බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලස්සන නර්ස් නෝනා කොවිඩ් අතරේ කියන කතා

by editor
මැයි 14, 2020 - Updated on මැයි 24, 2020
in ජීවිතය
ශ්‍යාමා දහනායකය (ඡායා රූපය- අනුරුද්ධ මැදවත්තෙගෙදර )

ශ්‍යාමා දහනායකය (ඡායා රූපය- අනුරුද්ධ මැදවත්තෙගෙදර )

Share on FacebookShare on Twitter

අනුෂා රණසිංහ

කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහලේ සේවයේ නිරත වන සුරූපී හෙද නිලධාරිනියකගේ ජායාරූප සහ ඇය පිළිබඳ ලියැවුණු සටහන් බොහොමයක් මේ දිනවල සමාජ ජාලය ඔස්සේ ඒහා මෙහා වෙනවා. ඒ් ඇය රූ රැජනක් වූවත් ඒයින් උදම් නොවී මිනිසත් කම වෙනුවෙන් කරන කැප වීම නිසයි. දැන් ඇය වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වුණත් 2017 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තේ ඇයයි. මේ ශ්‍යාමා දහනායකය.

Sharma Dahanayaka

@ ශ්‍යමා කොහොමද ඉතින් ?
මේ දවස් වල කොරෝනා උවදුර නිසා බොහොම පරෙස්සමෙන් හා කැමැත්තෙන් රාජකාරී කටයුතු කරගෙන යනවා.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

@ ශ්‍යමා කියන්නේ කිරුළක් හිමි කෙනෙක් ?
2017 වසරේ දෙරණ මගින් පැවැත් වූ මිස් ශ්‍රී ලංකා හි කිරුළ හිමි වුණාට පසු ලෝක මිහිකත රූ රැජණ තරගය නියෝජනය කළා. එහිදී උප කිරුළු හතරක් දිනා ගන්න හැකි වුණා. ඒ එක්කම මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

@ 2017 දී ඔබ හෙද සිසුවියක් ?
ඔව්. ඒතකොට කුරුණෑගල හෙද විදුහලේ දෙවන වසරේ සිසුවියක්.

@ මේ ඔබේ මුල්ම පත්වීම ද?
ඔව්. මම ඉල්ලුම් කළෙත් කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහල. ඉතින් මට මුල්ම පත් වීම මම ඉල්ලුම් කළ රෝහලටම ලැබීම ගැන සතුටුයි.

@ ඒ් රෝහලම ඉල්ලුම් කරන්න විශේෂ හේතුවක් තිබුණද?
මම පොඩි බබාලාට ගොඩක් කැමැති නිසයි මේ රෝහල ඉල්ලුම් කළේ.

@ තරමක් බැරෑරුම් වගකීමක් ?
ඇත්තටම ඔව්. මම සේවය කරන්නේ ද සොයිසා කාන්තා ළමා රෝහලේ ශල්‍යාගාරයේ. මෙහි තියෙන බැරෑරුම්කම දැනුණේ ආවට පස්සේ . දැන් නම් හුරුවෙලා.

@ පුංචි කාලෙත් කැමැත්තෙන් හිටියේ හෙදියක් වෙන්නද?
මගේ ලොකු ආසාවක් තිබුණා එයා හොස්ටර් කෙනෙක් වෙන්න. පුංචිම කාලේ ඉඳන් ලස්සන ඇඳුම් අඳින්න ආසයි. හැබැයි මගේ හීනේ ගැන අම්මා අප්පච්චිගේ බලවත් විරෝධයක් තිබුණා. ඒ නිසා අම්මා අප්පච්චිගේ ගේ කැමැත්තටයි හෙද විදුහලට යන්නේ.

@ උසස් පෙලට ඔබ ජීව විද්‍යාව තෝරා ගත්තේ ඇයි ?
ඒකට හේතුව මගේ පාසලේ කුරුණෑගල මලියදේව බාලිකාවේ ගුරුවරුන්. මම ඉගෙන ගන්න දක්ෂයි. ඒනිසා ගුරුවරුන් කිව්වේ ශ්‍යමා ඔයා ජීව විද්‍යාව තෝර ගන්න. ඒ පැත්තෙන් රැකියාවක් වුණත් කරන්න පුළුවන් කියලා.

@ පවුලේ තව කවුද ඉන්නේ ?
මට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි. එයා ගණකාධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා.

@ ළමා කාලයේ කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා ද?
මුතුහර වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් නිරූපණ කටයුතු කළා. හැබැයි වැඩිපුර නැටුම්වලට දක්ෂයි. පාසලේ දී වුණත් “ශ්‍යමා නම් නැටුම් තමා” කියලයි යාලුවෝ කියන්නේ.

 

@ රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද ?
ලැබුණේ නැහැ කියනවා නම් බොරු. 2017 මම කිරුළ හිමි කරගත්තට පස්සේ ආරාධනා ලැබුණා. ඒ ආරාධනා කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. නමුත් හෙද සිසුවියක් විදිහට රංගනයට යොමු වෙන්න තරම් ලොකු කාලයක් තිබ්බේ නැහැ.

@ දැන් ආරාධනා ලැබුණොත් භාර ගන්නවද?
හොඳ නිර්මාණයකට ආරාධනාවක් ආවොත් භාර ගන්නවා. හැබැයි මගේ වෘත්තියට හානියක් නොවෙන්න.

@ රඟපාන්න කැමැති චරිතයක් තියෙනවා ද?
එහෙම විශේෂයක් නැහැ. ඇත්තම කියනවා නම් මට එහෙම ලොකු රංගන හැකියාවක් නැහැ. මේ කරන වෘත්තියට හානියක් නොවන විදියේ චරිතයක් ලැබුණොත් කරනවා.

@ ශ්‍යමා කේන්දර විශ්වාස කරනවා ද?
මගේ අම්මා නම් විශ්වාස කරනවා.

@ ඒ් කියන්නේ ශ්‍යමා විශ්වාස කරන්නේ නැද්ද ?
මෙහෙමයි. ඒ මතම රැඳෙන්නේ නැහැ. යම් තාක් දුරකට විශ්වාස කරනවා.

@ මොකක් ද ලග්නය ?
මකර

@ ආදරය ගැන මොකද හිතෙන්නේ ?
හ්ම්.. ආදරය… සුන්දරයි නේද… බලමු ඉතින් ඒ අත්දැකීම ඉස්සරහට ලබා ගන්න. දැනට අම්මලා කියන එකක් තමා.

@ එන ආදර යෝජනා ගෙදරට යවන එකක් ද කරන්නේ ?
ඒ වගේ දෙයක් තමා කරන්නේ. මොකද මට ඒ වගකීම භාර ගන්න බැහැ.

@ මොන වගේ කේෂ්ත්‍රයක කෙනෙක් ද හොයන්නේ ?
විශේෂ ක්ෂේත්‍රයක් නම් නැහැ. මාව තේරුම් ගත්ත , මම නියැලිලා ඉන්න ක්ෂේත්‍රය හොඳින් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමා මට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ

 

 

Share69Tweet43
Previous Post

ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

Next Post

සමාජ දුරස්ථභාවයේ අධ්‍යාපන පිහාටුව e learning

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.