අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මණ්ඩපෙ බිඳලා…. ඩෝසර් කරලා….. බුවනෙකබා… ආ…බුවනෙක..බා…

by editor
ජූලි 24, 2020
in කොලම
Share on FacebookShare on Twitter

 සුරත් ද මැල් –

බුවනෙකබා රාජසභා මණ්ඩපය ඉදිරියට ඇවිත් හිසේ අත තබාගෙන බිම වාඩි වුණා. ඇත්තම කිව්වොත් බිම ඉන්දුණා. හිසේ තිබූ අත පපුවට ගියා. එයාට ඉකි ගැහුණා.

“ඈ…ත් ගොසින්ය…
ඈ…ත් ගොසින්ය…
ඇයි සුදු පෙම්බරි ඔබවත් නොසිටියේ?..”

බුවා වැලපීමට පටන් ගත්තා. මේ පලහිලව්ව බලාගෙන හිටපු මාධ්‍යවේදී කොම්බුවා හෙමින් සැරේ බුවාට කිට්ටු කළා.

“ඩෝසර් කරාම කොහොමද ඉතිං කවුරැවත් ඉතිරි වෙන්නේ? පැනලා යන්නැති”

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කොම්බුවා බුවාට කිව්වා. බුවා හැරිලවත් බැලුවේ නෑ. ආයේ වැළපෙන්න ගත්තා.

“කවන්නිය…
පොවන්නිය…
මා ගැන බිය වන්නිය…”

කොම්බුවා හරිබරි ගැහිලා බුවා ලඟින් වාඩි වුණා.

“ඔහේ ඔය වැළපෙන්නෙ අරයැයි ගැනද?”

කොම්බුවා ඇඟට පතට නොදැනී ඇහුවා.

“ඔහේ කවුද?” රජ බුවා නෝක්කාඩුවට ඇහුවා.

“මම අනාගතෙන් ආවේ. රටටම බෙදන මාධ්‍ය බුවා, කොම්බුවා”

“මම බුවා”

“අපි දන්නවා. ඔහේනේ නගරාධිපතිගෙන් අහන් නැතිව නැතිව අනවසර ඉදිකිරීමක් කරපු රජ බුවා?”

“කවුද නගරාධිපති කියන්නේ?”

“ඌ තමයි දවසකටවත් බුවා! මේක බිමට සමතලා කරපු වැන්ද බුවා” මාධ්‍ය බුවා රජ බුවාට පැහැදිලි කළා.

“එතකොට නගරාධිපති රජ්ජුරුවන්ටත් වැඩිය බලගතුද?” රජ බුවා ඇහුවා.

“නෑ නෑ එයා වර්තමාන රජුගෙ යටහත් පහත් සේවකයෙක්. හැබැයි ලොක්කත් එක්ක ගේම ඉල්ලන ඕන බුවෙක් ඩෝසර් කරලා තමයි එයා නවතින්නේ” කොම්බුවා කිව්වා.

“මේක හරිම අසාධාරණයක් නෙ? ඒ කාලේ තිබුණු වීථි රේඛා වලට අනුව තමයි මගේ චීෆ් ආකිටෙක්ට් මේක ඩිසයින් කළේ. මට බැරිද නීතියෙ පිහිට පතන්න?” රජ බුවා ඇහුවා.

“බුවා දන්නවනෙ ඉතිං. නීතිය කියන්නේ රජ්ජුරුවෝ. ඔයාගෙ මාළිගාව කැඩුවට එයාගෙ මයිළකටවත් අත තියන්න දෙන්නෙ නෑ කියලා තමයි කියන්නේ. ඔහෙත් ඉතිං රජකම් කරලා තියෙනවනේ, මේවා අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනෙ” කොම්බුවා ආඩම්බරයෙන් කිව්වා.

රජබුවා නැවත වැළපෙන්නට ගත්තා.

“මම දැන ගතිමි.
මම සැක කළෙමි.
මම දැන ගතිමි.
මම සැක කළෙමි.
මා…. සොදුර….
මා…. සොදුර….
මා ….සොදුර…..”

“රජ කම් කළත් කළ කම් ඵළ දෙනවා කියන්නේ ඕකට තමයි. ‘බුවා’ කියලා දකින දකින ඔක්කොන්ටම ඔබන්න ගියාම ඉතිං ඔහොම වෙනවා” කොම්බුවා කිව්වා.

“මොකක්?” රජ බුවාට තද වුණා.

“නෑ. මම කිව්වේ ඔහේගේ එක බිරියක් මුස්ලිම්ලු නේ?

“ඒක ඉතිං ඩෝසර් කරන්න තරම් වරදක්ද කොම්බුවෝ? උඹළ⁣ගේ රජ්ජුරුවන්ට වෙන ආගමික බිසවුන් නැතෙයි?”

රජබුවා වරදකාරී හැඟුමෙන් ඇහුවා.

“පිස්සුද බුවා? අපේ රටේ දැන් සියලු ජනවර්ග එක වහලක් යට ඉන්නේ. කොටින්ම අපි උප්පැන්නෙන්ම ඔය ජාති බෙදීම් ඉවත් කළා” කොම්බුවා සතුටින් කිව්වා.

“අනේ එහෙනම් අනාගතේවත් මේ වගේ වින්නැහි වෙන එකක් නෑ නේද?” රජ බුවා ඇහුවා.

“නෑ නෑ. උන් ඔක්කොමත් ඩොසර් කරලා දැම්මම මේ ⁣වාගේ ප්‍රශ්න ආයේ එන්නෙ නෑ”

රජ බුවාට හීන් දාඩිය දැම්මා. එයා නැගිටලා නටන්න ගත්තා.

“සොහෝයුරා නම් ඔළ මොළ ගති ඇති.. ඔබ මෙන් මුදු නැත…
ඔහුගේ බසට ද අවනත වූයේ?”

රජ බුවා විකාර කීමට ගත් නිසා කොම්බුවා කැමරාව ඕෆ් කර දැම්මා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරට හෙට ඇඳිරි නීතිය ද?… පෙරහර මංගල්‍යයත් සමග මිනිස්සු දෙලොවක..

Next Post

සක්වල පුබුදන සාධු නද නිහඬ කර හෙට වීදි සරණ හුදකලා පෙරහර මංගල්‍යය

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.