අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

වීරයා මැරිලා නෑ 3, චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු ඇරඹෙයි.

සුරත් ද මැල්

by editor
ජූනි 1, 2020
in කොලම
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

ආරුමුගම් තොණ්ඩමන් හෙවත් ‘වීරයා මැරිලා නෑ 2’ චිත්‍රපටය වසර විස්සක අඛණ්ඩ දර්ශනවාරයකින් පසු පසුගියදා නිමාවට පත් වුණා.

ජේසුට ඇණ ගැහුවා කියලා ධර්මය මිය ගියේ නෑනෙ. ධර්මය තාමත් අපිට ඇණ ගහනවා. මළවුන්ට නින්දා නොකරන්න කියලා තමයි ආගමේ කියන්නේ. ඒ හින්දා අපි ජීවත්වෙලා ඉන්න උන්ට අපහාස කරමු. එබැවින් මාර්තෘකාව තොණ්ඩමන්ලා. තහනම් වචනය ආරුමුගම්.

තොණ්ඩමන් මළ ගෙදර ‘චිත්‍රපටයක්’. වීරයෙක් වැටුණා. ඔහුගේ තැන ගන්න අලුත් වීරයෙක් උපන්නා. අලුත් කොල්ලා වාහනේ නැගලා ජනතාවට ආචාර කරන ශොට් එක මොන කොලිවුඩ් ෆිල්ම් එකෙන් ඉස්සුවද මන්දා. කවුද වීරයො කියලා ඔප්පු කළාට මෙන්න අපේ සැලීයුට් එක.

“අඩො අනිල්, වැඩිය ඉදිමෙන්න ආවොත් දෙනවා තොට නිල් වෙන්න” තමයි අලුත් වීරයාගේ මුල්ම දෙබස්.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

බල්ටි දෙකයි විසිල් එකයි එක්ක සරමත් කැහැපට ගහලා වීරයා සීන් එකට එන්ටර් වුනේ ජාසිංහ දුෂ්ටයා කරලා. මෙතෙක් කල් ‘කෝවිඩ් 19’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරමින් අතිමහත් රසික ප්‍රසාදයට පත් ව සිටි අනිල් සහ අජිත්, නිකම්ම රයිගමයයි ගම්පලයයි බවට පත් වුණා. අනේ ඉතිං මේ දෙන්නට, දැන් ජීවන් සරණේ සරණයි.

මළ ගෙදර චිත්‍රපටය සියලුම කෝවිඩ් වාර්තා බිද හෙලුවා. මීටරේ සෙන්ටිමීටරේට බැස්සුවා. වැළ නොකැඩී ජනතාව ආවා. අතිසාර්ථක හයවෙනි දවසටත් දිගෑරුණා. දෙසීය කියන අංකයට පවා අලුත් අර්ථකථනයක් දුන්නා. මේ කෝවිඩ් සමයේ සමහරු තමන්ගේ අම්මා තාත්තාගෙ පවා මළ ගෙදර ගියෙත් අමාරුවෙන් කර්ෆියුව් පාස් අරන්. ඒකට මෙන්න කොල්ලෝ. අපියි ලැජ්ජ වෙන්න ඕනේ. මෙහෙමයිනෙ දෙමාපියන්ට සලකන්න ඕනේ. ඉරිසියාවට බනින්න එපා. තාත්තා කරපු දේ කළේ නැත්තම් ‘නොට් උගේ පුතා’ කියන්නෙත් ඉංග්‍රිසියෙන් මේකට තමයි.

වෙන කොහේද රටක, වෙන මොකක්ද චිත්‍රපටයක රගමින් හිටපු, වෙන කාගෙද දියණියකුත්, වෙන කාගෙද මළගෙදරක ආවේ, කොරන්ටයින් නොවී හයිටයිම් රංගනයක නිරත වෙලා කියලා සිනමා ලෝකේ කට කතාවකුත් ගියා.

ඒ අතරේ මට මතක් වුනේ මේ මළ ගෙදර ජෙප්පෙග්ගේ වුණා නම් කොහොමද චිත්‍රපටය වෙන්නේ කියලා. එහෙනම් උන් ඔක්කොම හරියටම මීටරේ දුරින් සෝෂල් ඩිස්ටන්සින් තියන් ගිහින් මළ ගෙදර මළ කෝළමක් කරනවා. උන්ට මඩ ගහන්න බලං ඉන්න උන්ට සිහිමූර්ඡා වෙනවා.

ආණ්ඩුව ඒ අපහාසේ ලේසියෙන් අරින එකක් නෑ. අවමංගල පෙරහැරට තගෙක්ව දාලා එකෙක්ව තල්ලු කරලා හරි, දෙන්නෙක් ලංවෙලා ඉන්න ෆොටෝ එකක් ගහගන්නවා. ඊට පස්සේ ඒ ෆොටෝ එකේ දුර මීටරේට අඩුයි කියලා ඇදලා පෙන්නනවා. ඒ නිවුස් එක රජයේ නාලිකා දෙකයි ආණ්ඩුවේ නාළිකා දෙකයි නිවුස් බ්‍රේක් වෙනකම් ගහනවා. ඊළග චන්දෙදි තුන දෙක වෙයන් කියා පතනවා.

මේක අවස්ථාවක් කරගෙන ඕනනම් ජෙප්පොන්ටත් පුලුවන් මළගෙයක් කරන හැටි රටට පෙන්නලා තුන හතර කර ගන්න උත්සාහ කරන්න. මැයි දිනයට පසු දා ගෝල්ෆේස් එක සුද්ද කළා වගේ ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් එකේ වයිරල් වෙන්නත් පුලුවන්. තොණ්ඩගෙ මළගෙදරයි ජුණ්ඩගෙ මළගෙදරයි කියලා ෆොටෝ දෙක එකට යද්දි කොහොමද ගැම්ම.

පව්, මළ ගෙදර ජවනිකාව හැට නමය හැත්තෑව කර ගැනීමේ අහිංසක ප්‍රයත්නක්. තොණ්ඩලා සමගම අබාවයට යන සිනමා ව්‍යාපාරයට පණ දෙන්න අලුත් වීරයෙක් තිරයට ගෙන ආවඩන්නට අවංක උත්සාහයක්.

වෘත්තීය සංගම් ව්‍යාපාරයක් කිව්වට, වහල්ලු සහ හාම්පුත්තු සම්බන්දයක් තමයි වතුකරයේ කවදත් තිබුණේ.

ඒත් අද වෙනකොට ශ්‍රී ලංකා පොලිටිකල් වහල් රේටින්ස් චාර්ට් එකේ වතුකම්කරුවො දැන් දෙවැනි තැනට වැටිලා. තොණ්ඩලා කම්කරුවන්ට ලබා දීපු ලොකුම ගෞරවය ඒක.

තොණ්ඩලා කවුරුත් හොද නළුවෝ. සෞම්‍යමූර්ති නම් මේකප් නැතිවම කුසපබාවතී නාට්‍යයේ කුසගෙ චරිතෙට දාන්න තිබ්බ කැපිලා පේන හාදයා. අලුත් කොල්ලා ජීවන්ගෙ පෙනුම බොලිවුඩයේ ටයිගර්ගෙයි කොලිවුඩයේ ධනූෂ්ගෙයි හයිබ්‍රිඩ් එකක් වගෙයි මට පේන්නේ. අර රතුපාට ජටාවක් ඔලුවෙ බැදගෙන ඉන්න ෆිල්ම් එකේ ප්‍රොමෝෂන් වලට පාවිච්චි කරන ෆොටෝ එකනම් පට්ට. ඒක දැක්කම මටත් නුවරඑළියේ පදිංචියට ගිහින් තොණ්ඩට චන්දෙ දෙන්න හිතෙනවා.

Share75Tweet43
Previous Post

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

Next Post

යාපනේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගිනි තැබීම කඩකප්පල් කාරී වැඩක් ?

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.