අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මිනිස්සු කපා කොටා දමන කොටදෙනියාව චීවර ධාරියාගේ අල්කයිඩා මැර කල්ලිය…

මැරකම් වලට චීවරධාරීන් දෙදෙනෙක් සම්බන්ධයි...

by editor
පෙබරවාරි 20, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

වේයන්ගොඩ ඉන්දික තුෂාර –

  • චීවර ධාරීන් දෙදෙනා ඇතුළු සිවු දෙනෙක් වියපත් යුවලක් කපා කොටා ඝාතනය කරන්න හදලා… වියපත් කාන්තාව අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ…

  • චීවර ධාරීන් දෙදෙනා බීමත්ව කොහු මෝලක චීවරය එලාගෙන නිදාගෙන ඉද්දි පොලිස් අත්අඩංගුවට..

කොටදෙනියාව වත්තෙමුල්ල ගම්මානයේ පදිංචි අල්කයිඩා නමින් හඳුන්වන පවුලක් ගැන මේ දවස්වල ගම්මු භීතියෙනි. විශේෂත්වය වන්නේ මේ අල්කයිඩා අන්වර්ථ නාමයෙන් හඳුන්වන පවුලේ මැරයින් අතර චීවර ධාරීයෙක් සහ එම චීවරධාරියේ හිතවත් තවත් චීවරධාරියෙක් ද සිටීමය.

මේ මැර පවුල ගැන ඔබත් හොඳින් දන්නේය. කොටදෙනියාව ගමේ  මාසයක් පුරා   අතුරුදහන්ව සිටි වයස අවුරුදු 10 සහ 12 වයස්වල දරුවන් දෙදෙනා ගැන මතක ඇතැයි සිතමු. පවුලේ 09 දෙනෙකි. අතුරුදහන් වූයේ බාලම දරුවන් දෙදෙනාය.   මේ කියන්නේ ඒ දරුවන් දෙදෙනා අයිති  පවුලේ  ඔවුන්ගේ වැඩිමහලු සහෝදරයන්  ගැනය.

මැරයින්ගේ නිවස…

මේ මැරයින්  ප්‍රදේශයම භීතියට පත් කරවමින් මංකොල්ලකෑම්, කඩුවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයය.  ඒ පවුලට අල්කයිඩා කියන්නේ ඒ නිසාය.

මේ දාමරිකයින්  විසින් සිය අණසක පතුරවමින් සිදුකරනු ලබන පහරදීම්, තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකිරීම් , මංකොල්ල කෑම් ඇතුළු දාමරික ක්‍රියා හේතුවෙන් වත්තෙමුල්ල ගම්මානයේ ජනතාව කලක සිටින්නේ දැඩි භීතියෙනි .  අල්කයිඩා නමින් හඳුන්වන මෙම පවුලේ සාමාජික මැරයින් විසින්    සිදුකල  ආසන්නම මැරකම     වාර්තාවන්නේ  ඉකුත් 15  වන දා ය.  ඒ එම ගම්මානයේම වෙසෙන අඹු-සැමි යුවළක් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමය. මේ යුවල මාරක පහර කෑමකට ලක් වන්නේ එම නිවසේ සිටි අවුරුදු 03 සහ 06 වයස්වල දරුවන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කිරීමට යෑමේ සිද්ධියක් බේරා ගැනීමට ගොසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දරුවන් බේරා ගැනීමට යෑම නිසා මැරයින් විසින් කපා දැමූ වත්තමුල්ල ප්‍රදේශයේ පදිංචි ජී.ජී. වික්‍රමසිංහ (67) වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින්…

ඒ සිද්ධියෙන් පසු මේ සන්නද්ධ මැරයන් සම්බන්ධව ගැමියන් ඉන්නේ හොඳටෝම බියපත්වය.  සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

මේ පවුලේ චීවරයක් පොරවාගත් පුද්ගලයකු  සහ ඔහුගේ තවත්  සහෝදරයන් තිදෙනක්  ඉකුත් 15  වන දා බීමත්ව  ගම්මානයේ ජනතාවට බැනවදිමින් සැරිසරා තිබිණි. ඒ අවස්ථාවේ ඒ පිළිබඳව ගම්වාසීන් සහ  ප්‍රදේශයේ තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ව   කොටදෙණියාව පොලිසියට දැන්වූයේය.

පැමිණිල්ලට අනුව  කොටදෙනියා පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට එදින (15) පැමිණියහ.    එම අවස්ථාවේ  අල්කයිඩා පවුලේ හිමිනම ඇතුළු සහෝදරයින් තිදෙනා නිවසින් පැන  කැලෑවැදී සැඟවුනහ. මෙම අවස්ථාවේ මෙම චීවරධාරියා සමග තවත් ඔහුට හිතවත් චීවරධාරියෙක් ද  සිට ඇත.

පසුව පොලිස් නිලධාරීන් ගම්වාසීන්ද සමඟ චීවරධාරීන් දෙදෙනා ඇතුළු  අල්කයිඩා පවුලේ පුද්ගලයින් සොයා ගම්මානයේ  සැරිසැරූහ.  අතර එහිදී සිදුව ඇත්තේ කිසිවකුටත් සිතාගැනීමට නොහැකි ඛේදනීය කතාවකි.ගම්වාසීන් විසින් අල්කයිඩා සහෝදරයෙක් සොයා ගම්මානයේ සැරිසැරූ අවස්ථාවේ ක්ෂණිකව කැලෑබදව සැඟව සිටි අල්කයිඩා චීවරධාරී පුද්ගලයා  සහ ඔහුට  හිතවත් තවත්  හිමිනමක් ඇතුළු සහෝදරයන් දෙදෙනකු  කෝපයට පත්ව  ඔවුන් සෙවීමට එක්වූ කණ්ඩායමේ එක් පුද්ගලයෙකුගේ නිවසට   ඇතුළු වී එම නිවසේ  සිටි  වයස අවුරුදු  3 ක් සහ වයස අවුරුදු 6 ක් වන දැරියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත් කර ඇත.

එම අවස්ථාවේ එම  නිවසෙහි රැඳී සිටී  යාබද නිවසක වයෝවෘද්ධ යුවලක්   මැදිහත්ව එම දැරියන් දෙදෙනා ගේ ජීවිත බේරා ගැනීමට උත්සාහ කර ඇත.   ඊට උරණවූ   අදාල චීවර ධාරීන් දෙදෙනා සහ අල්කයිඩා පවුලේ  සහෝදරයන් දෙදෙනා එම අඹුසැමි යුවළ  කඩු වලින් අමානුෂික ලෙස කපා දමා බරපතළ තුවාල සිදු කර තිබේ.

පසුව හිමිනම ඇතුළු සහෝදරයන් තිදෙනා  ගම්මානයේ  කැලෑබද ප්‍රදේශයක ට පැන  සැඟවී ඇත.     බරපතළ තුවාල ලැබූ වයෝවෘද්ධ යුවළ වහාම වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.  ඉන් ඉතා අසාධ්‍ය තත්වයේ   පසුවූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

රෝහල් ගතකර ඇත්තේ වත්තමුල්ල ප්‍රදේශයේ පදිංචි ජී.ජී. වික්‍රමසිංහ (67) සහ ඔහුගේ බිරිඳ වන ඊ.කේ. කුසුමාවතී (66) යන දෙදෙනෙකි.

පසුව ගම්වාසීන් සහ කොටදෙණියාව  පොලිසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම්  ක්‍රියාත්මක කර  මෙම සාහසික අපරාධය සිදුකල සැකකරුවන් සිවුදෙනා  ප්‍රදේශයේම කොහු මෝලක සිටින බව දැනගෙන  මෝල වට කර ඇත. ඒ අවස්ථාවේ සිවුරක් එළා ඒ මත නිදාගෙන සිටි දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි. අනෙක් දෙදෙනා පලා ගොස් ඇති බව වාර්තා විය.

අත්අඩංගුවට ගත සැකකාර චීවරධාරීන් දෙදෙනා  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්  බන්ධනාගාර ගත කෙරුණු බවත් අනිත් සැකකරුවන් සොයා විමර්ශන සිදුකරන බවත් ඒ සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම් 2 ක් යොදවා ඇති බවත් කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන් පුෂ්පකුමාර කීවේය.

මැරයින් අත්අඩංගුවට ගන්නැයි ගම්වැසියන් උද්ඝෝෂණයක…

කපා කොටා බරපතළ තුවාල සිදුකල අල්කයිඩා පවුලේ පලා ගිය අනිත් සහෝදරයන් දෙදෙනා මේ වන විටත් ගම්මානයේ සැරි සරමිනි.  කැලෑබදව හැසිරෙන මෙම පුද්ගලයින් නිසා ගම්මු භීතියට පත් වී සිටිති. ඔවුන් බොහෝ විට දිවා රාත්‍රී දෙකෙහිම භීතියට පත්ව නිවෙස්වල දොරගුළු ලාගෙනය.

කොටදෙණියාව පොලිසියෙන් අප කළ විමසීමකදී කොටදෙනියා පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ අදාල චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් අධික ලෙස බීමත්ව සිටි අතර චීවරයද ගැලවී තිබූ බවය.

දරුවන් නව දෙනෙකුගෙන් යුත් මැර පවුලක මැර ක්‍රියා කලාපය ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් බාදුරාගොඩ වත්තෙමුල්ල  ප්‍රදේශවාසීහු අද  20 උදේ දිවුලපිටිය මීරිගම මාර්ගයේ වත්තෙමුල්ල    හන්දිය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුනහ .

ගමේ  වයෝවෘද්ධ යුවල  කපා කොටා දමා සතියක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවට   පවසමින් ගම්වාසීහු අද (20) මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගය වත්තෙමුල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් පැයක පමණ කාලයක් උත්ඝෝෂණයක යෙදුනහ.  එහිදී  දිවුලපිටිය මීරිගම මාර්ගයේ වාහන ගමනා ගමනයටද  බාධා පැමිණිනි.

මේ අවස්ථාවේ  පල්ලවෙල පොලිසියේ නිලධාරින් මැදිහත්ව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත් අතර කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර   ඇතුළු නිලධාරීහු පසුව එම  ස්ථානයට පැමිණීමෙන් පසු ජනතාව ඔවුන්ගේ දුක්ගැනවිලි පොලිසිය වෙත ඉදිරිපත් කළහ.

එහිදී අදහස් දැක්වූ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන ඇතැයි ද  සැකකරුවන් හැකි ඉක්මනින්  අල්ලා නීතිය හමුවට පැමිණවීමට සියලු පියවර ගන්නේ යැයි ද ජනතාවට සහතික විය.

එසේ අත්අඩංගුවට ගැනීමට තමන් අපොහොසත් වුවහොත් තමන් සිය ස්ථානාධිපති දුරයෙන් ඉවත්වන බවද පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර පැවසීය. අනතුරුව උත්ඝෝෂයෝ  විසිර ගියහ.

පසුව පලාගොස් සිටින   සැකකරුවන් දෙදෙනා ගම්මානයේම නිවසක සැඟව  සිටින බවට ගම්වාසීන් විසින්  ලබාදුන් තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවාස  සෝදිසි කිරීමකට ලක් කල නමුත් එම අවස්ථාවේ සැකකරුවන් එහි නොසිටි බව පොලිසිය පැවසීය.

 මැරයන්ට එරෙහිව අද  කොටදෙණියාවේ පැවති උද්ඝෝෂණය…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඥාතීයෙක් එන තුරු චෙක් තරුණයාගේ සිරුර බදුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ…

Next Post

කොස්තාපල්වරියගේ ආදර උගුලට හසුවී පොලිස් දැලේ පැටලුණු කොල්ලකාර පෙම්වතා!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.