ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තමන් නිල වශයෙන් ඉවත් වී මාස තුනකට අධික කාලයක් ගත වූ බවත්, එවන් පසුබිමක යළි තමන්ව ඉවත් කිරීමට පක්ෂය ගත් තීන්දුව හාස්‍යජනක බවත් පෙරේදා (18) දා රැස් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂයෙන් නෙරපා හල බව කී මහින්ද සමරසිංහ පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවේ දී ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීම පිළිබඳව ගත් තීන්දුව සම්බන්ධයෙන් කළ විමසුමකදී ය. ඔහු පවසන්නේ ඔහු පොදුජන පෙරමුණේ සාමාජිකත්වය රැගෙන දැනට මාස තුනකට වැඩි කාලයක් ගත වී ඇති බවය.
මහින්ද සමරසිංහ ශ්‍රී.ල.නි.පයෙන් ඉවත් කිරීමේ යෝජනාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මධ්‍යම කාරකසභාවට ඉදිරිපත් කළ අතර ඊට එම කාරක සභාවේ කිසිදු විරුද්ධත්වයක් මතු නොවීය
මේ ආකාරයට වෙනත් පක්ෂ සමග එක් වී සිිටින සිය පක්ෂයේ සියලු දෙනා ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රෙපා හරින බව එහි මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.