අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මහේල නොදන්න ගැහිලි

by editor
මැයි 20, 2020
in කොලම
Share on FacebookShare on Twitter

සුරත් ද මැල් –

මහේල කියලා ක්‍රිකට් ගහපු කොට කලු හාදයෙක් හිටියා කියලා සමහරුන්ට මතක ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම අංක එකට ගෙනිහින්, ලෝක කුසලානයේ අවසානයටම ගෙනිහින්, රටට ගෞරවය ගෙනාපු අසාර්ථක නායකයෙක් එයා.

ජාත්‍යන්තර විචාරකයෝ නම් කියනවා මෙයා තමයි ලංකාවෙන් බිහිවෙච්චි විශිෂ්ටතම නායකයා කියලා. ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. ඒ කතාව ඇත්ත නම් මිනිහා රටේ ජනාධිපති වෙලා ඉන්න එපැයි. මේ බොරු පිම්බිලි හින්දා එයා හරී පණ්ඩිතයි. හිතන් ඉන්නේ ක්‍රිකට් සම්බන්ධ ඕන ගැහිල්ලක් එයා දන්නවා කියලා.

ක්‍රිකට් සම්බන්ධයෙන් ගැසිල්ලට දක්ෂයින් තව කොතෙකුත් ඉන්න බව මහේල දන්නෙ නෑ. ඒ අයට මහේල වගේ නාලන්දාව වැනි ලොකු ඉස්කෝලවලට ගියේ නැති හින්දා අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ. එස්. එස්. සී. වගේ ක්ලබ් වලට ගහපු නැති හින්දා ශ්‍රී ලංකා ටීම් එකට ගහන්න බැරි වුනා. ඒ වුනාට කවදා හරි ශ්‍රී ලංකාවට ගහනවා කියන අධිෂ්ඨානය මේ ගොල්ලලොත් හිතින් අත් හැරියේ නෑ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දැන් මහේල ක්‍රිකට් ගහලා ලෝක වාර්තා තියලා විශ්‍රාමත් ගිහිල්ලා. ඒත් එදා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට වරම් නොලද මේ ක්‍රීඩකයෝ තාමත් ලංකාවට ගහනවා. රිදෙන්නම ගහනවා. ලංකාවටම ගහලා ලෝක වාර්තාත් තියනවා.

මහේල දන්න ක්‍රීඩාවේ ගැහිල්ල හතරේ සීමාවෙන් ඉවර වෙනවා. ඒත් මේ ක්‍රීඩකයෝ දන්නවා එතැනින් එහාට ගහලා තමයි හොදටම රැස් කරන්න පුලුවන් කියලා. ඒ හින්දා ඒ ගොල්ලෝ ස්ටේඩියම් පිටින් ගහනවා.

ලංකාවට ආපු එංගන්තෙ කණ්ඩායමට උපදෙස් දීලා වරක් මහේල ද්‍රෝහියෙක් වුනා. ඒත් ක්‍රිකට් නොගහන චීනෙට රට පිටින් දුන්නම වීරයෙක් වෙන්න පුලුවන් කියලා මහේල දන්නෙ නෑ. අපි එහෙමයි අලුත් රටවලට ක්‍රිකට් ප්‍රමෝට් කරන්නේ. තව ටික කාලෙකින් චීන ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන්නත් අපේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා. මහේලලට බැරි වුනානේ ක්‍රීඩාව මේ විදියට ජාත්‍යන්තරේට ගෙනියන්න. අපරාදෙ හිටියනම් මහේලට චීන ටීම් එකෙත් කැප්ටන් වෙන්න තිබුණා.

දැන් මහේල මොකද කරන්නේ? ලෝකේ තියෙන පෝසත්ම ක්‍රිකට් ක්ලබ් එක වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙලා කුසලාන පිට කුසලාන දිනමින් වසරකට කෝටි ගණන් උපයනවා. එයා අන්තර්ජාතික වුනාට ලංකාවේ හැම ක්‍රීඩකයටම එහෙම වෙන්න බෑනෙ. එතකොට ඒ ක්‍රීඩකයෝ හම්බු කරන්නේ ගමේ ගරවුන්ඩ් එකෙන් ගහලා. මොකෝ මේ මිනිස්සු ඉන්දියාවේ ගිහින් ස්ටේඩියම් හදන්නයැ.

දැන් මහේල කියයි ඕන නම් ඉතිං යාපනේ ග්‍රවුන්ඩ් එකක් හදන්න තිබ්බනේ කියලා. ඒ වගේද ගමේම ඉදන් ඉන්ටර්නැෂනල් ගේම් ගහද්දී. අනික හොදම ගැසිල්ල තෝරන තරගය ආවම යාපනේ එවුන් චන්දෙ දෙන්නෙත් නෑනේ.

මහේල, ඔයාට මේ ගැහිල්ල ගැන තේරෙන්නෙ නෑ. ලංකාව ලෝකේ ඉහළම තැනට ගෙනිහිල්ලා ඔයාගෙ හොදම ප්‍රතිවාදියා වුණු සංගාට නායකකම දීලා අයින් වුණු කෙනානෙ ඔයා. මේ සෙල්ලමේදී නම් නායක කම බාර දෙන්නේ ළමයින්ට. බැරිම වුනොත් විතරක් සහෝදරයෙක්ට.

ඒ හින්දා මහේල, ප්ලීස් නොදන්න දේවල් කතා නොකර ඉන්නවද?

Share69Tweet43
Previous Post

අස්කරන්න දෙයක් නෑ… ශ්‍රී.ල.නි.ප. යෙන් නිල වශයෙන් ඉවත් වෙලා මාස 03 යි

Next Post

ශ්‍රී දළදා මාළිගාව යළි බැතිමතුන්ට විවෘත කිරීමේ සැලසුමක්

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.