අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

සමාජ දුරස්ථභාවයේ අධ්‍යාපන පිහාටුව e learning

by editor
මැයි 14, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතය ලෝකයට පැමිණීම, ජීවිත බේරාගැනීම වෙනුවෙන් පුද්ගල දුරස්ථභාවය රැකගන්නට සිදුවීම යන සංසිද්ධීන් ආදී නූතන ලෝකය මුහුණ දෙන අභියෝග හමුවේ වුවද අධ්‍යාපනය යනු නොකඩවා සිදුවිය යුත්තකි. එය කළ හැක්කේ අලුත්වූ තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන්ම පමණක් බව ගෙවී ගිය මාස 2ක් වැනි කාලයකදී ශ්‍රී ලාංකිකයන් ද මුහුණ දුන් යථාර්ථයයි.

දැන් ලෝකය පූර්ණ වශයෙන් හුරු විය යුත්තේ  Distance education නැතිනම් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද කෙරෙහිය. ලෝකයේ අද උදා වී ඇති තත්ත්වයත් සමඟ ලොව පුරා දරුවන් පූර්ව ළමාවිය අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම හැකි උපරිමයෙන් Online Education වෙත යොමු කරවන ලෙස යුනෙස්කෝ සංවිධානය පවසා තිබේ. කොරෝනා වසංගත අධික වූ කාලයේදී මෙරට තුළ පාසල් සම්පූර්ණයෙන්ම වසා දැමුණු අවධිය තුළ අධ්‍යාපන කටයුතු සිදුකළේ e-learning ආදි අධ්‍යාපනය සදහාම වෙන්වූ Reddit, Medium ආදි වෙබ් අඩවි, ඊ-වැඩසටහන්, මෘදුකාංග මෙන්ම Zoom, MS teams, Whatsapp, Viber, imo, Facebook, Twitter, Youtube, skyp, ආදි සමාජ ජාල මගිනි.

ලෝකයේ ඇතැම්  රටවල් මෙම ක්‍රමවේදයන් සාර්ථකව අත්හදා බලා තිබුණේ කොරෝනා වසංගතය පැමිණීමටත් බොහෝ කාලයකටත් පෙර සිටය. නමුත් අප වැනි තුන්වැනි ලෝකයේ රටවල් එවැනි තත්ත්වයකට මුහුණ දීමට පූර්ණ වශයෙන් සුදානම් සිටියේ නැත. මෙරට ප්‍රාථමික සහ ද්විතීක  අධ්‍යාපන ක්‍රමය ලෝකයට සාපේක්ෂව අලුත්වන තාක්ෂණය කෙරෙහි එතරම් ගෝචරව සිටියේ නැත.

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අලුත් දෙයක් සේ අපට හැඟුනද එහි අතීතය 1728 තරම් ඈත යුගයට දිව යයි. තැපෑල භාවිත කරමින් අධ්‍යාපන කටයුතු ඇරඹුණු දුරස්ථ අධ්‍යාපනය අද වනවිට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිත කරමින් ඉගෙන ගන්නා තැන තෙක් විකාශනය වී තිබේ. පාසලක හෝ අධ්‍යාපන ආයතනයක දීර්ඝ පාඩම් මාලාවක් විනාඩි කිහිපයකින් බාගත කිරීමට, කියවීමට මෙන්ම නිවසේ, මහමග, මෙන්ම දුෂ්කර චාරිකාවක නිරතව සිටියදී අසමින් ගමනේ යෙදීමට පවා පහසු වන ආකාරයේ ස්මාර්ට්  අධ්‍යාපන ක්‍රමවේද දවසින් දවස අලුත් වෙමින් තිබෙනු අසන්නට ලැබේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

දැනුම ගෝලීයව ව්‍යාප්ත කිරීමේ නවතම ක්‍රමවේදයක් ලෙස ‘Massive Open Online Courses’ (MOOC ) හදුන්වා දිය හැකි ය. මේ තුළ අද වන විට අසීමිත ලෙස පාඨමාලා නිර්මාණය වෙමින් තිබේ. කැමැති අයෙකුට කැමැති පරිදි කැමැති ලොව ඕනෑම රටක පාඨමාලාවක් නිවසේ සිට පහසුවෙන් හැදෑරීමේ අවස්ථාව ද උදාකොට ඇත. එහෙත් මෙරට සරසවි අධ්‍යාපනයද දුරස්ථ අධ්‍යයන කටයුතු වෙනුවෙන් පූර්ණ සූදානමක නැත. මෙරට ඇතැම් සරසවිවල නිවැරදිව යාවත්කාලීනවල වෙබ් අඩවියක් හෝ විභාග සඳහා අයදුම් කළ හැකි ඔන්ලයින් පහසුකම්වත් නැත. නමුත් ජාත්‍යන්තරයේ විශ්ව විද්‍යාල සිය සරසවිවලටම වෙන්වුණු සමාජජාල නිර්මාණය කරගෙන තිබේ. නිදසුනක් ලෙස අප භාවිත කරන ෆේස්බුක් යනු හාවඩ් සරසවියේ සිසුන් වෙනුවෙන් ප්‍රථමයෙන් නිර්මාණය වූ මෘදුකාංගයකි. 2004 වසරේදී හාවඩ් සරසවිය වෙනුවෙන් පමණක් නිර්මාණය වූ ෆේස්බුක් 2020 වනවිට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර විසිරි පැතිරී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ අගනගරය කේන්ද්‍රකරගත්  උසස්පෙළ ටියුෂන් ගුරුවරු නම් යූ ටියුබ් ඔස්සේ සිය ප්‍රචාරණය සේම ඉගැන්වීමද යහමින් සිදු කරගෙන යති. එය තාක්ෂණික අධ්‍යාපන ගමන් මගේ යහපත්  ප්‍රවණතාවකි. දැන් දැන් එම ක්‍රමවේදය අගනගරයෙන් ඈතට ද විහිදී ගොස් තිබේ. මෙරට රූපවාහිනී ආයතන නිවෙස්වල සිටින දරුවන් වෙනුවෙන් ඊ තක්සලාව ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රශංසනීයය. ස්මාට් තාක්ෂණය තවමත් අතපත නොගෑ සිසු දරුවන් වෙනුවෙන් එය යම් අස්වැසිල්ලකි.

අද ලෝකයේ අධ්‍යාපන ආයතන අතර භාවිත වන ජනප්‍රිය සමාජ මාධ්‍ය කිහිපයක් අපි මෙසේ නිදසුන් ලෙස දක්වමු.  Stanford Online, Harvard Extension, Open Yale Courses, MIT OpenCourseWare, Codecademy, University of London Podcasts, University of Oxford Podcasts, National Geographic Kids ආදිය ය.

Online පාඨමාලා නිර්මාණය කරගැනීමට බොහෝ රටවලට පහසුකම් සැපයීම සදහා යුරෝපා සංගමය ( European Union) ඉදිරිපත් වී සිටියි. එමඟින් ලැබුණු සහයෝගය මත මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළුව ලෝකයේ රටවල් 06ක විශ්වවිද්‍යාල 14ක් එක් ව දේශගුණික වෙනස්වීම් පිළිබඳ Online පාඨමාලාවක් නිර්මාණය කරමින් සිටීම, පසුගියදා අසන්නට ලැබුණු සතුටුදායක පුවතකි. මෙවැනි Online පාඨමාලා හැදෑරීමේදී නියමිත වේලාවක්, නිලඇඳුමක්, පංති කාමරයක් වැනි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවලින් බැහැරව දරුවන්ට නිදහසේ දැනුම සොයාගෙන යෑමේ අවකාශය උදාවනු ඇත.

යම් විෂයකට අදාළව නවතම Online පාඨමාලා නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව ඇති පිරිසට සහයෝගය ලබාදීමට සූදානම් කණ්ඩායම් ද සිටි. යුරෝපා සංගමයෙන් ද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ‘Erasmus+’ (https://ec.europa.eu/programmes/erasmus-plus/node_en) ඒ අතරින් ප්‍රමුඛ වේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට Online පාඨමාලා නිර්මාණය කිරීම වෙනුවෙන් අරමුදල් සහ පහසුකම් සැපයීමට ඔවුන් ඉදිරිපත් වී සිටී. ඉතාමත් කෙටි කලකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන Online පාඨමාලා නිර්මාණය කරගැනීමට එමගින් අපට හැකියාව උදාකර ගැනීම අසීරු නොවේ.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සදහා වූ ආයතනය හෙවත්  “Organisation for Economic Co-operation and Development”  පසුගිය කාලයේ ජාත්‍යන්තර අධ්‍යාපනය ගැන පිළිබද ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඒ ඒ රටවල ප්‍රගතීන් පිළිබඳව වාර්තා කර තිබුණද  එම රටවල් අතරට ශ‍්‍රී ලංකාව අයත්ව තිබුණේ නැත. ඔවුන් ඉදිරිපත් කර තිබූ  තොරතුරු අනුව ගුරුවරයෙකුගේ කාලයෙන් 70%ක් සිසුන් සමග පන්තියේ ගත කරයි. ඉතිරි 30%න් කොටසක් ගුරුවරු ඉගෙන ගැනීමට වැය කරයි. ගුරුවරුන් ඉගෙනීමේ කාලය නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම විශේෂත්වයකි. මන්ද ගුරුවරු දැනුමෙන් යාවත්කාලීනනොවන තාක්  අධ්‍යාපනය ඉදිරියට යන්නේ නැත.

තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේද කෙරෙහි අප රට තුළ දී තිබුණේ අඩු අවධානයක් බව පැහැදිළිය. පසුගිය රජය සමයේ සියලුම පාසල් සිසුන් හට ටැබ් පරිගණක ලබා දීමට ගෙන ආ යෝජනාව එදා විවේචනයට ලක් වුවද අද එහි ප්‍රායෝගික බව අපට වැඩි වශයෙන් දැනෙමින් තිබේ. යම් හෙයකින් එය සාර්ථකව  ක්‍රියාත්මක වූවානම් අද ඈත දුර පළාත්වල දුවා දරුවන්ටද අන්තර්ජාලය භාවිත කරමින් දුරස්ථ අධ්‍යාපනයේ පිහිටෙන් සිය අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යන්නට ඉඩ තිබිණි.

එය ලෝකයටම පොදු කාරණාවක් බව මීට මසකට පමණ ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් කියැවිණ. ඒ ලෝකයේ දරුවන්ගෙන් හරි අඩකට අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පරිගණක පහසුකම් නැති බවයි. ඉතාම සීමිත රටවල් සංඛ්‍යාවක් හැරුණුකොට ලෝකයේ බහුතරයක් රටවල් දිළිඳු ආර්ථිකයක් ඇති රටවල්ය. මෙවන් ගෝලීය අර්බුදයකදී අධ්‍යාපනය මුහුණ දී ඇති වත්මන් ගැටලු මේවාය. නමුත් අනාගතය වෙනස් විය යුතුය.

 

Share69Tweet43
Previous Post

ලස්සන නර්ස් නෝනා කොවිඩ් අතරේ කියන කතා

Next Post

කට වටකර බැඳි Face mask

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.