පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරගය විශිෂ්ට හඹායෑමකින් අනතුරුව කඩුලු 05කින් ජයගැනීමට මීට ස්වල්ප වෙලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමු පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඔවුහු අක්‍රමණශීලී පිතිකරණයක යෙදෙමින් කඩුලු 09ක් දැවී ලකුණු 296ක් ලබාගෙන ලකුණු 297ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.
විශිෂ්ට පිතිකරණයක නිරතවුණු ෂේන් විලියම්ස් පන්දු 87ක දී ලකුණු 100ක් ලබා ගත්තේය.
රෙගිස් චිකබ්වා පන්දු 81ක දී ලකුණු 72ක් සහ ටකුඩ්ස්වනසි කයිටනෝ ලකුණු 42ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 02ක්, චාමික කරුණාරත්න කඩුලු 03ක්, ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 02ක් සහකමිඳු මෙන්ඩිස් කඩුල්ලක් ලබා ගත්තේය.
හඹා යෑම ආම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ මෙතෙක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංකය. ආරම්භක සම්බන්ධතාවය එතරම් සාර්ථක වූයේ නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 26කට දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 40කි. අනතුරුව පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් ලකුණු 17කට දැවී ගියේය. ඔහු පන්දු 24කට මුහුණ දුන්නේය. කමිඳු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 82කි. ඉන් අනතුරුව පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. පැතුම් නිශ්ශංක තුන්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වන විට ලකුණු 75ක් ලබාගෙන තිබිණි. ඔහු පන්දු 71කට මුහුණ දුන්නේය. ඒවනවිට මුලු ලකුණු සංඛ්‍යාව 147කි. පන්දු ඕවර 24.4ක් යවා තිබිණි.
දිනේෂ් චන්දිමාල්ට එක්වු චරිත් අසලංක වෘත්තිමය පිතරකරණයක නිරත වූහ. පන්දු 91කට මුහුණ දී ලකුණු 75ක් ලබාගෙන සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 276කි. තරගයේ අවසානය පෙනි පෙනී මුලු ලකුණු සංඛ්‍යාව 292ක්ව තිබිය දී චරිත් අසලංක ලකුණු 71කට දැවී ගියේය. ඔහු පන්දු 68කට මුහුණ දී තිබිණි. චරිත් දැවී ගියේ තරගයේ 47 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දීය.
පිටියේ රැඳී සිටි දසුන් ශානක සහ චාමික කරුණාරත්න පන්දු ඕවර 48.3ක දී ලකුණු 297 ඉලක්කය පසු කර ගියහ. ශ්‍රී ලංකාව ලකුණු 300ක් වාර්තා කළේය. පන්දු නවයක් ඉතිරිව තිබිය දී කඩුලු 05ක ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පන්දු යැවීමේ දී රිචාඩ් න්ගරවා ලකුණු 56ට කඩුළු 03ක් ද, සිකන්ඩර් රාසා ලකුණු 23ට කඩුලු 01ක් ද, බ්ලෙසින් මුසරාබානි කඩුලු 01 ද ලබා ගත්තේය.