අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලොක්ඩවුන් අතරේ බයිලා රජවරු ගයපු සුපිරිම ගීය

by editor
මැයි 14, 2020
in ජීවිතය, වින්දන
Share on FacebookShare on Twitter

බයිලා රජු වොලී බැස්ටියන් ගැයූ බිව්වා නේද වදකහ සුදිය ඔබ අහලා තියෙනවනේ… මේ ගීය නිර්මාණය වෙන්නේ හරි අපුර්ව ආකාරයට

ඒ 1950 වර්ෂයේ ලංකාවට සම්පූර්ණ සුර්යග්‍රහණයක් ඇති වෙනවා. ඒ සිදුවීම පදනම් කරගෙන ඒ කාලෙ  ලංකාදීප පුවත්පතේ  “සුර්යග්‍රහණය ඇති වන අවස්ථාවේ කාටවත් නොපෙනී වද කහ යුෂ පානය කළ විට කළු පැහැති සමක් ඇති කාන්තාවන්ට පැහැපත් සමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ලිපියක් පළ වෙනවා.

මේ කතාවට රැවටුණු බොහොමයක් කාන්තාවන් පැහැපත් වීමේ අරමුණින් වදකහ පානය කරනවා. අවසානයේ පැහැපත් බව කෙසේ වෙතත් බඩේ අමාරුව නම් සදා ගත් බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මෙන්න මේ සිදුවීම මුල් කරගෙනයි බිව්වා නේද වදකහ සුදිය ගීතය නිර්මාණය වන්නේ.

මේ ගීතය නම් එදා සේම අදටත් ජනප්‍රිය ගීයක්….

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මම මේ අතීතය මතක් කරන්න හිතුවේ කාලෙන් කාලෙට සිදුවන සිද්ධීන් එක්ක   ගීත ලෝකයට හරි අපූරු නිර්මාණ බිහිවෙනවා.

අද අපි ඉන්නේ ලෝකයටම ගොදුරක් වූ කොරෝනා උවදුරත් එක්කනේ. ඉතින් මේ දවස් වල සාමාන්‍ය ජන ජීවිතය එහෙම නැත්නම් මෙතෙක් හුරු වෙලා හිටිය ජිවන රටාව ටිකක් වෙනස් කරන්න වෙලා තියෙනවා. ඒ අතර බොහෝ දෙනෙක් ට බලපාල තියෙන දෙයක් තමා මේ සැලෝන් වහලා තියෙන එක. ඒ වෙනුවෙන් හරි අපූරු ගීයක් නිර්මාණය වෙලා තියෙනවා.

ඒ තමයි

යසට හිටපු අපේ නෝනලා….

මේ ගීතය ලියන්නේ නම් රජිව් සෙබස්තියන්, ගායනයෙන් රජිව් එක්ක එක් වෙනවා ඩෙස්මන් සිල්වා, කොරින් අල්මේදා සහ මරියසෙල් ගුණතිලක.

කොහොමද මේ ගීය නිර්මාණය වෙන්නේ

මේක නිර්මාණය වෙන්නේ ඩෙස්මන් එවපු වීඩියෝ ක්ලිප් එකක් හරහා.

මොකක් ද ඒ වීඩියෝ ක්ලිප් එක

ඒක හරියටම තත්පර 59ක පොඩි ක්ලිප් එකක්. හරි ලස්සනට ලතින් ඇමරිකානු තනුවකට කන්‍යා සොයුරියන් තමන්ගේ ඒ නිවාසයක ඉන්න ළමයි එක්ක රංගනයක යෙදෙන එකක් ඇතුළත් වීඩියෝ එකක්.

කොහොමද වීඩියෝ එක ගීයක් වුණේ

ඕක අහපු ගමන් හරි කැචි නිසා මම නොර්ට් එකක් දැම්මා මේකේ සිංහල වර්ෂන් එකක් කරමුද කියලා. ඒ පාර ඩෙස්මන් මට එවලා තිබ්බේ Great minds think a like කියලා. (විශිෂ්ඨ මනසවල් හිතන්නේ එකම විදියට කියලා.) එයත් ඒකම තමා හිතලා තියෙන්නේ.

ඊට පස්සේ පද ලිව්වා

ඔව්. මොකද මේ කාලෙත් එක්ක නිතර අහන්න දකින්න ලැබෙන්නේ ආසාදිතයන් මෙච්චරයි, නිරෝධායනයට යැව්වා වගේ දේවල්ම නිසා ඕනෑවට වඩා සීරියස් යන්නේ නැතුව මිනිස් මනසට යම් රසවින්දනයක් එක්ක දෙයක් කරමු කියලා තමා මේ විදියට මේ ලතින් අමරිකානු තනුවට මගේ අතින් මේ පද පෙළ ලියැවුණේ.

මරියසෙල් සහ කොරීන් සම්බන්ධ වුණේ කොහොමද?

මේකේ මම වර්සස් දෙකක් කාන්තාවන්ටයි අනිත් කොටස් දෙක පිරිමින්ටයි විදියට ලිව්වේ කියලා. මොකද කාන්තා පාර්ශවයටත් කියන්න දෙයක් තියෙනවනේ. මම ඉතින් ඩෙස්මන් ට කිව්වම එයත් ඒකට කැමති වුණා. අපිම තනියම කරනවට වඩා ඒක හොඳයි කියලා.  මම කිව්වා මරියසෙල් සහ කොරීන් හිටියනම් මරු කියලා. ඩෙස්මන් ම ඒ දෙන්නටත් මේ ගැන කියලා තිබ්බා. ඔන්න ඔහොම තමා අපි හතරදෙනා එකතු වුණේ.

කොහොමද කොරෝනා කාලේ පටිගත කළේ

මගේ කොටස පමණයි ස්ටුඩියෝ එකක පටිගත කළේ.. අනිත් තුන්දෙනාම ෆෝන් රේකොඩින් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඩෙස්මන්, බොරලැස්ගමුවේ ඉඳන් කොරින් සහ තලංගම ඉඳන් මරියසෙල් එව්වේ. අපි මේ තත්ත්වය පාලනය වුණාම අපි හතර දෙනා එකතුවෙලා නැවත ස්ටුඩියෝ එකක පටිගත කරනවා කියන තැන තමා ඉන්නේ. කොහොමත් ඩෙස්මන් ඉන්නේ රට නිසා එයා ලංකාවට එන්නත් ඕනෙනේ.

කලිනුත් පාස්කු එකෙන් පස්සේ නානා කියලා ගීතයක් කළානේ, කොහොමද ඒකට ලැබුණු ප්‍රතිචාර

හොඳ ප්‍රතිචාරයක් ලැබුණා ඒ ගීතයට. මිලියන් ගණන් විව්ස් නැහැ. මොකද මගේ ඒවායේ අඩ නිරුවත් ගැණු ළමයි නැහැනේ. අපි අපේ නිර්මාණ හරහා යම් කිසි පණිවිඩයක් දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ලැබුණු ප්‍රතිචාර ගැන සතුටුයි.

 

– අනුෂා රණසිංහ

Share69Tweet43
Previous Post

මරණය දකිමින් ලෝකය සනසන ඇල්ප්ස් කඳු පාමුල රිෂී මාමා

Next Post

එගොඩහ යන්නෝ ..මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ …

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.