කීර්ති ප්‍රනාන්දු –
ඇල්ල නගරයේ වන් ලව් හෝටලයේ උඩු මහලින් ඇද වැටී මිය ගිය 28 හැවිරිද සීඩා ජෙකොබ් ( sida jakub) නැමති චෙක් ජාතිකයා ගේ මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ජේ.එම් . වීරතුංග විසින් සිදු කරනු ලැබුවේය.
මේ වනවිට මරණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ චෙක් තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඒ හරහා මිය ගිය තරුණයාගේ ඥාතියෙක් ගෙන්වා ගැනීමට නියමිත බවත් ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවත් ඇල්ල පොලිසිය ප්‍රකාශ කළේය.
මේ වන විට දේහය බදුල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.