ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ ගෞරවය වෙනුවෙන් අපේක්ෂා කළ ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ අද ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 05කින් පරාජය කරමිනි.
ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරග පහකින් සමන්විත විස්සයි 20 තරග මාලාවේ මෙල්බර්න්හි අද පැවැත්වුයේ අවසන් තරගයයි. තරග හතරක් ජය ගෙන ඔස්ට්‍රේලියාව පසුවූයේ තරගාවලිය ජයග්‍රහණයත් සමගිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම තේරුවේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කරගත්තේය. ලකුණු 154 රැස්කිරීමේ දී කඩුලු 06ක් බිඳ වැටී තිබිණි.
ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් ලකුණු 08කට දැවී ගියේය. බෙන් මැක්ඩොමොට් ලකුණු 03 කට දැවී ගියේ. ඉනිමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ය. ඔහු හයේ පරහ දෙකක් සහ හතරේ පහර දෙකක් සමග පන්දු 27ක දී නොදැවී ලකුණු 43ක් රැස් කළේය. ජොෂ් ඉන්ගිස් ලකුණු 23ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුනු 29ක් රැස් කළේය. ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක් හිමි විය.
පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 34ට කඩුළු 02ක්, දුෂ්මන්ත චමීර ලකුණු 30ට කඩුළු 02ක්, ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 29ට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 32ට කඩුල්ලක් බිඳ හෙළුවේය.
පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූයේ කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංකය. පැතුම් ලකුණු 13ක් ලබා තිබිය දී දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක යොවුන් පිතිකරු කමිල් මිෂාර එක් ලකුණක් ලබා සිටිද්දීත්, ජනිත් ලියනගේ ලකුණු 08ක් ලබා සිටියදීත් දුවද්දී දැවී යාමට හසු විය.
චරිත් අසලසංක පන්දු 9ක දී ලකුණු 20ක් ලබා ගත්තේය.
තරගය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට රැගෙන ආවේ කුසල් මෙන්ඩිස් හා නායක දසුන් ශානකය. කුසල් මෙන්ඩිස් පන්දු 58ක දී මනරම් ලකුණු 69ක් නොදැවී වාර්තා කළේය. දසුන් ශානක පන්දු 31ක දී ලකුණු 35ක් ලබාගෙන ජයග්‍රහණයට එක් ලකුණක් පමණක් පසුපසින් සිටිය දී දැවී ගියේය. ඒ වනවිට ජයග්‍රහණය සඳහා පන්දු දෙකක් තුළ එක් ලකුණක් ලබා ගත යුතුව තිබිණි. චාමික කරුණාරත්න එම ලකුණ ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 05ක ජයග්‍රහණයක් වාර්තා කළේය.