සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

සබන් කැටෙන් කතා මවන පුංචි කෙල්ල

by editor
මැයි 14, 2020 - Updated on මැයි 24, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

මමිතා අබේසිංහ

අපි හැමෝම ආසයි ආදර කතා වලට, අපි හැමෝමටම එහෙම ආදර කතාවක් තියනවා. අද මන් මේ කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක් ගැන. ඒ තමයි soapstoris ටිකක් අමුතුයි නේ. ලස්සනම ලස්සන සබන් කැල්ලක් ගැන කතාවක් තමයි මේ. මේ පින්තුර ටිකක් බලලා ඉමුකො. එතකොට කතාව තේරෙයි.

තමන්ගේ හීන කලින් හැබෑ වුණු පුංචි රෝස මලක්. තවම උසස්පෙළ පන්තියේ සිටින ඇය තමයි මේ ඉහත පින්තුර වල අයිතිකාරිය, තවම හිරිමල් වියේ පසු වූවත් ඇය හොඳ ව්‍යවසායිකාවක්. ඈ විසින්ම නිෂ්පාදනය කරපු සබන් තමයි ඔය පින්තුරවල තියෙන්නේ. ඒව බලලම අපි කතා කරමු අපි කතා කරමු,

sope

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

 

@ අපිට කියන්න ඔබේ විස්තර ටිකක් ?
මගේ නම රිෂ්මා රිස්වී. ඉගන ගන්නේ බිෂොප් විදුහලේ. මගේ වයස අවුරුදු 17යී. මන් London A/L කරන්නේ. රසායනික ඉංජිනේරු විද්‍යාව තව දුරටත් හදාරමින්, ඒ උගත් දැනුමෙන් මගේ ව්‍යාපාරය තවත් ඉහළට ඔසවා තැබීම තමයි මගේ බලාපොරොත්තුව.

@ ඇත්තටම ඔයා හදන මේ product එක මොකක්ද?
මගේ මේ product එක තමයි All Natural Hand-made bath and body product.මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙනයි. උදාහරණයක් විදියට ගත්තොත් පිරිසුදු පොල්තෙල්, සුදුහදුන්,වෙනිවැල් ගැට, කොහොඹ සහ තවත් මෙවැනි දේශීය අමුද්‍රව්‍ය රැසක් උපයෝගී කර ගන්නවා.

@ කොහොමද හිතුණේ මෙහෙම දෙයක් කරන්න ?
පුංචි කාලේ ඉදලම රූපලාවණ්‍යය පැත්තට ගොඩක් කැමැතියි. තේරෙන කාලේ ඉදල youtube ඒකෙන් රූපලාවණ්‍යය ගැන තියෙන දේවල් හොයනවා. ඒ අතර අපේ සමට හිතකර අහිත කර දේවලුත් තියෙනවා. මගේ නොතේරුම් කමට මම ඒ දේවල් අත් හදා බලනවා. මට මතකයි පාට කුරක් රත් කරලා lip balm එකක් හදා ගන්න පුළුවන් වීඩියෝවක් බලලා අම්මා නිදි වෙලාවක ඒ් වීඩියෝ ඒකේ විදිහට lip balm ඒකක් හදලා අම්මටත් ගෑවා. අම්මා එදා කිව්වා අනවශ්‍ය දේවල් වලින් තමන්ගේ තියෙන ලස්සන නැති කර ගන්න එපා. ස්භාවික දේවල් වලින් දෙයක් කරන්න උත්සහා කරන්න කියලා. ඊට පස්සේ ඒ ගැන ගොඩක් මං හිතුවා. තව කරුණු හොයන්න ගත්තා. ඒ් හොයා ගත විදි ගෙදර කට්ටියත් එක්ක අත්හදා බැලුවා. ඔන්න ඔය විදිහට මං මුලින්ම හැදුවේ face pack/ face mask වගේ දේවල්.

@ ගෙදරින් ඔබට හොඳ මඟපෙන්වීමක් ලැබී තිබෙනවා?
ලොකු සහයෝගයක් ලැබුණා. අම්මා තාත්තා නංගිලා ආච්චි සියා, නැන්දලා, යාලුවෝ හැමෝම මට උදවු කළා. මට ආදරය කරමින් මගේ ගමනට උදව් කළ ඒ් හැමෝටම ස්තූතියි. විශේෂයෙන් මගේ අම්මා.

@ ඔබේ අතින් හැදුණු මුල්ම සබන් කැටේට ලැබුණු ප්‍රතිචාර?
අම්මා මං ඒ් හදපු සබන් වල පින්තුර මගේ නැන්දලාට යැවුවා. ඒ් පින්තූර බලලා නැන්දා කෙනෙක්ට දවස් එකහාමාරකින් සබන් 25ක් ඕනෑ කිව්වා. ඒ තමයි මට ලැබුණු පළමුවැනි ඇණවුම. මේක business එකක් විදියට කරන්න හිතලවත් තිබුණේ නෑ. මගේ අම්මා තමයි යෝජනා කළේ මේකට නමක් දාන්න. මේක මට businessඑකක් විදියට පටන් ගන්නත් පුළුවන් කියල අම්මා මාව තව තවත් දිරිමත් කළා. අනික මන් ඒ කාලේ O/L විභාගයට සුදානමින් හිටියේ. එත් මගේ මවුපියන් මේ දෙකම සමබරව කරන්න මට උදව් කළා. ඒ තමයි මට ලැබුණු වටිනාම දේ.

@ සබන් හදන කතාන්දරයට Soapstoris කියන නම දාන්නේ කවුද?
අම්මා කිව්වම මගේ නමය ගැලපෙන විදිහට නමක් දැන්න කියලා මට එක පාරටම කියැවුණා Soapstoris කියලා. ඒ මම හදන හැම සබන් කෑල්ලකම මට කියන්න කතාවක් තිබුණා. මුල් කාලෙදී මම මහන්සිවෙලා හරිම ආසාවෙන් හදපූ සබන් පදම වැරදිලා ඔක්කොම විසි කරන්න වෙනකොට ලොකු දුකක් කඩා වැටීමක් දැනුණා. නමුත් ටිකෙන් ටික ක්‍රමේ අල්ලගෙන හද හදා ඒවා සාර්ථාක වෙද්දි මට ලොකු ආත්ම ශක්තියක් ඇති වුණා. සෘණාත්මකව හිතන්න පුරුදු වෙලා හිටපු මම හැම දේම පොසිටිව් දකින්න පුරුදු වුණා. එය මගේ ඉගෙනීමටත් ලොකු පිටිවහලක් වුණා. අසාර්ථක වීම් තියෙන්න පුළුවන් නමුත් ඒ අසාර්ථ වීම් තමයි අපට ඉගෙන ගන්න අත්දැකීම් ලඟා කරගෙන සාර්ථක වෙන්න උදව් කරන්නේ.

@ අද වෙනකොට ගොඩක් භාවිත කරන්නේ facewash.එය ඔබට අභියෝගයක් නෙමෙයිද?
බොහෝ දෙනෙක් facewash භාවිතයට හුරු වුණාට එය මට අභියෝගයක් වෙන්නේ නැහැ. මගේ හැම නිෂ්පාදනයකටම හොඳ ඉල්ලුමක් තිබෙනවා. දැනට විවිධ වර්ගයේ සබන් 50කට වැඩිය නිෂ්පාදනය කරනවා. මං මේ නිෂ්පාදන වෙළෙඳ පොළට එක් කරන්නේ ස්භාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන කොයිතරම් සාර්ථක ප්‍රථිපල අත් විඳින්න පුළුවන්ද යන පණිවුඩය එක්කයි.
අනෙක, අභියෝග නැති කිසි දෙයක් නෑ. ඒ දේවල් වලට මුහුණ දෙමින් මට අවශ්‍ය කරන මගේ වෙළදපොළ හදා ගන්නවා. අනිත් දේ Soapstoris නිෂ්පාදන මුහුණට සිරුරට ආදී වශයෙන් වෙන වෙනමත් නිෂ්පාදනය කර තිබෙනවා.

@ වැඩි ඉල්ලුමක් තිබෙන්නේ මොන වර්ගයේ සබන්වලටද?
මගේ නිෂ්පාදන අතර කැරට් වලින් හදන සබන් හරි ජනප්‍රියයි. හොඳ ඉල්ලුමක් තියෙනවා.

@ ඉගෙනුම් කටයුතු එක්ක කොහොමද වෙලාව හොයා ගන්නේ?
ඉගෙනිමේ කටයුතු මම මඟහරින්නේ නැහැ. මම කැලය වෙන් කරගන්නවා. බොහො වෙලාවට සබන් වර්ග හදන්න ගන්නේ රෑට..ඉතින් ඉස්කෝලේ ගහින් ඇවිත් හවස් වරුවම පොත පතේ වැඩ ටික ඉවර කරනවා.

 

                                                                                         

 

@ ඔබ නිෂ්පාදනය කරන අනෙකුත් beauty products මොනවාද?
සබන් වලට අමතරව body scrub,Lotion bars,body butters,Foot soak,bath salts, lip balm වගේ දේවල් නිෂ්පාදනය කෙරෙනවා.

@ ඔබේ ඉදිරි බලාපොරොතු මොනවාද ?
මේ පුංචි ව්‍යාපාරය තව දියුණු කරලා මගේම SOAP STORE එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. සබන් නිෂ්පාදන ගැන වැඩි දුර හදාරමින් මගේ products ශ්‍රී ලාංකේය නිෂ්පනදයක් විදිහට විදෙස් වෙළෙඳපලට අපනයනය කරන්නයි මගේ ඊළඟ හීනය..

ඇය තවම ලෝකය සොයා යන්නියක්… ඒ පුංචි හිත ගොඩක් ලොකුයි. ඇයට හදවතින්ම සුභ පතමු. පුංචි සබන් කෑල්ලක් ලෝකයක් දිනන දවසක් අනිවාර්යෙන්ම උදා වෙනවා නියතයි. තව කලක් ගිය පසු රිෂ්මා ලෝකයටම කතා කරයි.

Share188Tweet43
Previous Post

මේ අපේ සිනමාවේ අනාගත ප්‍රවේශය ද

Next Post

ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

Related Posts

homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
සමාජ

සාමයේ බලාපොරොත්තුවට බෝම්බ ගසයි… අද අලුයම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර…

ජූනි 11, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich
සමාජ

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.