තා කීවොත් නිවැරදියි.  සීරු මාරුවට ඔහුගේම හැඩයක ප්‍රකාශනයක් ඒ හැම නිර්මාණයකම  අන්තර්ගත කරන්න ඔහුට හැකි වුණා. අපි  හුදකලාව ඉන්න මේ අපහසුම කාලයක් තුළ වුණත්  ඔහු හරි අපූරු වැඩක් කළා. ජංගම දුරකථනයෙන් කෙටි සිනමාව අලුත් විදියට දකින්න අලුත් වැඩකට ඔහු අතගැහුවා. “ඇල්කොහොල් නැති බියර්”  “Beer Without Alcohol”පහු ගිය දවසක “Youtube”ඔස්සේ මුදා හැරියා. මේ ඒ ගැන ඔහු සමඟ කළ කතා බහක්.
  •  කෙටි චිත්‍රපටයක හැඩයේ අළුත්ම වැඩේ ගැන දැනගන්න කැමතියි ?
මේක කෙටි චිත්‍රපටයක්ද යන්න හරියටම මම දන්නේ නැහැ. චිත්‍රපටයක් වෙනවා නම් එය වෙන්නේ වෙනත් නාමකරණයක් යටතේයි. චිත්‍රපටය විදියට හඳුන්වන මේ චිත්‍රපටය ඇතුළේ වෙනස් ලක්ෂණ සහිත චිත්‍රපටයක් තමයි මෙය. මෙහි එයටම ආවේනික වෙච්ච හැඩරුවක් නිර්මාණය වන්නේ කිසියම් සීමාවක් ඇතුලේ. මෙය නිදහස් කැමරාකරණයක්, රූගත කිරීමක් විදිහට හඳුන්වන්න බෑ. නිදහස් රංගනයක්, සංස්කරණයක් ආදි අංග සීමාසහිත තත්ත්ව යටතේයි යොදා ගන්නේ. ඒ නිසා මෙයට අලුත් නමක් යොදා ගන්න වෙනවා.

විදර්ශන කන්නන්ගර එක් අවස්ථාවක මෙය “Zoom චිත්‍රපට” යනුවෙන් හඳුන්වනවා. මෙය ජංගම දුරකථනයෙන් දුරස්ථව පුද්ගලයන් සන්නිවේදන යෙදෙන Zoom මෙවලම ඔස්සේ කළ නිර්මාණයක්. ඇත්තටම ඒ  මෙවලම මගින් කෙරෙන්නේ රාජකාරිමය හා ව්‍යාපාරික සාකච්ඡා ආදිය. අපි මේක ඇතුලේ  සිනමා කෘතියක් ගොඩනඟන්නට ගත්ත උත්සාහයක්. මං ඒකට වෙන නමක් දාන්න ඕනෙ නැහැ. විදර්ශන කන්නන්ගර කියන ‘Zoom කෙටි චිත්‍රපටය” කියන අර්ථය මේකට ගැලපෙනව යැයි මම හිතනවා. මේ සිනමා ශානරය තුළයි    “Beer Without Alcohol”නිර්මාණය හඳුන්වන්න තීරණය වන්නේ. මේක අහම්බෙන් වූ දෙයක්. අපි පීඩාකාරී සමයක් ගෙවා දමමිනුයි ඉන්නේ. දුරස්ථකරන බල කිරීමත් එක්ක පීඩාකාරී මානසිකත්වයෙන් එළියට එන්න ගත් උත්සාහයක් විදිහට මට මෙය හඳුන්වන්න පුළුවන්.

අශෝක හඳගම
  • මේ අත්දැකීම ඔබට දැනුන විදිහ කතා කරමු.?
මේ කාල සීමාව අපිව  නිශ්ක්‍රීය කරපු කාල සීමාවක්. සිනමා කරුවෙක් විදියට විවිධ ප්‍රාසාංගික කලාහී යෙදෙන අය හැටියට සියළු දෙනා නිෂ්ක්‍රිය කළ කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය ඇතුලේ සිනමා කරුවන් හැටියට මිනිසුන් හැටියට අප හැම දෙනාම නිෂ්ක්‍රිය කෙරුණා. අපට බියක් දැනුනා .අපිට අපිව නැති වෙයි කියලා හිතුනා. මං ඇතුලේ  මගේ සිනමාව මාව අයින් කලාට පස්සෙ මගේ සාරයක් නෑ. මට මාව නැති වෙනවා. තමන්ට තමන්ව නැති වෙනවා කියන බය මිනිහෙකුට එනවා කියන්නේ භයානක තත්ත්වයක්.
සිනමාකරුවෙක් විදියට තමාව ජීවිතයෙන් වියුක්ත කළාට පසු වැඩක් නැහැ .
මට මතකයි ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් උපන් දිනයක් දවසක ….මාත් සමඟ කතා කළා “අශෝක අවුරුදු හැත්තෑවෙන් පස්සේ මට මාව නැති වුණා” කියලා ඔහු කිව්වා….”
“ඇයි සර් එහෙම කියන්නේ”..මම ඇහුවා. ඒ වන විට ඔහුට අවුරුදු අනූවක් විතර.
ඔහු කිව්වා …”මට ආපහු චිත්‍රපට  කරන්න ලැබුණේ නැහැ…මං දැන් ජීවත් වෙලා ඉන්නේ මොකටද”…කියලා.
ඔහු පශ්චාත්තාපයෙන් හිටියේ. නිකම්ම නිකම් හිස් කමක් දැනෙනවා. ඒ හිස්කම ගෙන එන්නේ භීතියක්. පහුගිය කාලයේ මට ඇත්තටම එය දැනුණා.අපිට අනාගතයක් නැද්ද ? කියලා මට හිතුණා. ඉදිරියට ජීවිතයක් නැද්ද ? කියලා ප්‍රශ්න නැගුණා. ඒක ඇත්තටම ගත්තොත් සිනමාකරුවෙක් විදිහට ක්ෂතිමය අත්දැකීමක්. අපට ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ. ඒකෙන් ගලවන්න ගත්ත උත්සාහය තමයි මේ නිර්මාණය. ගෙදර පුටුවක වාඩි වෙලා ඉන්නකොට ඇති වුණු අහම්බකාරක අදහසක්.
දුර ඉන්න අය අපි දකින්නේ දුරකථනයෙන්. ඒ දුරකථනයෙන් අපේ ජීවිතය ප්‍රකාශ කරගන්න පුළුවන්ද කියන අදහස මට ආවා.සිනමාකරුවකු විදිහට එය සන්නිවේදනය කරන්න මා උත්සාහ ගත්තා. මෙය සරල විදිහට කෙනකුට පෙනෙන්න පුළුවන්. නමුත් එය Art එකක් විදිහට හදන එක ලේසි නෑ.බොහෝ දෙනා මෙයට දක්වන ආකර්ෂණය නිසා එක්තරා විදියක සාර්ථකත්වයක් ඇතැයි මට දැනෙනවා.
  • සම්මත තිර නාටක රීතිය මේ නිර්මාණයේදී ඔබට කඩන්නට සිදු වෙනවා.?
සම්මත තිර නාටකයක් ලියන්න මෙහිදී අවකාශයක් නැහැ. දෙබස් හරහායි මෙය ගොඩ නඟන්න සිදුවුණේ. රූපයෙන් රූපයට මාරු වන්නේ දෙබස් සම්බන්ධ වීමෙනුයි. Zoom එක මුහු වන්නේ  ශබ්දය සමඟයි. ඒ නිසා දෙබස් මගින් එය පෙළ ගන්වන්න මට සිදු වුණා. ඒ ඇතුලේ රංගනය සීමා කරන්න ,රූප රාමුව දෙබස් චලන තුළ ග්‍රහණය කර ගන්න ප්‍රයත්නයක් දරන්න සිදු වුණා. එය ජංගම දුරකථනයේ ක්‍රියාත්මක වන්නේ දෙබස් මතයි. එය නොදැන කෙනෙක්  සිනමාවම හොයන එක පහසු නෑ. මේ තුළ තියෙන්නෙ අත්දැකීමක්. ඒ අත්දැකීම විඳ ගමු. නැති දේවල් විඳින්න මෙය තුළ ඉඩක් නැහැ.
  •  මේ නිර්මාණයත් සමඟ සමනලී ෆොන්සේකා, නදී කම්මැල්ලවීර, රුක්මල් නිරෝෂ් , ඉන්ද්‍රචාපා ලියනගේ  රංගනයෙන් යෙදෙනවා.?
පිටපත ලිව්වට පස්සේ හැම දෙනාටම mail කළා. ජංගම දුරකථනයෙන් ඔවුන් මෙහෙය වන්න සාකච්ඡා කළා. සමනලී සහ ඉන්ද්‍රචාපා පිටපතේ චලනයන් සිදු කළ හැකි තැනක නිවස තුළ ස්ථානගත වුණා. ඒ රූප රාමුව සකස් කර ගත්තා. නදී ඇයට සුදුසු රූප රාමුව සකස් කර ගත්තා. රුක්මල් එක් තැනක ස්ථාන ගත කළා. දවසක අපි පැයක පමණ කාලයක් zoom දුරකථන යොමුව හරහා පෙර පුහුණුවීමක් සිදු කළා. හඬ සහ රූපය  ගොනු කර ගැනීමේදී ඇතිවන බාධා හඳුනා ගත්තා. ජංගම දුරකථන ක්‍රියාත්මක වන්නේ Wi-Fi තාක්ෂණය ඔස්සේ. ඩේටා ට්‍රැෆික් නිසා එහෙට මෙහාට රූපය වෙනස් වෙන්න පුළුවන්. එහිදී resolution එකට බාධා වෙනවා. ඒ නිසා අවම වශයෙන් බාධා වන කාලයක් තෝරගෙන මෙය රූ ගත කරන්න අපට සිදු වුණා.
  • නිර්මාණය සංගීතය ගොනු වීම ගැන දැන ගන්න කැමතියි .?
මෙහි ගීතයක් ඇතුළත් වනවා. එය මා කලින් ලියූ ගීතයක්. ඒ ගීතය හරහා තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. ඉන්ද්‍රචාපා සහ සමනලී විවාහක යුවළක්. ඔහු එක ගෙදරක ජීවත් වන නිසා මේ කටයුත්තට පහසු වුණා. නිරෝධායන නීති යටතේ එක් තැනකින් තවත් තැනකට නිර්මාණයකටවත් ගොනු ඉඩක් නැහැ.
ඒ වගේම ඉන්ද්‍රචාපා සංගීතඥයෙක් සහ ගායකයෙක්. සමනලී ගීත ගායනා කරනවා. මේ ගීතයේ තනුව නිර්මාණය කරන්නෙත් චාපා. ඒ සියල්ල සම්මිශ්‍රණයෙන් වැඩේට ආලෝකයක් එකතු වුණා.
@ සංස්කරණය පිළිබඳ මොන වගේ අදහසක්ද පැවතියේ ?
මූලික සංස්කරණය රූගත කරන අතරතුර සිදුවන්නක්. රංගනය සඳහා විධානයක් දෙන්න අධ්‍යක්ෂවරයා විදිහට මට බැහැ. එහෙම වුණොත් කැමරාව මා වෙතට යොමු වෙනවා. රංගනය යෙදෙන්නන් විසින් ඒ කාර්ය නියමාකාරයෙන් සිදු කර ගන්න අවශ්‍ය වුණා. රූප ටික ක්‍රමවත්ව සංස්කරණය කිරීමේ කාර්ය රුක්මල් නිරෝෂ් විසින් සිදු කළා. එනිසායි නිර්මාණයේ අවශ්‍ය හැඟීමම ගොනු කරගන්න හැකි වුණේ.
  • @ Youtube ඔස්සේ මේ නිර්මාණය සමාජගත වුණා. කොහොමද ලැබෙන ප්‍රතිචාර.?
මේ නිර්මාණය තනිව රස විඳින්න කියලා මම යෝජනා කළා. ජංගම දුරකථනය හා හෙඩ් ෆෝන්  එකක්  ඒ සඳහා යොදා ගෙන හුදකලාවේ නිර්මාණය විඳින්න ඉඩකඩක් වෙන් කර ගත යුතුයි . එහෙම තනි තනිව රස විඳපු අදහස් සාමූහිකව අන්තර්ජාල අවකාශය ඔස්සේ බෙදා හදා ගැනීම  සතුටක්. ජීවිතයේ  මා ලබපු වෙනස්ම අත්දැකීමක්.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share908Tweet43
Previous Post

එගොඩහ යන්නෝ ..මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ …

Next Post

සබන් කැටෙන් කතා මවන පුංචි කෙල්ල

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.