බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

by editor
මැයි 14, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ත්‍රිමාණ මුද්‍රණය නැතිනම් ත්‍රී ඩි ප්‍රින්ටින් (3D printing) පිළිබඳව අද ලෝකයේ පුළුල් සංවාදයක් ඇතිවී තිබේ. කොරෝනා වසංගත සමයේ රෝගීන් ගණන බලාගෙන සිටිද්දි ඉහළ යද්දී දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරෙද්දී නිර්මාණය වූ වෛද්‍ය උපකරණ සහ අමතර කොටස් හිගය ඉක්මනින් පියවූ එක් තාක්සණයක් වූයේ  ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයි.එම යන්ත්‍ර  උපයෝගී කරගනිමින් විවිධ උපාංග නිර්මාණය කිරීම නිසා ලෝකය දැන් දැන් ත්‍රිමාණ මැවුම් පිළිබඳව වැඩි වැඩියෙන් උනන්දු වන බවක් පෙනෙන්නට තිබේ. තවමත් වැඩිදියුණු වෙමින් මූලික අදියරේ පමණක් පවතින මෙම ත්‍රිමාණ තාක්ෂණය පිළිබඳ සංකල්පය මුලින්ම ලොවට කීවේ ශ්‍රි ලංකාව තම දිව්‍ය ලෝකය බවට පත් කරගෙන සිටි අසහාය විද්‍යා ප්‍රබන්ධ ලේඛක ශ්‍රිමත් ආතර් සි ක්ලාක්ය.

ආතර් සි. ක්ලාක්

මෙම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය වැඩි වශයෙන්ම භාවිත කළ වකවානුව වර්තමානයයි. කොරෝනා වසංගතයත් සමඟ පැමිණි දුෂ්කරතා හමුවේ  බොහෝ තාක්ෂණවේදීන් ත්‍රිමාණ මුද්‍රණ ඇසුරින් කළ හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් දුන් බව පෙනේ.

නිදසුන් ලෙස පවසන්නේ නම් පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ වුහාන්හි වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් ආරක්ෂක කන්නාඩි නිපදවීය. ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර 50ක් යොදා ගනිමින් දිනකට කන්නාඩි 300 බැගින් නිෂ්පාදනය කිරීමට එම නිෂ්පාදකයින් සමත් විය.

ඇමරිකාවේ NIH ආයතනය වෛද්‍යවරුන්ට අවශ්‍ය ප්ලාස්ටික් මුහුණු ආවරණ, ශ්වසන උපාංග කොටස් ඇතුළු අතවශ්‍ය උපකරණ ගණනාවක් මෙම තාක්ෂණය ඔස්සේ නිපදවිය

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බහුලව භාවිතයට ගනු ලබන බව පැවසේ. විශේෂයෙන්ම ඔවුනට අභ්‍යවකාශයේදී අවශ්‍ය ඇතැම් උපකරණ මෙම 3D printers මගින් සාදා ගැනීම ප්‍රකට කරුණකි. ඔවුන් එහිදී වැඩි වශයෙන් භාවිතයට ගන්නේ SLEDM හෙවත් ලෝහ උණුකොට උපකරණ බවට පත්කරන තාක්ෂණයයි.

3D printing යනු සරලව හැඳින්වුවොත්  පරිගණකයකින් ලබාදෙන සටහනකට අනුව සිදුවන ත්‍රිමාණ  නිමාවකි. එය තාක්ෂණික භාෂාවෙන් හඳුන්වන්නේ CAD ( computer-aided 3D design ) ලෙසය. මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ ඉතාම කෙටි කාලයක් තුළ උපකරණ නිමවා ගැනීමට ඇති හැකියාවය.

SLEDM තාක්ෂණය අනුව ලෝහමය පවුඩර් විශේෂයක් ද්‍රව බවට පත්කොට අවශ්‍ය උපකරණයේ දළ සටහන පරිගණකය මගින් තෝරා විදානය දුන් සැණින් එම උපකරණය ඉතා කෙටි කාලයක් ඇතුලත නිෂ්පාදනය කරගත හැකිය. වෙනදා කර්මාන්තශාලා තුළ දීර්ග ක්‍රියාවලියක් යටතේ උපාංග ගණනාවක් සහ මිනිස්  අතින්  නිෂ්පාදනය වූ උපකරණ එක් විධානයකින් එක යන්ත්‍රයකින් නිෂ්පාදනය කරගත හැකි වීම තාක්ෂණයේ විස්මසහගත බව පෙන්වන එක් අවස්ථාවකි. අද වනවිට නිවාස ව්‍යාපෘති ඉදිකිරීම දක්වා මෙම තාක්ෂණය දියුණු වී තිබේ.

ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳව බටහිර ලෝකය වැඩි වශයෙන් උනන්දු වන්නට ගත්තේ 60 සහ 70 යන දශකයන්ගේදීය. කෙසේවෙතත් ලෝකයේ ත්‍රිමාණ නිමැවුම් පිළිබඳව 60 දශකයේදී පුදුමසහගත ලෙස අනාවැකි පලකළ පුද්ගලයා වන්නේ ශ්‍රීමත් ආතර් සී ක්ලාක්ය. ඔහු විසින්  1964 වසරේදී බිබිසී ලෝක සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ජාවක අනාගත ලෝකය ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගන්නා අයුරු පිළිබඳව අනාවැකියක් පළ කළේය. විශේෂයෙන්ම ඔහු එහිදී ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර පිළිබඳව පැවසීම පුදුමසහගතය.එම වකවානුවේ ඔහු පලකළ අදහස ඇතැමුන්ගේ හාස්‍යයට ලක්විය. නමුත් අද වනවිට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ලෝකය තුළ යතාර්ථයක් වී හමාරය.

ඔහු පැවසූ එම අනාගත වාක්‍යයේදී ඔහු තවත් කරුණක් ලෝකයට පවසයි. ඔහු පවසන්නේ ත්‍රිමාණ තාක්ෂණය සමඟ විනාශයත් ලෝකයට පැමිණිය හැකි බවයි. මෙම තාක්ෂණයේ උපරිම අවස්ථාවකදී ඕනෑම අයකුට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් අත්පත්කරගැනීමෙන් තමන්ට අවශ්‍ය ඕනෑම උපාංගයක්  නිර්මාණය කරගැනීමට අවස්ථාව ලදහොත් එය විනාශයකට අත වැනීමක් බවත් ඔහු 1964දී අනාවැකියක් පවසයි.

ඔහුගේ වචනයෙන් එය මෙසේය. ” එවැනි උපාංගයක් නිමවෙන දිනයකදී අපගේ සමාජය කෑදරකමේ සහ ම්ලේච්ජතත්වයේ ගිලෙන්නට ඉඩ තිබේ. මිනිසුන්ට සියල්ල අත්පත් කරගැනීමේ තණ්හාව ඇතිවිය හැකිය”

මෙය එක්තරා අන්දමකින් අනාගතය දැකීමක්දැයි අප තවම දන්නේ නැත. මන්ද අප තවම සිටින්නේ එම තාක්ෂණයේ ආරම්භයේ පමණි.

 

 

Share69Tweet43
Previous Post

සබන් කැටෙන් කතා මවන පුංචි කෙල්ල

Next Post

ලස්සන නර්ස් නෝනා කොවිඩ් අතරේ කියන කතා

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.